උතුරු පළාත්සභාවේ දෙමළ දේශපාලන පක්ෂවල පොදු අපේක්ෂකයා හින්දු පූජකවරයෙක්…

දිනසේන රතුගමගේ –

ඉදිරි පළාත් සභා මැතිවරණය සදහා උතුරු පළාත් සභාවට දෙමළ දේශපාලන පක්ෂ වලින් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට  අද (18 ) තීරණය කොට තිබේ.

එම තීරණයත් සමගම ඔවුන් පොදු අපේක්ෂකයෙකුගේ නම යෝජනා කොට ඇති අතර විග්නේස්වරන් මන්ත්‍රීවරයාගේ ඉල්ලීම මත ඒ සඳහා තෝරා ගෙන ඇත්තේ යාපනයේ වේලන් සාමිවරයාය.

වේලන් සාමිවරයා  මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කොට සිටියේ උතුරේ දෙමළ දේශපාලන පක්ෂ කීපයක් විසින්  කළ ඉල්ලීමට අනුව තමන් ඒ ආරාධනය බාර ගන්නා බවයි.


දෙමළ දේශපාලන පක්ෂ කැබලිවලට වෙන් වී දෙමළ ජනතාවද භේද බින්න වී සිටින අවස්ථාවක ඔවුන් සියළු දෙනාම ඒකරාශී කිරීමේ වගකීම ආගමික නායකයින්ගේ යුතුකමක් බවත් ආගමික නායකයින්ට දකුණේ දේශපාලනයටද කරුණු අවබෝධ කොට දීමට ශක්තියක් ඇති නිසා තමන් දෙමළ ජනතාවගේ  යහපත උදෙසා එම ආරාධනය බාර ගත්  බවද කියා සිටියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනයේ   වේලන් සාමිවරයා යනු පසුගිය කාලයේ පොතුවිල් සිට යාපනයේ පේදුරුතුඩුව දක්වා දෙමළ දේශපාලන පක්ෂ පා ගමනක් සංවිධානය  කළ අවස්ථාවේදී ඊට අනුශාසකත්වය ලබා දෙමින් ඒය මෙහෙයවන ලද සාමිවරයාය.

Exit mobile version