ඉන්දියාවට එකක්… එක්සත් ජාතීන්ට එකක්… අපිට තව එකක්…

ගෝඨාභය ආණ්ඩුවෙ කිසිම විනිවිද බවක් හෝ සුරක්ෂිත බවක් නෑ... සම්පන්දන් යාපනයේ දී කියයි..

දිනසේන රතුගමගේ –

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රාජ්‍ය පාලනය තුළ විනිවිද භාවයක් හා සුරක්ෂිත භාවයක් නොමැතිවීම පිළිබඳව තමන් කණගාටුවට පත්වන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා ඊයේ 27 දා ජනමාධ්‍යවේදීන්ට ප්‍රකාශ කළේය.

උතුරු නැගෙනහිර ප්‍රදේශවල සංවර්ධනය සහ එම පළාත් වල වැසියන්ට දේශපාලනයේ නිරතවීමට හැකි පරිදි 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  සංශෝධනය මගින් පළාත් සභා ක්‍රමයක් ඇති වූ අතර එම ක්‍රමය ඔස්සේම යමින් දෙමළ ජනතාවගේ ප්‍රශ්නෙවලට විසඳුම් සොයන බවට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමු වී ප්‍රකාශ කළත් මේ වන විට රටේ සිදුවන්නේ වෙනත් ක්‍රියාදාමයක් බව සම්බන්ධන් මන්ත්‍රීවරයා පවසයි.

යෂිසි අකාෂි මහතාද ශ්‍රී ලංකාවට පැමිණ මේ ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එකඟ වූවත් ඊට අවස්ථාවක් ජනාධිපතිවරයාගෙන් නොලැබීම තුළ පෙනී යන්නේ රටේ ප්‍රශ්න විසඳීමට ඔහු තුළ විනිවිධභාවයක් හෝ සුරක්ෂිතභාවයක් නොමැති බවද දෙමළ ජාතික සන්ධානයේ නායකයා සඳන් කරයි.


මෙවැනි තත්ත්වයක් මත නව ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා ජනාධිපතිවරයාට ඉදිරිපත් කරණු ලබන යෝජනාවල ප්‍රයෝජනයක් නැතිවා මෙන්ම ඒ යෝජනාවල ආරක්ෂිත භාවයක් පෙනෙන්න්ට නොමැති බවද සම්බන්ධන් මන්ත්‍රීවරයා පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානය උතුරු නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් ගෙන යන දේශපාලන අරගලය කිසි විටකත්  නවතා දැමීමට තමන් හෝ තම පක්ෂය සූදානම් නොමැති බවද සම්බන්ධන් මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කොට තිබේ.

Exit mobile version