ආණ්ඩුවෙන් ඉවත් නොවන බව රාජ්‍ය ඇමති දයාසිරි “සිංහලෙන්“ කී හැටි!

කීර්ති ප්‍රනාන්දු  –

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානවලට පණ දෙමින් ප්‍රතිසංවිධාන වැඩපිළිවෙලක් දියත් කරමින් ඇත. ඇලහැර ගොවි උද්ඝෝෂණයට ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  පැවසුවේ තමන්ගේ ආණ්ඩුවකින් මෙවැනි තත්වයක් ගොවීන්ට ඇති වීමට ඉඩ නොදෙන බවය.  ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය දිගට හරහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පහර දෙන්නේය. ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් කියන්නේ හවුල්කාර පක්ෂ කනෙන් අල්ලා ඉවත් කළ යුතු බවය.  ඒ වැනි තත්වයක් තුළ සන්ධාන බලගැන්වීමේ දේශපාලන ක්‍රියාවලිය මුල් කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර   සමග ලංකසර අපි  සංවාදයකට එක් වුනෙමු.  අප නැගූ ප්‍රශ්නවලට රාජ්‍ය අමාත්‍යවරයා දුන් පිළිතුරුය.

ඇත්තටම ඉතාම අමාරුම කාල වකවානුවක ඉදිරිපත් වුණු අයවැයක්. රජයේ ආදායම් සියල්ල කඩා වැටිලා.  ඒ වගේම විශේෂයෙන්ම මේ රට ණය බරක ඉන්න රටක්. විශාල අසීරුතාවයක ඉන්න වෙලාවක්.  ඒ වෙලාවෙ ජනතාවට මේ  බර පටවන්නේ නැතිව ප්‍රධාන රක්ෂණ සමාගම්, ලීසිං සමාගම් වැනි ප්‍රධාන ව්‍යාපාරික ආයතනවලින්   ඍජු බදු අය කරගනිමින්, වක්‍ර බදු අඩු කරමින් ජනතාව මත බර පැටවීම වළක්වා ගැනීම සඳහා සාධනීය පියවර ගණනාවක් අරන් තියනවා.

සියයට සීයක් සාර්ථක අයවැයක්, හැමෝම තෘප්ත කරන අයවැයක් ඉදිරිපත් කරන්න කාටවත්  බෑ. නමුත් බැසිල් රාජපක්ෂ ඇමතිතුමා විශාල උත්සාහයක් අරන් තියනවා  මෙතනදි  සාධනීය යමක් කරන්න.   රටේ තියන ප්‍රශ්න ගණනකට පිළිතුරු  සොයාගන්න මේ අයවැයේ දි  උත්සාහ කරලා තියනවා.  ගුරු වැටුප් අර්බුදය විසඳන්න මිලියන තිස් දාහක් වෙන් කළා.  උපාධි ධාරීන් පනස්තුන් දාහක් රැකියා නැතිව හිටියා. ඔවුන්ට ස්ථිර රැකියා ලබා දීමට අවස්ථාව අරගෙන තියනවා. විශේෂයෙන්ම ග්‍රාමීය පුනර්ජීවනය සඳහාවන විශාල වැඩ කොටසක් ග්‍රාමීය නිශ්පාදන වැඩිදියුණු කිරීමේ  සහ පහළ මට්ටමේ ජීවත්වන සියලු දෙනාට ආදායම් ලබා ගැනීමේ වැඩපිළිවෙළක්  දියත් කරලා තියනවා.  මේක අමාරු වෙලාවක ඉදිරිපත් කළ ශක්තිමත් අයවැයක්.

නෑ. ඉවත් වීමක් නෑ. මෙය කවුරුත් තේරුම් ගත යුතුයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය, පොදුජන එක්සත් පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුල්කරගෙන ගොඩනැගුණු  තවමත් පවතින සන්ධාන. ඒවා නමට පමණක් සීමා කළ යුතු නෑ.    ඒ පක්ෂත් එක්ක අපි දිගින් දිගටම වැඩ කටයුතු කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය කටයුතු ටික අපි සූදානම් කරලා තියනවා.  කිසිවිටෙක එය ආණ්ඩුවෙන් ඉවත්වීමේ ක්‍රියාවලියක් නොවෙයි.


පක්ෂයක් විදිහට  සන්ධාන දේශපාලනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අමුතු දෙයක් නෙමෙයි. අප යටතේ අපිත් එක්ක එකතුවෙලා හිටපු විශාල සන්ධාන ප්‍රමාණයක් රට තුළ තිබුණා. එය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහායි මේ සූදානම් වෙන්නේ.

එහෙම යෝජනා කරන්න උවමනා නෑ. අපි එහෙම තීන්දුවක්  අරන් නෑ.

නෑ එහෙම අසරණ වෙලා නෑ. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ. අපි මේ ආණ්ඩුව පිහිටුවන්න රජයට උදව් කලා වගේම ආණ්ඩුවෙ සෑම ක්‍රියාවක්ම  ආරක්ෂා කරන්න අපි සූදානම් නෑ.   යම් යම් කාරණාවලදි  පක්ෂ ලෙස අපි අතර අදහස් වෙනස්. පොදුජන පෙරමුණේ  තිබෙන්නෙ එක  මතයක්. වෙනස් පක්ෂවල වෙනස් මත තියෙන්න පුලුවන්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු තව පක්ෂ 17ක් මේ රජය ගොඩනගන්න එකතු වෙලා ඉන්නවා. ඒ එකතුවීම තුළ ඔවුනගේ අදහස් වෙන වෙනම තියනවා. ඒක කාටවත් වළක්වන්න බෑ, නමුත් ඒ මතවාදවලට ඇහුම්කන් දීලා ඒ තුළ ක්‍රියාත්මකවීම තමයි ආණ්ඩුවක් හැටියට මූලික වගකීම. ඒ සඳහා ආණ්ඩුව කටයුතු කළ යුතුයි. ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය කටයුතු කළ යුතුයි. එය තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා පොදුජන පෙරමුණු සංවත්සරයේ දී බොහොම පැහැදිලිව ප්‍රකාශ කලේ.

ඉතින් මා හිතනවා මේ තත්ත්වය ප්‍රශ්නයක් නෙමෙයි. පොදුජන පෙරමුණේ අය කියන ඒවා අප එච්චර තැකීමක් කරන්නෙ නෑ. ඒ අය ඉන්නෙ වෙනම මතයක. සමස්ථ ජනතාවගේ කරුණු කාරණා ආණ්ඩුවට කියා දීම   ආණ්ඩුවේ වගකිවයුතු පක්ෂයක වගකීමක්. අපි එය කියලා තියනවා. එළියෙ ගිහින් නොවෙයි මුලින් අපි මේවා කතා කළේ. ආණ්ඩුව අභ්‍යන්තරවයි කතා කළේ. ඒවා නොවුනාම තමයි අපට එළියට ඇවිත් කතා කරන්න සිද්ධ වුනේ.

අපි විතරක් නොවෙයි.  පොදුජන පෙරමුණේ ලේකම්වරයාත් අණ්ඩුව ගත් විවිධ පියවර විවේචනය කළා. ආණ්ඩුවේ වැඩ පිළිවෙළ විවේචනය කරමින්  උදය ගම්මන්පිල මැතිතුමාට ඉල්ලා අස්වෙන්න කියලා ලියුම් යවලා විශ්වාසභංගයේ දි නැවත පක්ෂව චන්දය දුන්නා.

ඒ නිසා මේව ඒ තරම් කලබල විය යුතු කරාණා නොවෙයි. අභ්‍යන්තර මත ගැටුම් එළියට එනවා. ඒ මතගැටුම් සමනය කරලා ආණ්ඩුවක් විදිහට අපි එකට එකතුවෙලා  ගමනක්  යන්න තමයි   බලාපොරොත්තු වෙන්නේ.

නෑ එහෙම තත්ත්වයක් නෑ. හොඳට ගණන් ගන්නවා.  උදාහරණයක් ගත්තොත් නැගෙනහිර ජැටිය පිළිබඳ අපේ පක්ෂ සියල්ල එකතුවෙලා ඉදිරිපත් කළ යෝජනාව අතිගරු ජනාධිපති තුමා පිළිගත්තා. නැගෙනහිර ජැටිය රජය වෙත තබාගන්න එකඟවුනා. ඒ විතරක් නොවෙයි.  20 වැනි සංශෝධනයෙදි අප ඉදිරිපත් කළ විශාල  යෝජනා ප්‍රමාණයක් පිළිගත්තා. ගුරු අරගලයෙදි   ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  කරන්න  පුලුවන් උපරිම කරුණු පෙන්වාදීම කළා.    කොතලාවල පනත සම්බන්ධව විශාල අදහස් ප්‍රමාණයක් ආණ්ඩුව විදිහට එකතු කරගත්තා.

ඒ විතරක් නොවෙයි. මේ පොහොර අර්බුදයෙදි අපි අපේ අදහස් ගණනාවක් ආණ්ඩුවට ඉදිරිපත් කළා. ඒ මත පිහිටා අනාගතයේදී  ජනාධිපතිතුමා   යම් යම් තීන්දු තීරණ ගනීවි. අපි කතා කරන දේවල්වල ප්‍රතිඵල ඕන තරම් දකින්න පුලුවන්.

ඒ නිසා ගණන් ගන්නෙ නැති තත්වයක් නොවෙයි තියෙන්නෙ.  ගණන් අරන් තියනවා. ආණ්ඩුකරණයේ දී ඒ සියල්ල සම්බන්ධීකරණය කරලා තියනවා.

ඔව්… ගොඩක් සන්තෝසයි ඒ ගැන.   මෑතකදි  කිවයුතුව ඇති දේ තමයි කඨින පූජා මහෝත්සවය. දෙවන පරාක්‍රමබාහු රජුගෙන් පස්සෙ රාජ්‍ය කඨින මහෝත්සවයක් පවත්වනු ලැබුවෙ ගිය අවුරුද්දෙ. සෝමාවතියේ තමයි පැවැත්වුණේ.  ඒ උත්සවයට ජනාධිපතිතුමත් ආවා. දෙවන වරට මෙවර ඒ කඨින පූජෝත්සවය හෙට (14) පොලොන්නරු යුගයට අයත්  පඬුවස්නුවර කොළඹගම මියුගුණාරාම රජමහා විහාරයේ අගමැති තුමාගේ හා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.

රජය විසින් දෙන්න පුලුවන් උපරිම ශක්තිය අමාත්‍යාංශයට දීලා තියනවා. මේ අයවැයෙනුත් රුපියල් බිලියනයක් ලබා දීලා තියනවා මේ වැඩ ටික කරගන්න. මුදල් ප්‍රතිපාදනවලින් දේශීය අත්යන්ත්‍ර රෙදිපිලි කර්මාන්තය මෙන්ම බතික් කර්මාන්තය උපරිමයෙන් ගොඩනන්වන්න මා කටයුතු කරනවා.

අසාධාරණකම් විශාල සංඛ්‍යාවක් සිද්ධ වෙනවා. නමුත් ඒවා අපි සාකච්ඡා කරමින් ඉන්නෙ. සතුට අසතුට කෙසේ වෙතත් අපි මේ අණ්ඩුව පත්කරන්න  වැඩකරපු පක්ෂයක් . ඒ නිසා ආණ්ඩුවේ ක්‍රියාකාරම්වලට අපි අවශ්‍ය සහයෝගය දෙනවා.

ඒක තමයි සිංහලෙන් කිව්වෙ….

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සතුටක් අසතුට කෙසේ වෙතත්   අපි මේ අණ්ඩුව පත්කරන්න  වැඩකරපු පක්ෂයක්. ඒ නිසා ආණ්ඩුවේ ක්‍රියාකාරම්වලට අපි අවශ්‍ය සහයෝගය  දෙමින් ආණ්ඩුව පවත්වාගෙන යනවා.

 

 

Exit mobile version