අනුර කුමාර ප්‍රජා අයිතිය සම්බන්ධව ජනාධිපතිට අලුත් යෝජනාවක් කරයි…

Roll it and shove it up your ......

ප්‍රජා අයිතිය රෝල් කරල “xx” ගහගන්නැයි ජනාධිපතිවරයාට තමන් යෝජනා කරන බව  ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසන බව එම පක්ෂයේ වෙබ් අඩවියක් වූ lanka truth  වාර්තා කරයි.

ජනාධිපති ගොඨාභය රාජපක්ෂගේ “කැකිල්ලේ කොමිසමෙන්” තමන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරිමට කටයුතු කළත් තමන්ගේ දේශපාලන කටයුතු නතර වන්නේ නැතැයි ඔහු තව දුරටත් පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ සිටින්නේ මන්ත්‍රී තනතුරක බලයෙන් දේශපාලනය කරන පුද්ගලයන් නොවන බව ජනාධිපතිවරයා විසින් අවබෝධ කරගත යුතු යැයි පවසන ජවිපෙ නායකයා ප්‍රජා අයිතිය රෝල් කරල “xx” ගහගන්නැයි ජනාධිපතිවරයාට යෝජනා කරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් මේ අදහස් පල කරන ලද්දේ “ජනපතිගේ කැකිල්ලේ කොමිසම මොකද කළේ” සම්මන්ත්‍රණ මාලාවේ කොළඹ පැවති සම්මන්ත්‍රණය අමතමිනි.

Exit mobile version