HIV ආසාදිතයින් 1600ක් හැංගිලා

ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි

ශ්‍රියානි විජේසිංහ

ලොව පුරා පූරුෂ පාර්ශ්වය සමලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙන බව මේ වන විට දක්නට ලැබෙන සුලභ තත්වයකි. ලංකාවේද එහි වෙනසක් නැත. එච්අයිවී වෛරසය ආසාදනය වී ඇති පුද්ගලයින්ගෙන් සියයට 68ක් දෙනා පිරිමි පුද්ගලයින් බව මේ වන විට තහවුරු වී ඇත්තේය. මෙහි භයානකම තත්ත්වය වන්නේ මෙහි වැඩිම පිරිස වයස අවුරුදු 15 – 25 අතර වයසේ පසුවන නව යෞවනයන් විමය.

අවුරුදු 15 – 25 යනු ලිංගික හෝමෝන හොඳින් ක්‍රියාත්මක වන කාලයකි. ඔවුන්ට එය පාලනය කර ගැනීමට අවශ්‍ය දැනුම වැඩිහිටියන් ලෙස ලබා දිය යුතුය. මේ වන විටත් 10වන වසරේ විෂය නිර්දේශයට ඇතුළත් කර තිබෙන ලිංගික අධ්‍යාපනය වෛද්‍යවරුන් ලවා ඉගැන්වීමට කටයුතු යොදා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යංශයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය මේ වන විටත් ඉල්ලීමක් කර ඇත.


මෙහිදී අනාරක්ෂිත ලිංගික ක්‍රියාවක් යනු කුමක්ද? එයින් සිදුවන සෞඛ්‍ය හානිය කුමක්ද? ඉන් මිදී සිටීමට කළ හැකි දේ කුමක්ද ? ලිංගිකව බෝවන රෝග මොනවාද? එසේ බෝවෙන්නේ කොහොමද? බෝ වුණාම කරන්නේ කුමක්ද? යනාදී වශයෙන් ලබා දෙන දැනුම හරහා ඔවුන්ට ලිංගික ක්‍රියාකාරකම් පාලනය කර ගැනීමට හැකියාව ලැබේ. මෙමගින් අනාරක්ෂිත ලිංගික ක්‍රියාවන්ගේ දරුවන් නොයෙදේ. මේ අනුව එච්අයිවී ආසාදනයවන පිරිස ක්‍රමයෙන් අවම කර ගැනිමට හැකිවනු ඇත.

විශේෂයෙන්ම මේ වන විට මේ අසාමාන්‍ය ලිංගික ක්‍රියාකරකම්වල එනම් පිරිමි පිරිමි අතර පවතින අනාරක්ෂිත ලිංගික සබඳතාවන් මෙතරම් ඉහළ ගොස් ඇත්තේ කුමක් නිසාද යන්න කල සොයා බැලීම් වලදී හෙලි වූයේ මේ තරුණ දරුවන් අන්තර්ජාලය තුළ වැඩි වේලාවක් ගත කරන බවය. තරුණ දරුවන් වැඩිහිටියන් හිතනවාට වඩා තාක්ෂණය අතින් ඉහළ දැනුමකට හිමිකම් කියන්නවුන්ය. මොවුන් අන්තර්ජලයේ සැරි සරමින් නව ලිංගික ක්‍රම සොයා යමින් ඒවා අත්හදා බැලීමට පෙළඹි තිබෙන බව ඇතැම් දරුවන්ගේ ෆේස් බුක් ගිණුම් හරහා සැරිසරන පණිවිඩ මගින් පැහැදිලිය.

විවිධ “ඇප් ” නිර්මාණය කරමින් නව යහළුවන් සොයා ගනිමින් ඔවුන් සමග අනාරක්ෂිත ලිංගික කටයුතුවල යෙදීමට ඇතැම් දරුවෝ පෙළඹී සිටිති. ලිංගික සබඳතා පවත්වන නව ක්‍රමයක් එක් සිසුවෙක් සොයා ගෙන ඒවා අනෙක් යහඵවන් අතර බෙදා හරී. මෙම නව ලිංගික ක්‍රම අනාරක්ෂිතව අත්හදා බැලීමේ අවසාන ප්‍රතිපලය වන්නේ මොවුන් එච්අයිවී ආසාදිතයන් වීමය.

රෝග කාරක වෛරසය ශරීර ගත වී රෝග ලක්ෂණ පිටවීමට වසර 5ක් පමණ කාලයක් ගතවේ. එම කාලය තුළ වෛරසය ශරීර ගත වූ පුද්ගලයෙකු සමග අනාරක්ෂිත ලිංගිකව හැසිරෙන නිරෝගී පුද්ගලයින් සියලුම දෙනා ආසාදනයට ලක්වීමේ හැකියාව පවතී.

මේ වන විට සායනවලට එච්අයිවී ආසාදිතයින් 2000ක පිරිසක් ප්‍රතිකාර සඳහා පැමිණෙති. එහෙත් ඇස්තමේන්තු කර ඇති සංඛ්‍යාව 3600කි. මින් 1600ක් දෙනා තවමත් ප්‍රතිකාර සඳහා පැමිණ නැත. මෙසේ නොපැමිණෙන පිරිස තවත් බොහෝ පිරිසකට වෛරසය ආසාදනය කරන්නෝ වෙති. ඔබ යම් හෙයකින් අනාරක්ෂිත ලිංගික ඇසුරක් පවත්වන්නෙක් නම් වහාම ළඟම පිහිටි ලිංගාශ්‍රිත සායනයට ගොස් රුධිර පරික්ෂාවක් සිදුකර ගැනීම යෝග්‍යය.

යම් හෙයකින් ඔබට එච්අයිවී වෛරසය ආසාදනය වී ඇත්නම් ඒඩ්ස් තත්ත්වයට පත් නොවීමට ඔබට ඖෂධ ප්‍රතිකාර ලබා දෙනු ඇත. ඒ අනුව ජීවිත කාලය පුරාවටම ඔබ ඖෂධ ප්‍රතිකාර ලබාගන්නා කෙනෙකු බවට පත් වන අතරම ඔබට නැවත සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමටද අවස්ථාව සැලසෙනු ඇත. මෙසේ වසරකට එච්අයිවී ආසාදිතයෙකු සඳහා රජය ඖෂධමය ප්‍රතිකාර ලබාදීමට ලක්ෂ 3ක් පමණ වැය වේ.

වසර 2025 වන විට ශ්‍රී ලංකාවෙන් ඒඩ්ස් තුරන් කළ රටක් බවට පත්විය යුතුයැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත්කර ඇත. මෙහිදී එච්අයිවි වෛරසය ආසාදනය වන ක්‍රම 3කි. මවගෙන් දරුවාට , අනාරක්ෂිත ලිංගික ක්‍රියාකාරකම් හා එන්නත් කටු මගින් මත්ද්‍රව්‍ය ශරීරයට ඇතුළු කර ගැනීම එම ක්‍රම තුනය‍. මේ වන විට මවගෙන් දරුවාට එච්අයිවී ආසාදනයන් වලක්වා ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය එය පිළිගෙන ඒ සඳහා අවශ්‍ය සහතිකය පවා අපරටට පිරිනමා තිබේ.

දැන් අපට ඇත්තේ වසර 2025 වන විට රටින් ඒඩ්ස් තුරන් කරලීමටය. වසර 2010 ට සාපේක්ෂව එච්අයිවී ආසාදිතයන් සියයට 90ක් අඩුකළ යුතුය. එසේම ඒඩ්ස් මරණ සියයට 90ක් අවම කළ යුතුය. මෙම ඉලක්කයන් සපුරා ගැනීමට නම් සැඟව සිටින හෝ නොදැන සිටින අසාදිතයින් 1600 දෙනා වහාම සොයා ගත යුතුය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේ නොවුණහොත් වසර 2025 වන විට තිරසාර සංවර්ධනයක් සඳහා වන ඉලක්කයට අපට ලගාවිම සිහිනයක් පමණක් වනු ඇත.

Exit mobile version