ශ්‍රි ලංකාවෙන් හමුවන බ්‍රිතාන්‍ය කොවිඩ් ප්‍රභේදය වේගයෙන් පැතිරෙමින් මරණ වැඩි කරන්නේ ඇයි?

ඊයේ (27) දිනයේදී ශ්‍රි ලංකාවේ දිනක් තුළ හමු වූ වැඩිම රෝගීන් ගණන වාර්තා වීමෙන් පෙන්නුම් කරන්නේ මෙම වෛරසය සිංහල අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව අත්තටු ගසා ඉගිලෙමන් පැතිරෙමින් පවතින බවය. මේ පිළිබඳව පර්යේෂණ සිදු කරන ශ්‍රි ජයවර්ධනපුර පර්යේෂකයන් අනාවරණය කළේ කුරුණෑගල, කොළඹ සහ බොරලැස්ගමුව ප්‍රදේශවලින් ලබා ගත් රෝගීන්ගේ සාම්පලවල කොවිඩ් වයිරසයේ බ්‍රිතාන්‍ය ප්‍රභේදය වන  B.1.1.7  දර්ශය පවතින බවය.

එයින් අපට සිතන්නට සිදුවන්නේ ඉහත සාම්පල ලබා ගත් ප්‍රදේශවල පමණක්ම නොව මේ පුංචි දිවයිනේ  තවත් ප්‍රදේශවල මේ කොවිඩ් වයිරසයේ වෙනස් වුණු අලුත් බ්‍රිතාන්‍ය දර්ශය  හමුවිය හැකි බවය. මේ වෛරස දර්ශය මේ වනවිට රටවල් ගණනාවකම රෝගින් බවට පත් කර ඇත. විශේෂයෙන් ඇමෙරිකාවේ හමුවන කොවඩ් රෝගීන්ගෙන් සියයට  59 කට පමණ මෙම ‍වෛරස දර්ශය දරන්නන්ය. මේ නිසාම මේ වනවිට ලෝකයේ  බහුලවම හමුවන බ්‍රිතාන්‍ය වෛරස ප්‍රෙභ්දයේ නව දර්ශය සම්බන්ධයෙන් පර්යේෂකයන්ගේද ලොකු අවධානයක් හිමිව ඇත. ඔවුන් විසින් මේ වනවිට හඳුනාගනු ලැබ ඇති ප්‍රධාන කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමු කිරිම වැදගත්ය.

B.1.1.7 ප්‍රභේදය මුල් කොවඩ් වෛරසයට වඩා සියයට 40ත් 70ත් අතර වැඩි වේගයකින් පැතිරෙයි

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයේ මතුපිට ඇති ප්‍රෝටීන උල් සකස් වි ඇති ආකාරය අනුව ඒවා ඉක්මනින් තවත් සෛලවලට බෙදීමේ හැකියාවක් ඇති බව පර්යේෂකයන් විසින් හඳුනාගනු ලැබ ඇත. මෙම තත්ත්වය තුළ ආසාදිතයකුගේ ශරීරය තුළ නිපදවන වෛරස ප්‍රමාණය සාපේක්ෂව වැඩිය. මේ වැඩිවීම හේතුවෙන් ඔවුන් කෙරෙන් තවත් කෙනකුට බෝවීමේ ප්‍රවණතාවද වැඩිවෙයි. මේ බව  ලන්ඩනයේ යුනිවසිටි කොලේජ් හි සායනික වෛරස විශේෂඥ වෛද්‍ය එලෙනි නස්ටොනි අතුළු පර්යේෂකයන් විසින් අනාවරණය කරගනු ලැබ ඇත.


මෙසේ වැඩිපුර පැතිරීමට බලපාන කරුණක් ලෙස පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මෙම වයිරස ප්‍රභේදය සාපේකෂව වැඩි කලක් සිරුර තුළ තව කෙනකුට ආසාදනය කළ හැකි මට්ටමින් පැවතීමය. මේ අතර තවත් පර්යේෂකයන් පිරිසක් පෙන්වා දී ඇත්තේ බ්‍රිතාන්‍ය වයිරස ප්‍රෙභ්දය දරන රෝගීන්ගේ ගේ ලක්ෂණ අතර කැස්ස ප්‍රමුඛ වන අතර මෙයද වැඩි වශයෙන් පැතිරීම හේතුවක් විය හැකි බවය. එසේ වුද මේ සම්බන්ධයෙන් තවම විද්‍යාඥයින් අවසන් නිගමනයකට පැමිණ නැත්තේ ඒ පිළිබඳව තවත් පර්යේෂණ අවශ්‍ය බව පවසමිනි.

මරණ ප්‍රතිශතය සියයට 60කින් වැඩිකරවයි?

පර්යේෂකයන් විසින් හෙළි කරගෙන ඇති තවත් කරුණක් වන්නේ මෙම කොවිඩ් නව බ්‍රිතාන්‍ය ප්‍රභේදය සෙසු වෛරස දර්ශවලට සාපෙක්ෂව සියට 61කින් පමණ මාරාන්තික බවය. මේ බව අනාවරණය කර ගත් පර්යේෂකයන් කණ්ඩායමක් තම පර්යේෂණ වාර්තාව ද නේචර් සඟරාවේ පළ කොට ඇත.  මීට අදාළ වන නිශ්චිත හේතුව සම්බන්ධයෙන් තවමත් විද්‍යාත්මක තොරතුරු අනාවරණය කරගෙන නැති වුවද විද්‍යාඥයින් විශ්වාස කරන්නේ මෙම වෛරසය පැතිරීමේ පවතින ප්‍රබලත්වය පසුපස මාරාන්තික බව වැඩි බවය. “ වේගය වැඩි පිරිසකට පැතිරෙද්දී ඒ අතරින් මරණ වැඩිවීම සිදුවන බව පිළිගත හැකියි“ මේ සම්බන්ධයෙන් අදහස් දක්ව එක් පර්යේෂකයකු සඳහන් කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද පර්යේෂකයන් පවසන්නේ මෙම වෛරස ප්‍රභේදයද තම ස්වරූපය වෙනස් කර ගැනිමකට ලක් විය හැකි බවය. ඒ තුළ විවිධ අසාමාන්‍යතා සහ සංකීර්ණතා පෙන්නුම් කළ හැකිය. මේ තත්ත්ව තුළ වඩාත් වැදගත් වන්නේ කොවිඩ් වෛරසය බෝවීම වැළැක්වීමට අදාළ ආරක්ෂිත පියවර ගැනිමත් හැකිතාක් එන්නත්කරණයට ලක් කිරීමත් වඩාත් වැදගත් බව ඔවුහු අවධාරණය කරති.

Exit mobile version