විශේෂඥ දැනුමෙන් වේදනාව සමනයට ප්‍රතිකාර කරන පේරාදෙණිය රෝහලේ සුව සහන සායනය…

ජීවිතේ කටුක වේදනා විඳවීමක් කර නොගෙන එය සමනය කර ගැනීමට පහසු මඟක් හොයන්නට පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරුන් කණ්ඩායමක් සමත්ව තිබේ. ‘වේදනා සමනක සේවාව හෙවත් pain management clinic ඔස්සේ ඕනෑම රෝගයකින් පෙළෙන රෝගියෙකුගේ වේදනාව සමනය කිරීම සඳහා ‍ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදයක් පේරාදෙණිය ශික්ෂණ රෝහල මගින් ආරම්භ කර ඇත.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති නිර්වින්දන විශේෂඥ වෛද්‍ය මහාචාර්ය වසන්ති ප්‍රින්ටෝගේ සංකල්පයකට අනුව මෙම සේවාව ආරම්භ කර තිබේ. මේ වන විට රෝගීන් එකසිය හතළිස් පස් දෙනෙකු මෙම ඒ කකයේ ලියාපදිංචිවී ප්‍රතිකාර ලබති. සෑම සතියකම සදුදා පෙරවරුවේ සහ බදාදා පෙරවරුවේ මෙම එකකය මගින් ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව ඕනෑම රෝගියෙකුට ඇත.

ඒකකය භාර නිර්වින්දන විශේෂඥ වෛද්‍ය සමන් නානායක්කාර ගේ අධීක්ෂණය යටතේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය අශානී රත්නායක  රෝගී පරීක්ෂාව සිදු කරනු ලබයි. ඒකකයේ හෙද නිලධාරිනියන් ලෙස යෙනිතා හේවා දර්ෂි තිලකරත්න සහ ඉෂාරා මධුෂානි   කටයුතු කරති.

-නිර්වින්ද විශේෂඥ වෛද්‍ය සමන් නානායක්කාර,නිර්වින්ද විශේෂඥ වෛද්‍ය අශානි රත්නායක,හෙද නිලධාරිනියන් වන යෙනිතා හේවා සහ දර්ශි තිලකරත්න

මෙම ඒකකය පිහිටුවීමේ වැදගත්කම සම්බන්ධයෙන් නිර්වින්දන විශේෂඥ වෛද්‍ය සමන් නානායක්කාර මහතා කරුණු පැවසුවේ මෙසේ ය.


”ලෝකයේ ඕනෑම රටක සෑම පුද්ගලයකු ම පාහේ දුකකින් පෙළෙන දරුණුතම සංවේදනාව වේදනාවයි. ඕනෑම පුද්ගලයෙකුට රෝගයක් ඇද්ද යන්න ලබා දෙන පළමු ඉඟිය ද වේදනාවයි. තමන්ට කිසියම් රෝගී තත්ත්වයක් ඇතැයි අනුමාන කරන ඕනෑම පුද්ගලයෙක් වෛද්‍යවරයෙකු වෙත හෝ රෝහලක් වෙත යන්නේ වේදනාව සමග යි. වේදනාවේ ස්වභාවය රික්ෂා කරන වෛද්‍යවරයා එම පුද්ගලයාට කිසියම් රෝගී තත්ත්වයක් ඇත්ද නැද්ද යන්න නිරීක්ෂණය කරයි. ඇතැම්විට ඉතා දරුණු රෝගී තත්ත්වයන් පවා හඳුනාගන්නේ වේදනාව ඔස්සේ යි.

කෙටියෙන්ම කියතොත් අතීතයේ වෛද්‍ය විද්‍යාව ආරම්භ වී ඇත්තේ ද වේදනාව සමනය කිරීම සඳහා ගතයුතු පියවරක් ලෙසයි.
අනතුරුව රෝගී ප්‍රතිකාරයක් ලෙස වේදනාව අවම කිරීම පිණිස නිර්වින්දනය ආරම්භ වූ බව ද කිව හැකියි.“

සෑම සතියකම සඳුදා සහ බදාදා පෙරවරුවේ ප්‍රතිකාර සඳහා විවෘත කර තිබෙන මෙම ඒකකයෙන් ප්‍රතිකාර ලබා ගැනීමේ අවස්ථාව ඕනෑම රෝගියෙකුට ලබාදී ඇත.

නිර්වින්දන විශේෂඥ වෛද්‍ය සමන් නානායක්කාර ගේ අධීක්ෂණය යටතේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය අශානී රත්නායක  රෝගී පරීක්ෂාව සිදු කරනු ලබන අතර එහි හෙද නිලධාරිනියන් ලෙස යෙනිතා හේවා, දර්ශි තිලකරත්න සහ ඉෂාරා මධුෂානි   කටයුතු කරති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පේරාදෙණිය රෝහලේ වේදනා සමන සායන කටයුතු වෙනුවෙන් නිර්වින්දන වෛද්‍යවරුන් වන අනුර අඹේසුන්දර, සමීර වාසල, ලාල් සිල්වා, අමිලා ජයසිංහ සහ සෙනානි සමරසිංහ සේවය ලබාදෙති.

Exit mobile version