ලෝකයම මේ ගනුදෙණුව කරන්නෙ හරියටම නොදන්නා එන්නතක් එක්ක..

එන්නත ගැන කුකුසක් ඇතිවීම සාධාරණයි.... නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්  

සටහන – නතාෂා නෙත්මිණි

රට තුළ කොවිඩ් මර්ධන එන්නත්කරණය දැන් ආරම්භ වී තිබේ. ඒ ඉන්දියානු ජනරජය දිනය වෙනුවෙන් ලද එන්නත් ලක්ෂ තුනක ප්‍රදානයකිනි. කෝටි දෙකකට අධික ජනගහණයෙන් සියයට පනහකට එන්නත ලබා දීමට සැලසුම් රජට සතුව  ඇතැයි පැවසේ. මාත්‍රා දෙක බැගින් ලබා දීමට එන්නත් කෝටි දෙකක් පමණ අවශ්‍යව ඇත.  ප්‍රදානයක් ලෙස ලැබුණු එන්නත් ලක්ෂ තුනකින් ආරම්භවන කොවිඩ් මර්දන ජාතික එන්නත් කරණ වැඩපිළිවෙළේ අද සහ හෙට සම්බන්ධව   නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්  සමග ලංකාසර පැවැත් වූ සාකච්ඡාවකි මේ.

පිළිතුර – මේ එන්නත අපිට විතරක් නොවෙයි මුළු ලෝකයටම අලුත්. මේ පිලිබඳව රැස්කර තිබෙන තොරතුරු ඉතාමත් ස්වල්පයක් විතරයි. ඖෂධ නියාමන අධිකාරිය වුවත් අපට ලබා දුන්නේ තාවකාලික අවසරයක්. අපේ විතරක් නොවෙයි, ලෝකයේ අනිකුත් රටවල්වලටත් මේ පරිසරයම තමයි තිබෙන්නේ.    ඒ නිසා සෞඛ්‍ය සේවකයින් තුළ මේ සම්බන්ධයෙන් යම් කුකුසක් පැවතිම පුදුමයට කරුණක් නොවෙයි,

ඉන්දියාවෙන් ප්‍රදානය කළ එන්නත් තොගය කටුනායකින් ගොඩ බෑ අවස්ථාව

පිළිතුර –  ලෝකයේ සෑම රටකම  ඇතිවෙලා තියෙන තත්ත්වය මේකයි.  කුකුසක්  සෑම වෘත්තීය තලයකම සමාජ තලයකම තියනවා. මොකද මේ එන්නත අලුත්. රෝගය අලුත්. මුළු ලෝකයේ ම  පර්යේෂකයෝ මේ එන්නත පිළිබඳව මේ වන විටත් කුරුණු රැස්කරමින්  සිටිනවා. කෙසේ නමුත් අපි කිසිම පුද්ගලයෙකුට මේ ඒන්නත ගැන නිවැරදිව කියන්න පුලුවන්කමක් නැහැ. ඒ නිසා කෙනෙකුගේ හිතේ   කුකුසක් ඇතිවීම පුදුමයක් නොවේ.

පිළිතුර  – කිසිම පුද්ගලයෙකුට මේ එන්නත බලෙන් විදින්නේ නැහැ. හැමකෙනෙකුම ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්  වෙන්නයි අවශ්‍ය‍ . මොකද  එන්නත ලබා ගන්නා පුද්ගලයාට පමණයි රෝගයෙන් බේරි ඉන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා තම තමන්ගේ ආරක්ෂාව ගැන හිතලා මේ එන්නත ලබාගන්නවාද නැද්ද කියලා තීරණය කරන්න ඕනේ ඒ අයමයි.


පිළිතුර  – රෝගය පැතිරීම වැළැක්වීමට කොයිතරම් දුරට මේ එන්නත ක්‍රියාත්මක වෙනවාද කියන්න තවමත් පුලුවන් කමක් නැහැ. නමුත් අපි මේ එන්නත ලබා දීමෙන් බලාපොරොත්තු වන්නේ රෝගයෙන් බරපතල තත්වයට පත්වීම අවම කර ගැනීමයි. දැඩිසත්කාර වෙත ඇතුළත් කරන සංඛ්‍යාව අවම කරන්න හා මිය යන පුද්ගලයින්ගේ සංඛ්‍යාව අවම කිරීම තමයි මූලික අරමුණ

පිළිතුර –  සාමාන්‍යයෙන්  ඖෂධයක් මෙරටට ගෙන ඒමේදී අදාල එන්නත හෝ ඖෂධය සම්බන්ධයෙන් වූ   ලියකියවිලි විශේෂඥ කමිටුවක් මගින්  දින 15ක් පුරා පරික්ෂාවට ලක් කරනවා. නමුත් කොවිඩ් එන්නත හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ලෝකයේ සියලුම රටවල් සඳහා අවසර ලබා දී තිබෙනවා. ඒ අවසරයට අනුකූලව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ කමිටුව මගින් දින 7ක් පුරා මෙම ලියකියවීලි පරික්ෂාවට ලක්කලා

විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

පිළිතුර –  ජාතික ඖෂධ නියාම අධිකාරියේ අවසර ලබා දුන් පසුව රජයක් හැටියට මේ එන්නත ජනතාවට දෙනවාද නැද්ද කියලා තීරණය කරන්නේ බෝවන රෝග පිළිබඳ  උපදේශන කමිටුවේ තීරණයන්ට අනුවයි. ඒ කමිටුවේ විශේෂඥවරුන් විශාල පිරිසක් සිටිනවා. ඒ සෑමකෙනෙකුම මේ පිලිබඳව හොඳ අධ්‍යනයක් කරලා අවසානයේ ලබා දෙන තීරණය තමයි රජයක් හැටියට ක්‍රියාත්මක කරන්නේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පිළිතුර – අපි බලාපොරොත්තු වන්නේ රටේ ජනගහනයෙන් සියයට 50ක ප්‍රමාණයකට මේ එන්නත ලබා දීමටයි. අපිට චීනයෙන් එන්නත් ලක්ෂ 3ක ප්‍රමාණයක් ලබා දෙන්න පොරොන්දු වෙලා තියනවා. ඒ හැරුණු කොට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හා රුසියාවෙනුත් ප්‍රදානයන් ලබා දීමට කැමැත්ත පළ කර තිබෙනවා. ඒ අනුව තව කොපමණ ප්‍රමාණයක් මිලදීගත යුතුද යන්න තවමත් ඇස්තමේන්තුගත කරලා නැහැ. ඉදිරියේදී එය සිදුවේවි.

 

 

 

 

 

Exit mobile version