මාස්ක් එකෙන් මුහුණට එන කුරුලෑ

කොවිඩ්-19න් පසු කාන්තා රුවට තවත් අභියෝගයක්

තමන්ගේ මුහුණ පිළිබඳව දැඩි උනන්දුවක් දක්වන කාන්තාවන්ට මේ තාක්කල් පැවැති ලොකුම ප්‍රශ්නය වූයේ කුරුලෑය.

කොවිඩ් 19 වසංගතය දැන් කාගේත් මුහුණ වසා සිටින්නට නියම කර ඇති නිසා මේ වනවිට මුහුනේ අලංකාරය ගැන සිතද්දී කුරුළෑ පමණක් නොවන මුහුණු ආවරණය සමඟ එන ප්‍රශ්න සහ මුහුණේ හැඩය ගැනද සිතනන්ට සිදුව තිබේ.

මේ වනවිට දිගු වේලාවක් මුහුණු ආවරණ පළඳින කාන්තාවන්ට බලපා ඇති තවත්ප්‍රශ්නයක් වී ඇත්තේ මුව ආවරණ හේතුවෙන් ඇතිවන කුරුළෑය. මෙය බැහැර කළ නොහැකි චර්ම තත්ත්වයක් බව බ්‍රිතාන්‍ය චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුයක වන මෝනා ගොහාරා පවසා තිබුණි.


බීබීසී පුවත් සේවය සමඟ සමේ ගැන සාක්චඡා කොට ඇති චර්ම රෝග විශේෂඥයින් මුහුණු ආවරණ සමඟ එන කවිශේෂ කුරුළැ අර්බුදයට හේතුව මෙසේ පහදා දෙති.

“ මුහුණේ සිනිඳු සමඟ සමඟ මුහුණු ආවරනය නිතර නිතර ගැටීමේදී ඉතා සියුම් ලෙස සම ඉරීමකට ලක් වෙනවා. මෙම පළුදු ස්ථානවලට බැක්ටීරියා ඇතුළු වීම නිසා ආසදානය වන්නට පුළුවන්. අනෙක මුහුණු ආවරණය පැළඳ සිටීමේදී ඇතිවන උණුසුම් ස්වභාවය සහ තෙත් ස්වභාවය එවැනි ක්ෂුද්‍ර ජීවීන්ට වර්ධනය වීමට හොඳ පසුබිමක් නිර්මාණය කරනවා මුඛ ආවරණ මෙම කුරුළෑවලට පාර කපන්නේ ඒ ආකාරයෙන්. “

මුඛ ආවරණ සමඟ එන මෙම කුරුලෑවලට අලුත් නමක් ද පට බඳින්නට මේ වනවිට චර්ම රෝග විශේෂඥයන් මුල පුරා ඇත. කුරුළෑවලට ඉංග්‍රිසි භාෂාවෙන් ඇක්නි (ACNE) ලෙස ව්‍යවහාර වන අතර එය මෙම තත්ත්වයේදී Maskne) ලෙස ඔවුහු හඳුන්වති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම තත්ත්වය පාලනය කිරීමට නම් විශේෂයෙන් කළ යුත්තේ මුහුණේ මුඛ ආවරණය ඇතිල්ලෙන සහ ගැයෙන ස්ථානවල සම පළදු වීසම් අවම කිරීමය. මේ සඳහා වඩාත් සුදුසු වන්නේ බරින් අඩු මොයිචරයිසර් ආලේපනයක් ගැල්වීම බව වෛද්‍යවරු පවසති.

Exit mobile version