පශ්චාත් මරණ පරීක්ෂණ වලදී කොවිඩ් ආසාදනය වීමේ අවදානමක් 

SENSITIVE MATERIAL. THIS IMAGE MAY OFFEND OR DISTURB A worker of a funeral parlour, sanitises the dead body of an 83-years-old woman, who died of unknown reasons during the outbreak of the coronavirus disease (COVID-19), in Porto Alegre, Brazil, April 3, 2020. REUTERS/Diego Vara

කොවිඩ් 19 ආසාදනය මේ වන වන විට අපේ රටේ සෑහෙන දුරකට මර්දනය කොට තිබෙනවා . නමුත් රෝග ලක්ෂණ නොමැති නමුත් රෝග කාරක වෛරසය ආසාදනය වූ තවත් පිරිසක් අපගේ සමාජයේ සිටීමට ඉඩ තිබෙනවා. ඒ අයගෙන් අනිත් අයට රෝගය බෝ වීමටත් අවකාශය තියෙනවා. ඒ ඒ නිසා තමා රජය විසින් තව දුරටත් සෞඛ්‍ය අවවාද වලට  අනුව  හැසිරෙන ලෙස මහජනයාට  උපදෙස් දී තිබෙන්නේ.

කොවිඩ් 19 ආසාදිත පුද්ගලයන්ගෙන් 80% විතර  තදබල රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ. මේ අය සමහර විට වෙනත් රෝග තත්ත්වයන්ට ගොදුරුව හෝ හදිසි අනතුරුවලට භාජනය වී රෝහල් ගත වීමේ හැකියාව තිබෙනවා .  රෝහලකට ඇතුළු වන  සියලුම පුද්ගලයන්ට  කොවිඩ් 19   පරීක්ෂණ සිදු කිරීමේ හැකියාවක් නැහැ. එලෙසම රෝහලේ සියලුම සෞඛ්‍ය සේවකයන්ට සේවා කාලය පුරාවම පූර්ණ   සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල ඇඳ සිටිමේ හැකියාවකුත් නැහැ. රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දී මීටරයක දුර පරතරය තබා ගැනීමට හැකි වන්නේත් නැහැ. මේ නිසා එවන් ආසාදිතයන් ගෙන් සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට රෝගය පැතිරීමේ දැඩි අවදානමක් තිබෙනවා .

පශ්චාත් මරණ පරීක්ෂණ

එවන් රෝගීන් මිය ගිය හොත් සමහර විට පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම අවශ්‍ය වනවා. ඒ සඳහා මළ සිරුර විච්ඡේදනය කිරීම සිදු කරනු ලබනවා. මෙහි දී විශේෂයෙන් මෘත ශරීරයේ  ස්වසන පද්ධතිය විච්චේදනය කරන විට විශාල වෛරස ප්‍රමාණයක් නිකුත් වීමේ හැකියාව තිබෙනවා . විශේෂයෙන්ම මෘත ශරීරාගාරවල සවිකර ඇති  වාතය ඉවත් කරන විදුලි පංකා මගින් වාතය ඉවත් කරන විට ඒ සමගම මෘත ශරීරය නිරාවරණය වී ඇති ස්වසන පද්ධති වල ඇති වෛරස ඒ සමග එයින් ඉවත්ව වාතයට මුසු වීමේ හැකියාව තිබෙනව . ඒ වගේම මෘත ශරීරාගාර වායු සමීකරණය කොට තිබේ නම් වෛරසය නොනැසී  පැතිරීමේ හැකියාව    තිබෙනවා. එපමණක් නොව මෙම වෛරසය සිරුරේ බොහෝ අවයව වලට ඇතුළු වන බව මේ වන  විට සොයාගෙන තිබෙනවා. ඒ අනුව හදවත ,මොළය, ආහාර මාර්ගය, වකුගඩු, මෞත්‍ර ලිංගික පද්ධතිය ආශ්‍රිතවත් මෙම වයිරසය පවතින බව තමයි සොයාගෙන තිබෙන්නේ. ඒ අනුව මේවා විච්ඡේදනය කිරීමේ දී සිරුරෙන් බැහැරට එය පැතිර යෑමේ හැකියාව තිබෙනවා.


මල්ශාලාවල තත්වය

මීට අමතරව මෙම මෘත ශරීර එම්බාම් කිරීම සඳහා මල් ශාලාවට ගෙන ගොස් එම  කාර්යය සිදු කරන විට දී  එම කාර්යයන් ඉටු කරන සිදුකරන පුද්ගලයන්ට ද මෙම රෝගය ආසාදනය  වීමේ ඉඩ කඩ තිබෙනවා .

ඉන්දුනීසියාවේ මෘතශරීර භුමිදානය කරන පුද්ගලයන්ට  රෝගය බෝවීමේ විශාල අවදානමක් ඇති බව මේ වන විට ප්‍රකාශ වී තිබෙනවා. මෙම වෛරසය ලෝකයේ කිසිදු දිනෙක  දක්නට නොලැබුනු ආකාරයේ වයිරස් එකක්. එහි හැසිරීම මේ වන තෙක් නිවැරැදිව සොයා ගැනීමට විද්‍යාඥයන් සමත් වෙලා නැහැ. එම නිසා මෙය මෘත ශරීර වලින් අනෙකුත් පුද්ගලයන්ට කවර ආකාරයෙන් බෝ වන්නේද යන්න  තවමත් නිශ්චිත නැහැ . ඒ වගේම තමා මෘත ශරීර වල අඩංගු වෛරස පස තුළ කොතරම් කාලයක් නොනැසී පැවතිය හැකි ද?  ජල මූලාශ්‍රවලට එක්වීමෙන්  රෝගය පැතිර යා හැකි ද ? යන්න තාම නිශ්චිතවම හඳුනා ගෙන නැහැ.

මේ නිසා මෙවන් මරණ ආදාහනය කිරීම වඩා සුදුසු වනවා

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


.

 

 

Exit mobile version