ඩෙංගු සහ මී උණ අවදානමකට රට විවිර වෙයි

leptospirosis

ශ්‍රියානි විජේසිංහ –

මේ දිනවල ඇදහැලෙන වර්ෂාව සමග ඩෙංගු සහ මී උණ යළිත් වරක් හිස එසවීමේ දැඩි අවදානමක් පවතින බැවින් එයට මුහුණ දීම සඳහා රෝහල් සූදානම් කිරීමේ විශේෂ වැඩපිළිවෙළක්  ආරම්භ කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ඒ මී උණ රෝගය පැතිර ගියහොත් ලබා දෙන ඖෂධ හිඟයක් පවතින්නේ ද,  ඩෙංගු රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් පවතින්නේ ද යන්න පිලිබඳව සොයා බැලීමේ කටයුතු  මේ වනවිටත් සිදුවෙමින් පවතින බව සංගමයේ උප ලේකම් වෛද්‍ය නවීන් ද සොයි සඳහන් කරයි.

මෙම රෝගීන්ගේ ව්‍යාප්තිය පිළිබඳව  මේ වනවිටත් ප්‍රාෙද්ශීය වසංගතවේදීන්ගෙන් දත්ත රැස් කරමින් සිටිනාබව ද හෙතෙම පැවසීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යම් හේතුවකින් මෙම වසංගත රෝගය පැතිරී ගියහොත් මේ වනවිට පාලනයකට නතුකරගෙන තිබෙන කොවිඩ් 19 යළිත් සමාජගත විය හැකි යැයි සංගමය අනතුරු හඟවා සිටී.

 

Exit mobile version