කොවිඩ්-19 මෙල්ල කරන්න කහ, කොහොඹ, ගම්මිරිස් සහ අමුක්කරා

පළමු විද්‍යාත්මක පර්යේෂණය සාර්ථකයි

කොරෝනා වසංගතයක් සමඟ මුලින්ම මුළුතැන්ගෙයින් අතුරුදන් වීමේ තර්ජනයට ලක් වූ කුළු බඩුව වූයේ කහ ය. ඊට බොහෝ විට හේතුව වූයේ ශ්‍රි ලංකාව පමණක් නොව ඉන්දියාව, නේපාලය, පකිස්තානය සහ බංග්ලාදේශය වැනි රටවල ජනතාවට කහ සතුව පවතින විෂ බීජ නාශන ගුණය පිළිබඳව තිබූ අත්දුටු දැනුමය. කහ පමණක් නොව කොහොඹ සහ දේහීය ඖෂධයක් ලෙස භාවිත වන අමුක්කරා (අශ්වගන්ධ ) යන ඖෂධ ත්‍රිත්වයම නව කොරෝනා හෙවත් කොවිඩ් 19වෛරසය මෙල්ල කිරීමට භාවිත කළ හැකි බව ඉන්දියාවේ ලක්නව් හි කිංග්ජොර්ජ් ගේ වෛද්‍ය විද්‍යාලය උසස් පර්යේෂණ පිළිබඳ මධ්‍යස්ථානයේ ප්‍රධානී මහාචාර්ය ශයිලේනද්‍ර සක්සේනා පවසයි.

ඔහු ඇතුළු කණ්ඩායමක් මේ වන තෙක් ආයුර්වේදීය වෛද්‍ය විද්‍යාව තුළ මෙන්ම සාමාන්‍ය ඉන්දියානු ජන ප්‍රජාවන් තුළ විෂ බීජ නාශනයේ ප්‍රබල දුව්‍ය ලෙස පිළිගැනෙන දේශීය ඖෂධීය පැලෑටි ගණනාවක් කොවිඩ් 19 වසංගතයට එරෙහි ව ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න පිළිබඳව සිදු කරන ලද පර්යේෂණයකට බැස්සේ කොරෝනා වසංගතය හිස ඔසවනවාත් සමඟමය.  එහිදී ඔවුන් එවැනි දේශීය ඖෂධ ගලණනාවක් පර්යේෂනයට ලක් කර ඇති අතර එයින්  කහ, කොහොඹ, අමුක්කරා සහ කළු ගම්මිරිස් මිශ්‍ර කොට සකස් කරන ද ඖෂධීය සංයෝග කොවිඩ් 19 හමුවේ සාර්ථක වී ඇති බවය.  මේවා ට වෛරසය ශරීරයේ සෛල තුළට ඇතුළු වීම වැළැක්වීමේ හැකියාවක් පවතින බව ඔවුහු පවසති.  මේ පිළිබඳව ඔවුන් විසින් සිදු කරන ලද පර්යේෂණය තවත් විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් විමර්ෂණය නිරීමෙන් පසු (perer Review) සප්‍රින්ගර් නැචුරල් ජර්නල් නම් පර්යේෂණ ප්‍රකාශනයේ ප්‍රකාශයට පත් කොට ඇත.

මේ පිළිබඳව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් පත වෙත ප්‍රකාශයක් කරමින් මහාචාර්ය සක්සේනා පවසා තිබුණේ කොහොඹ,අමුක්කරා, කළු ගම්මිරිස් සහ කහ මෙම පර්යේණය සඳහා තෝරා ගැනුණේ ඒවා ශරීරයේ බැක්ටීරියා වෛරසවලට එරෙහිව ප්‍රතිශක්තිය ඇති කරන දුව්‍ය ලෙස ඉන්දීය සමාජය තුළ මෙනම් ආයුර්වේදය තුළ පවතින දැනුම පදනම් කරගෙනයි.


මහාචාර්ය සක්සීනා පවසන්නේ කොවිඩ් 19 වෛරසය මෙම ඖෂධ සංයෝග මඟින් ශරීරයේ සෛල සමඟ වෛරසය බැඳීමට බාධා කරන බවය. විශේෂයෙන් වෛරසයේ පිටත පවතින ප්‍රෝටීනමය උල්වලට ශරීරයේ සෛලවලට හානි කිරීමේ හැකියාව නැති කරවන බවය.

“මෙම ඖෂධවලින් දැනට කොරෝනා වෛරසය සඳහා කෙරෙන ප්‍රතිකාරවලට උපකාරකයක් සේ භාවිත කළ හැකියි. බටහිර වෙදකම මඟින් අදාළ ප්‍රතිකාර යොදන අතරේ කහ, කොහොඹ සහ අමුක්කරා මිශ්‍ර කළ මෙම ඖෂධ ලබා දීමෙන්  අතිරේක ආරක්ෂාවක් ලබා දිය හැකියි. විශේෂයෙන් කොවිඩ් සමඟ සටන් කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට මෙය අතිරේක වශයෙන් ලබාදීම ඉතා වැදගත්.“ ඔහු පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් 19 වෛරසය මෙල්ල කිරීමට ආයුර්වේදයේ භාවිත වන ඖෂධ උපයෝගී කර ගත හැකි බවට විද්‍යාත්මක වශයෙන් තහවුරු කෙරුණු පළමු පර්යේෂණය මෙය වන අතර මෙහි ප්‍රතිඵල මේ වනවිට පර්යේෂකයන් තම පුළුල් විද්‍යාත්මක වාර්තාව ලෝක සෞඛ්‍ය සංවිධානය වෙතද යොමු කර ඇති බව මහාචාර්ය සක්සේනා ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් පතට ප්‍රකාශ කොට තිබුණි.

Exit mobile version