කොවිඩ් මර්ධන වෛද්‍ය ආධාරක සැපයුම් කරුවන්ට බිලියන 2ක ගෙවීම් පැහැර හැරලා…

ඖෂධ හිඟයක් ගැනත් අනතුරු හැඟවීම්.... හේතුව දුර්වල පරිපාලනය

covide logistic

කොවිඩ් වෛරසය ආසාදිත වූවන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය ආරක්ෂික කබා ඇතුළු වෛද්‍ය උපකරණ සහ විෂබීජ නාශක ආනයනය කර සෞඛ්‍ය අමාත්‍යංශයට සැපයූ සැපයුම්කරවන් 14 දෙනකුට  අයවිය යුතු රුපියල් බිලියන දෙකක පමණ මුදල ගෙවීම ආණ්ඩුව පැහැර හැර ඇත.

මුදල් අමාත්‍යාංශය සැපයුම්කරුවන්ට දැනුම් දී ඇත්තේ කොවිඩ් වෛරසය මර්දනය කිරීම වෙනුවෙන් සපයන ලද භාණ්ඩ සඳහා මුදල් ගෙවීමේ වගකීමක් තමන්ට නොමැති බවත් එම මුදල් ආසියානු සංවර්ධන බැංකුවෙන් හෝ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබා ගත යුතු බවත් ය. තමන් විසින් ටෙන්ඩර් නොකරන ලද භාණ්ඩ වෙනුවෙන් කිසිදු ගෙවීමක් කිරිමට ආසියානු සංවර්ධන බැංකුව හෝ ලෝක සෞඛ්‍ය සංවිධානය කිසිදු අවස්ථාවක එකඟ නොවන බව පවසන සැපයුම්කරුවෝ ආණ්ඩුව උත්සාහ කරමින් සිටින්නේ එම ආයතන දෙක මත වගකිම පටවා රුපියන් බිලියන දෙක ගෙවීමෙන් මග හැරීමට යැයි ද සඳහන් කරති.

ඉකුත් ජනවාරි මාසයේ දී ගෙවිය යුතු මෙම මුදල් නොලැබීම නිසා සැපයුම්කරුවෝ දැඩි අපහසුතාවකට පත්ව සිටින අතර ඔවුන්ගේ ව්‍යාපාර කඩා වැටීමේ අවදානමක් ද උද්ගත වී තිබේ.


එපමණක් නොව සැපයුම්කරුවන්ට සිදු වී  ඇති අසාධාරණය නිසා රජයේ රෝහල්වලට සපයන වෙනත් ඖෂධ සැපයීම ද ඔවුන් විසින් නතර කරනු ලැබ ඇත. මෙම තත්ත්වය මත මේ වන විට රජයේ රෝහල්වල හිඟ වී ඇති ඖෂධ වර්ග ප‍්‍රමාණය පන්සියයකට අධික ය.

හෘද රොගීන්ට දෙන  ( enoxaparin)   ගර්බනි මව්වරුන් ප්‍රසුත අවස්ථාවෙ දෙන ( oxytoxin)   රිකෙට්සියා රෝගී දරුවන්ට  දිනපතා දෙන   ඖෂධ රෝහල්වල නොමැත. විශේෂයෙන් රිකෙට්සියා රෝගි දරුවන්ට මෙම ඖෂධ නොමැතිකමින් ඔවුන්ගේ  අත්පා   යථා තත්ත්වයට පත්කළ නොහැකි වනසේ වක ගැසී ඇත.

අඳිරි නීතිය නිසා රෝහල්වලට සහ සායනවලට රොගීන් නොපැමිනෙන හෙයින් එම තත්ත්වය  ඉස්මතු නොවී පවතී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙන් ම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අකාර්යක්ෂම පාලනය මෙම තත්ත්වයට හේතුව බව පෙන්වා දෙන සැපයුම්කරුවෝ අවම වශයෙන් අවම ගෙවීමක් නොමැතිව තම ව්‍යාපාර පවත්වා ගෙන යන්නේ කෙසේදැයි ප‍්‍රශ්න කරති. මෙම අසාර්ථක පරිපාලන තත්ත්වය දිගින් දිගට ම පැවතුණහොත් මෙරට රෝගීන් දැඩි අසරණභාවයකට පත් වනු ඇති බවට ද සැපයුම්කරුවෝ අනතුරු අඟවති.

 

 

 

Exit mobile version