අලුත් මාරක කොවිඩ් ප්‍රභේදය නියෝකොව්… වැළඳුන අයගෙන් තුනෙන් එකකට මරණිය අවදානමක්!

දකුණු අප්‍රිකාවේ වවුලන් අතර වේගයෙන්  පැතිර යන කොරෝනා වයිරස්  ප්‍රභේදයක්  වූහාන් හි චීන පර්යේෂකයන්  කණ්ඩායමක්  විසින්  අනාවරණය කරගෙන තිබේ.

NeoCov,  ලෙස නම් කර ඇති මෙම ප්‍රභේදයේ තව දුරටත් විකෘතිතා ඇති වුවහොත්  අනාග මනුෂ්‍ය සංහතියට බිහිසුණු අනතුරක් ඇති විය හැකි බව පර්යේක්ෂකයෝ  සැක කරති.

මෙම වෛරසයේ බිහිසුණු කම වන්නේ ආසාදනය වූවන්ගෙන් සියයට තිහක ප්‍රතිශතයක් මරණය පත්වීමේ අවදානම ය. එමෙන්ම මෙතෙක් භාවිත වන කිසිම කොවිඩ් එන්නතකට මෙම වෛරස් ප්‍රභේදය ඔරොත්තු නොදෙන බව ද  පර්යේෂකයෝ පවසති.


වර්ෂ  2012 දී සෞදි අරාබියේ ප්‍රථම වරට හඳුනාගත් වෛරස් රෝගයක් වන මැදපෙරදිග ශ්වසන සින්ඩ්‍රෝමය හෙවත් මාර්ස්  වෛරස් රෝගය හා  සමඟ NeoCov සමීපව සම්බන්ධ වන බව තවමත්    සමාලෝචනය නොකළ අධ්‍යයනයකින් පෙන්වා දී ඇත.

කොරෝනා වයිරසය  යනු සෙම්ප්‍රතිශ්‍යාවේ සිට දරුණු උඝ්‍ර ශ්වසන සින්ඩ්‍රෝමය (SARS) දක්වා රෝග ඇති කළ හැකි විශාල වෛරස් පවුලකි.

චීන විද්‍යා ඇකඩමියේ සහ වුහාන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් සඳහන් කළේ NeoCov දකුණු අප්‍රිකාවේ වවුලන් ගහනයක දක්නට ලැබෙන අතර අද වන විට මෙම සතුන් අතර පමණක් ව්‍යාප්ත වන බවයි.

එහි වර්තමාන ස්වරූපයෙන්, NeoCov මිනිසුන්ට ආසාදනය නොවන නමුත් තවදුරටත් විකෘති වීමෙන් එය හානිකර විය හැකි බව පර්යේෂකයෝ සඳහන් කරති.

“SARS-CoV-2 ප්‍රභේදවල   ඇති විස්තීර්ණ විකෘති සැලකිල්ලට  ගත්තොත්,  විශේෂයෙන් දැඩි ලෙස විකෘති වූ Omicron ප්‍රභේදය සැලකුවොත්,  මෙම NeoCov වෛරස ප්‍රභේදය තවදුරටත් අනුවර්තනය වී මිනිසුන්ට ආසාදනය කිරීමේ ගුප්ත විභවයක් තිබිය හැකිය,” පර්යේෂකයන් පවසන්නේ එසේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


NDTV

Exit mobile version