අපේ පරීක්ෂකයෝ ප්‍රති පිළිකාකාරකයක් සොයා ගනිති… ඖෂධ කීපයක් ලඟදීම වෙළෙඳපලට…

ගයාන් සූරියආරච්චි –

පිළිකා සෛල විනාශ කළ හැකි පෝෂක ඖෂධ කීපයක් ළගදීම වෙළෙදපොළට නිකුත් කරන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන, අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ ආචාර්ය සමීර ආර්. සමරකෝන්  කියයි.

ඉහළ කීර්තිනාමයක් හිමිකරගෙන ඇති ඖෂධීය තේ නිෂ්පාදිත සමාගමක් හා ඒකව මෙම පෝෂක ඖෂධ වෙළෙදපොළට නිකුත් කිරීමට ගිවිසුම් අත්සන් තැබූ බවත් සමරකෝන් මහතා පැවැසීය.

ස්වාභාවික ඖෂධවලින් ප්‍රති පිළිකාකාරක සෙවීම සදහා වසර ගණනාවක් තිස්සේ පර්යේෂණවල නියැළීමේ ප්‍රතිඵලයක් ලෙස මෙය නිපදවීමට හැකිවී තිබේ.


පිළිකාවලින් පෙලෙන සහ ඉදිරියේදී පිළිකා ඇතිවීමට අවදානමක් ඇති පිරිස් සදහා භාවිතයට ගත හැකි වන පරිදි මෙම පෝෂක ඖෂධය නිපදවා තිබේ.

ඒ පිළිබදව අදහස් දැක්වූ ආචාර්ය සමීර ආර්. සමරකෝන් මෙසේ කීය.

 Sameera-Samarakoon
ආචාර්ය සමීර සමරකොන්

“බෝ නොවන රෝග අතරින් ලෝකයේ දෙවනුවට වැඩිම මරණ සංඛ්‍යාවක් වර්තාවන රෝගය ලෙස පිළිකා රෝගය සැලකෙනවා. එක දිනකදී ලොවපුරා සිටින පිළිකා රෝගීන් 25,000 ට අධික සංඛ්‍යාවක් මරණයට පත්වෙනවා.“

“අපි වසර ගණනාවක් තිස්සේ ප්‍රති පිළිකාකාරක සෙවීමේ පර්යේෂණවල නිතරව සිටිනවා. ඒ අනුව ස්වාභාවික ආහාරවර්ග අලලා සිදුකළ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස මෙම පෝෂක ඖෂධ සොයාගැනීමට අපට හැකිවුණා. එමෙන්ම එම ඖෂධ උපයෝගීකරගෙන සිදුකළ පර්යේෂණවල සාර්ථක ප්‍රතිඵල ලැබී තිබෙනවා. ඒ අනුව මෙම පෝෂක ඖෂධ සුවහසක් පිළිකා රෝගීන් වෙනුවෙන් වෙළෙදපොළට රැගෙන ඒමට අපට හැකිවුණා.“

“මෙම පෝෂක ඖෂධ මගින් පිළිකා රෝගීන්ගේ ජිවන මට්ටම ඉහළින් පවත්වා ගැනීමට සහ පිළිකා සෛලවල සිදුවන සීග්‍ර වර්ධනය යම් පමණින් හෝ අඩාල කිරීමට හැකියාව තියෙනවා. “ යැයි සමරකෝන මහතා පැවැසීය.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකාදීප

 

Exit mobile version