5000-5000=2500

colum

රජයේ සෙවකයන්ට වැඩි කළායැයි අමර ප්‍රසිද්ධියක් ලබා දුන් රැපියල් පන්දාහේ දීමනාව අමන ලෙසින් නවතා (තාවකාලිකව) ඇතැයි දූෂමාන ආරංචියක් පැතිරයයි. එය නම් මේ සත්ගුණවත් ආණ්ඩුවේ අසත්පුරැෂ ක්‍රියාවක් විය නොහැකි බවත් කවුරැන් හෝ මේ හොදටම කරන ආණ්ඩුවේ උතුරා යන ජනප්‍රියත්වය ඉවසා ගත නොහී කළ ඉරිසියාකාර කඩාකප්පල් ක්‍රියාවකැයි මම තරයේ විශ්වාස කරමි.

‘මැරිලත් අවුරැදු පහක් යනකම් මම මෙයාලට ආදරෙයි’ කියා රජයට ඡන්දය දුන් මිතුරෙකු මා ඇමතුවේ යහපත් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙනි.

“යාන්තම් අවුරැදු දෙකක් ගියා. තව තුනයි” යන්නෙ කොහෙද මල්ලෙ පොල් පිළිතුරකි මිතුරා දුන්නේ.


“හරි දැන් පන්දාහට මොකද වුනේ කියනවකෝ?” මම මාතෘකාවට බැස්සෙමි.

“මචං මගේ මිල සූත්‍රය අනුව නම් දීපු පන්දාහ අයෙත් ගත්තත් තාමත් දෙදහස් පන්සීයක් ඉතිරියි” මිතුරා සතුටින් කීය.

“අම්මපා උඹට ගැලපෙන්නේ මේ ආණ්ඩුවේ ආර්ථික උපදේශකකමක්”

“ඇයි ඒ?” මිතුරා⁣ තොදොල් වූවේය.

“නෑ ඔය වගේ විශිෂ්ට ගණිත ඥාණය තියෙන අය දැන් අවශ්‍ය වෙලා තියෙන්නෙ එයාලට තමයි” මම කීවෙමි.

“දැන් බලහං ඔය කතාවෙන් පඩියට එල්ලපු පන්දාහ ගැලෙව්වට අපේ බෙල්ලේ එල්ලපු දෙදහස් පන්සීය තාම තියෙනවනේ” මිතුරා නැවත කීය.

“කොහෙද මිනිහෝ දෙදාස්පන්සීයක් බෙල්ලෙ එල්ලලා තියෙන්නේ. දැන් බෙල්ලෙ එල්ලිලා තිබුණු ඒවා වැඩිහරිියක් තියෙන්නේ උකස් කඩවල. තව ටික දවසකින් බෙල්ලෙ තියෙන එකම ප්‍රයෝජනය වෙන්නේ එල්ලෙන්න එක තමයි” මම කෝපයෙන් කීවෙමි.

“ආන්න ඒකයි ප්‍රශ්නේ. උඹලගෙ බෙල්ලේ දෙදාස්පන්සීය එල්ලගෙන නෑනෙ තාම. මුලින් දෙදාස්පන්සීය බෙල්ලෙ එල්ල ගනිනං. ඊට පස්සේ පන්දාහ දහදාහ ලැබුණත් එකයි නැතත් එකයි. අඩුගානේ දෙදාස්පන්සීය තියෙනවනේ තනි නොතනියට” මිතුරා ප්‍රීතියෙන් කීය.

“කොහේ තියෙන දෙදාස්පන්සීයක් ද යකෝ බෙල්ලේ එල්ල ගන්නේ?” මම බැරිම තැන ඇසුවෙමි.

“ඇයි යකෝ ඔය හැම තැනම තියෙන්නේ. ඇස් පේන්නෑ වගේනෙ කතා කරන්නේ. කැමති තැනකින් අරගෙන දෙදාස්පන්සීයක ශ්‍රෙෂ්ඨ සිංහල බෞද්ධ ඉතිහාසය බෙල්ලෙ එල්ල ගනිං.”

“ඒ දෙදාස්පන්සීයෙන් කන්න බඩු ගන්න පුළුවන් ද මනුස්සයෝ?” එවර නම් මිතුරා සමග ආවේ එසේ මෙසේ⁣ කේන්තියක් නොවේ.

“යකෝ රටේ ප්‍රධානම ව්‍යාපාරික පවුල විකුණන්නෙම ඒක. ඒ දෙදාස්පන්සීය විකුණලා ගෙවුණු දෙදාස්පන්සීයේ කවුරැවත් වැජඹුනේ නැති විදියට වැජඹිලා කාලා බීලා ජොලි කරලා මේ ඉන්නේ” මිතුරා කීවේ සැබෑවටය.

“මළකුණක් විකුණලා ධනවතෙක් වුණු දුප්පතාගේ කතාන්දරේ අහළා තියෙනවද?” මිතුරා මගෙන් විමසීය.

“දැන් උඹ කියන්නේ අපිටත් මළකුණු විකුණලා පෝසත් වෙමු කියලද?” මම මිතුරාගෙන් විමසුවේ කතාබහ අවසන් කරනු රිසියෙනි.

“නෑ නෑ දැන් ඒකට පරක්කු වැඩියි. මළකුණ විකුණන එක ඒගොල්ලෝ බාර ගෙන ඒකට කැම්පේන් කරලා, ප්‍රඩක්ට් එක මාර්කට් එකේ ඉහළටම ගෙනල්ලා හැට නම ලක්ෂෙකට විකුණලා අසංඛ්‍යෙය ප්‍රොෆිට් එකකුත් අරගෙන තියෙන්නේ.”

“එතකොට ඕක ගත්තේ රැවටිලා කියලා ඔහේලට ප්‍රඩක්ට් එක නැවත දෙන්න නැත්තං රිටර්න් කරන්න බැරිද?” මම ඇසුවේ දැන ගැනුම පිණිසය.

“ඇන්ටීක් බඩු නෙ මල්ලි. රිටර්න් ඒ ගොල්ලො බාර ගන්නේ නෑ. හැබැයි කැමති වුනත් නැතත් එයාලගෙ බිස්නස් එක ලොස් වෙනකොට ඒ රිටර්න් එක නම් අපිට බාර ගන්න වෙනවා. ඒවා එන්නේ එකට දෙක ගානේ. රැපියල් නෙමෙයි ඩොලර්, ගෑස්, පොහොර වගේ වෙස්වලාගෙන. අනාගතේදී ප්‍රෙට්රල් ඩීසල් හාල් පොල් වෙලත් ඒවා නොඒවියි කාටද කියන්න පුළුවන් ?”

“එතකොට බැරි බව දැන දැන පන්දාහක් දෙන්නම් කිව්වෙත් අපිටම රිටර්න් එක දෙන්නද?” මම ඇසුවෙමි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“මම කිව්වේ ඒ ගොල්ලෝ බය නෑ පන්දාහ අත්හිටවන්න. මොකක් අත්හිටෙව්වත් තාම දෙදාස්පන්සීය ඉතිරියිනේ”

Exit mobile version