ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමයෙන් පෙළෙන අපේ රටේ මිනිස්සු!

ශාන්ත ජයරත්න –
ජ්‍යෙෂ්ඨ උපදේශක (හිටපු) – ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය (SLIDA)

  1. කුමක්ද ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය කියන්නේ ?

ස්ටොක්හෝම් සින්ඩ්‍රෝම් කියන්නේ එක්තරා ආකාරයක මානසික ප්‍රතික්‍රියාවක් (Emotional Response ).

  1. මෙය සිදුවන්නේ කෙසේද ?

ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය ඇති වන්නේ යම් බලය ඇති පුද්ගලයකු (Abuser) විසින් කිසියම් තැනැත්තෙක් හෝ පිරිසක් නිරන්තර හිරිහැරයට පත්කලත්, හිරිහැරයට භාජනය වන්නන් එසේ හිරිහැර කරන්නා (Abuser ) කෙරෙහි කිසිදු වෛරයක් හෝ කේන්තියක් ඇති කර නොගැනීමයි (Have a postive feeling towards the abuser ). උදාහරණයක් හැටියට , රටක පාලකයන් රටේ ජනයා කොපමණ වද වේදනාවට පත් කළත්, රටේ සම්පත් කොල්ල කෑවත්, අනේ ඉතින් අපේ නායකයෝ නිසා නේ අපිට ජීවත් වෙන්න හරි රටක් තියෙන්නේ කියා හිත හදාගෙන ඉන්නවා වගේ කියලා හිතුවොත් නිවැරැදියි.

  1. මෙය ස්ටොක්හෝම් සින්ඩ්‍රෝම් ලෙස හඳුන්වන්නේ ඇයි ?

බැංකුව තුළ ප්‍රාණ ඇපයට පත් සේවකයින්…Jan-Erik Olsson ගේ ඡයා රූපයක්…

ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය ලෝකයට මුලින්ම ඉදිරිපත් කරන්නේ  වර්ෂ 1973 දී ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර ජීවත් වූ අපරාධ විද්‍යාව පිළිබඳ විශේඥයෙක් වු නිල්ස් බෙජරොට් (Nils Bejerot ) විසින්. 1973 දී ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර බැංකුවකට කඩා වැදුණු මංකොල්ල කරුවන් කණ්ඩායමක් විසින් එහි සේවකයින් පිරිසක්  ප්‍රාණ ඇපයට ගන්නවා. ඉතා කෲර ලෙස බැංකු සේවකයින් හිරකගෙන හිටියත් යම් කාලයක් ගතවීමේදි බැංකු සේවකයින් සහ මංකොල්ල කරුවන් අතර මිත්‍රත්වයක් ඇතිවෙනවා. යම් අවස්ථාවක ඔවුන් මුදවා ගැනීමට පොලීසිය මැදිහත් වීමට උස්සාහ කලත් ප්‍රාණ ඇපකරුවන් එය ප්‍රතිකේෂ්ප කරනවා. කාලය ගතවීමත් සමග බැංකු සේවකයින් සහ මංකොල්ල කරුවන් අතර දැඩි ලබැඳියාවක් ඇති වී තිබෙනවා. පසුකාලීනව මංකොල්ල කරුවන් විසින් ප්‍රාණ ඇපකරුවන් පිරිස නිදහස් කරනවා .  අනතුරුව මංකොල්ල කරුවන් පොලිස් අඩංගුවට පත්වීමෙන් පසු ඔවුන්ගේ නීතීඥ ගාස්තු පවා ගෙවීමට ඉදිරිපත් වන්නේ බැංකු සේවකයින් බව කිව්වොත් ඔබ පුදුම වනු ඇති . මෙයින් පෙනී යන්නේ, ඔබ යම් දිගු කාලයක් කිසියම් බලය ඇති පුද්ගලයකු යටතේ හිරිහැරයට ලක්වුවත්, කාලයාගේ ඇවෑමෙන් ඔබ එම තත්ත්වයට හුරු වනවා. ස්ටොක්හෝම් සින්ඩ්‍රෝම් කියන්නේ එයයි.


  1. ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමයට ලංකාවේ ජනයා ගොදුරු වී ඇද්ද?

ලංකාවේ පාලකයන් රට බංකොලොත් කොට අද වන විට රටේ ජනයා විශාල පීඩනයකට පත්කොට තිබෙනවා. ජනයා දින ගණන් තෙල් ගෑස් පෝලිම් වල ගත කිරීම තුළ  එය ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතයේ කොටසක් බවට පත්වී තිබෙනවා. පැමිණි දුක් පැණි රසයි කියන්නාසේ සියල්ල විඳ දරාගෙන සිටීමට ඔවුන් පුරුදු වී සිටිනවා.

විශේෂයෙන්ම පසුගිය අවුරුදු 30 ක කාලය තුළ රට පාලනය කල පාලකයන් සහ ඔවුන්ගේ හිතෛෂීන් රටේ ජාතික ධනය ඩොලර් බිලියන ගණනක් හොරකම් කළ  බව ප්‍රසිද්ධ රහසක්. එහෙත් රටේ බහුතර ජනයා ඒවා සම්බන්ධව වගේ වගක් නැතිව සිටීම තුළ  පෙනී යන්නේ ජනයා ඒවාට හුරු වී සිටින බවක්.

ලංකාවේ ඉහළ යන උද්ධමනය තුළ භාණ්ඩ හා සේවා මිල අහස උසට නැග තිබෙනවා. එහෙත් ජනයා ඊට දක්වන ප්‍රතිවිරෝධය එතරම් ප්‍රදර්ශනය නොවීමට හේතුව ඔවුන් එයට හුරු වීම විය හැකියි. එය විඳ දරාගෙන තම පණ ගැට ගසා ගැනීමට උස්සාහ කරනවා .

එසේනම් , ඔබට ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය වැළඳී තිබෙනවා ද ? ඔබ ඔබෙන්ම අසා බලන්න. තවදුරටත් අප මේ ආකාරයට හිරිහැරයට පත්වෙමින් සියළු දුක් කම් කටොළු විඳ දරාගෙන සිටිනවාද එසේ නැතහොත් ඉන් මිදීම සඳහා අපව හිරිහැරයට පත්කරන්නන්ට විරුද්ධව නැගී සිටිනවාද?.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔබ එසේ කල් ගත කරමින් ඔබව පීඩාවට පත්කරන්නා සමග කාලයක් ජීවත් වීම තුළ  අනිවාර්යයෙන්ම ඔබට ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය වැළඳෙනු ඇති බව අවධාරණය කල යුතුය.   ඉන් මිදීමට කළ හැක්කේ අප පීඩාවට පත්වන බව වටහාගෙන අප පීඩාවට පත්වූ පුද්ගලයින්ට ප්‍රතිවිරෝධය දක්වා අපට නිදහසේ ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කර ගැනීමයි.

Exit mobile version