ශ්‍රි ලංකාවේ අපි විඳින අමිහිර මාලදිවයිනටත් විඳින්නට සිදුවෙයිද?

 

පවතින ආර්ථික අර්බුදයට එරෙහිව සටන් කිරීමට පසුගිය මාස හතර තුළ ශ්‍රී ලංකාව කිසිදු උත්සාහයක් ගත්තේ නැත. එහි ගෞරවය හිමි වන්නේ වසර ගණනාවක් ශ්‍රී ලංකාවේ දේශපාලන  ආධිපත්‍යය පතුරවන ලද රාජපක්ෂ පරම්පරාවටය.

පසුගිය ජූලි 09 වැනිදා ශ්‍රී ලංකාවේ විප්ලවීය දිනයක් ලෙස නම් කිරීම නිවැරදිය. එවකට ජනාධිපතිධුරය හෙබවූ ගෝඨාභය රාජපක්ෂට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් මුළු රටම පාරට බැස්සේය. රාජපක්ෂලාට රජවරුන් ලෙස සැලකූ , විශේෂයෙන් දෙවියකු ලෙස සැළකූ මහින්ද රාජපක්ෂගේ කීර්තිය නැතිව ගියේ කෙසේද? ඔහුට අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදු වූයේ ඇයි?

මහින්ද රාජපක්ෂ ජනතාවගේ හදවතේ රජවීම-


වසර 26ක් පුරා පැවතුන ජනවාර්ගික සිවිල් යුද්ධය අවසන් වීමත් සමඟ  මහින්ද රාජපක්ෂ භූමිකාව ශ්‍රී ලංකාවේ මුල් බැස ගැනීමට පටන් ගත්තා යැයි කිවහොත් නිවැරදිය. මෙම යුද්ධය අවසන් කිරීමට රාජපක්ෂ මහතාට වෙනත් පාර්ශ්වයක් මත යැපීමට සිදුවිය.  චීන ව්‍යාපෘතිය කලඑළි බසින්නේ මෙම අවශ්‍යතාවය මතය.

මහින්ද රාජපක්ෂ 2005 සිට 2015 දක්වා බලයේ  රැඳී සිටියේ එම ආශීර්වාදය මැද්දේය. වසර 2018 පළ වූ නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාවක් පෙන්වා දුන්නේ හම්බන්තොට වරාය ඉදිකළ චයිනා හාබර් සමාගම විසින් රාජපක්ෂ සහෝදරයන්ගේ ආධාරකරුවන්ගේ ඇඳුම් පැළඳුමේ සිට මැතිවරණ ව්‍යාපාරයට මුදල් සැපයූ බවයි.

චීන ජනාධිපති ෂී ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ සංචාරය-

වර්ෂ 2014 සැප්තැම්බර් මාසයේ දී චීන ජනාධිපති ෂී ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ නිල සංචාරය=ක නිරත විය. ශ්‍රී ලංකාව ඒ වන විටත් චීනය සමඟ සුහද සබඳතාවක් ගොඩ නඟා ගෙන තිබූ නමුත් මාලදිවයිනේ අලුතින් පත් වු ජනාධිපති යමීන්ගේ නායකත්වය යටතේ යම් යම් වෙනස්කම් සිදු වෙමින් පැවතිණි.

චීන ජනාධිපතිවරයා හඳුන්වා දුන් එක් තීරයක් එක් මාවතක් ( BRI) පිළිබඳව යමීන් සිටියේ සුබවාදී දෘෂ්ටියකිනි. ඒ වත්කම් මත පාලනය ලබා ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක කළ නොහැකි ව්‍යාපෘති සඳහා චීනයේ   ණය මුදල් ලබා ගැනීම පහසු වූ නිසාය.

ඒ අනුව 2007 දී නිර්මාණය කරන ලද Male-Hulhumale පාලම, ඩොලර් මිලියන 210 ක වියදමින් චයිනා හාබර් ඉංජිනේරු සමාගම විසින් ඉදිකරන ලදී. ඒ සමඟම Beijing Urban Construction සමූහය විසින් 2018 දී හුල්හුමාලේ හි ඇණහිට තිබූ මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය නිම කරනු ලැබීය.

චීනයෙන් ලබාගත් ණය හරහා දැන් එහි එකතු වී ඇති සමස්ත ණය ප්‍රමාණය ඩොලර් බිලියන 1.5 කි. ඊට  එවක රජය විසින් සෘජුවම ලබා ගත් ඩොලර් මිලියන 600 ක ණය ඇතුළත් වන අතර ඉතිරිය රජය විසින් ස්වෛරී ඇපකර නිකුත් කළ සමාගම් විසින් ලබා ගත් ණය වේ. ස්ට්‍රේට් ටයිම්ස් හි වාර්තාවක් පවසන්නේ ලෝක බැංකු වාර්තාවන්ට අනුව  මාලදිවයින බීජිං වෙත ඩොලර් බිලියනයකට වඩා ණය වී ඇති අතර එහි මුළු ණය ඩොලර් බිලියන 5.6 ක් බවයි.

මාලදිවයින සහ ශ්‍රී ලංකාව චීනයට උපාය මාර්ගික වශයෙන් වැදගත් වීම

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වෙත යන අතරතුර, 2014 මැයි 15 වැනි දින  මාලදිවයිනේ සංචාරයක නිරත වූ චීන ජනාධිපති ෂි ජින්පින්ග්, එක් තීරයක් එක් මාවතක් ( BRI) යටතේ මාලදිවයිනේ වැදගත්කම අවධාරණය කළේය.

චීනයේ ත්‍යාගශීලීත්වයේ පරිමාණය ලොව පුරා ඒකාකාර නොවේ. විශේෂයෙන්ම ලෝකයේ භූ දේශපාලනික වශයෙන් වැදගත් ප්‍රදේශ වල චීනය තම මුදල් උපක්‍රමශීලීව භාවිතා කරයි. ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඩොලර් බිලියන 1.5කට ආසන්න මුදලක් වැය කළේය. නමුත් වසර කිහිපයක් ඇතුළත එම වරායේ ආර්ථික ප්‍රතිලාභයක් ලබා නොදෙන බව පැහැදිලි වූ අතර ණය ගෙවීම පැහැර හරින තත්ත්වයකට පත් විණි. වර්ෂ 2017 දී චීනය විසින් එම වරාය වසර 99ක බද්දක් ගත්තේය. එය ඉන්දියානු සාගරයේ කාර්ය බහුලම නැව් මාර්ගයක පිහිටා ඇති බැවින් චීනයට වටිනා උපාය මාර්ගික වත්කමකි. මෙම නැව් මාර්ගයේ ඉන්ධන යාත්‍රා සහ නෞකා දස දහස් ගණනක් මේ මාර්ගයේ ගමන් කරයි. ශ්‍රී ලංකා නිලධාරීන් චීන නීලධාරීන් සමඟ වරායේ කොන්දේසි පිළිබඳව සිදු කළ සාකච්ඡාවේදී  , වරායේ  උපායමාර්ගික වටිනාකමක් දුටු බව චීන නිලධාරීහු අවංකව ප්‍රකාශ කළහ.

දුර්වල වූ ප්‍රජාතන්ත්‍රවාදයට ඇතුල් වීම:

චීනය මෙසේ ඇතුළු වන්නේ දුර්වල වූ ප්‍රජාතන්ත්‍රවාදයටය. ඔවුන් බිලියන ගණන් මුදල් පුරවන්නේ රටකට නොව, එම රටේ දූෂිත දේශපාලකයන්ටය. චීන රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලදී මෙය සාමාන්‍ය දෙයක් නොවේ. ශ්‍රී ලංකාවේ 2015 සහ 2018 මැතිවරණ දෙකේදීම චීනය ආයෝජනය කළේ රාජපක්ෂවරුන්ගේ ප්‍රචාරක ව්‍යාපාරය සඳහාය.

චීනයේ වැඩිම අත පෙවීම් ඇත්තේ දුර්වල ආයතන, බිඳ වැටෙන සිවිල් සමාජ, දේශපාලන මත බේද විශාල වශයෙන් පවතින රටවලය.එවැනි රටවල විභවයක් ඇති නායකයන් සමඟ සබඳතා ගොඩ නැගීමට චීනය සූ=ක්ස්මව කටයුතු කරයි. මාලදිවයිනේ යමීන් චීනය කෙරෙහි නැඹුරු වීමට හේතු පාදක වන්නේ 2018 වසරේ ඔහුගේ ප්‍රතිරූපය නඟා සිටුවීමට දියත් කළ සැවැන්ත සංවර්ධන ව්‍යාපෘති හා මාධ්‍ය කාර්ය මණ්ඩල පිහිටුවීමත් සමඟය.  මෙම වෙබ් අඩවි සහ නාලිකා අද දක්වාම,  2023 මැතිවරණය සඳහා දක්වාම  යමීන් ගේ ප්‍රතිරූපය ගොඩ නැංවීමට අරමුදල් සපයා ඇත.

 

ශ්‍රී ලංකාවේ යථාර්ථය ළඟදීම මාලදිවයින විය හැකිය:

චීනය ශ්‍රී ලංකාවේ වරාය සහ අනෙකුත් යටිතල පහසුකම් ගොඩනැගීම රට තුළ ව්‍යාපාර ඉහළ නැංවීමට හේතු වූයේ නැත. ඒ වෙනුවට ඩොලර් බිලියන ගණනක ණය ශ්‍රී ලංකාවේ ආර්ථිකය අඩපණ කළ අතර  ණය පැහැර හැරීමට ද හේතු විය. අප්‍රේල් මාසයේදී විදේශ සංචිත අවසන් වූ අතර, ආහාර හිඟය, විදුලි කප්පාදුව සහ විරෝධතා හේතුවෙන් ජනාධිපතිවරයෙකුට, අගමැතිවරයෙකුට සහ සමස්ත කැබිනට් මණ්ඩලයට ඉල්ලා අස්වීමට සිදුවිය.

මේ අවස්ථාවේදී ණය ගෙවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට යම් සහනයක් ලබා දීමට චීනයට හැකි නමුත් ඒ වෙනුවට ඔවුන් ඉදිරිපත් වූයේ තව තවත් ණය ලබා දීමටය. එවන් සහනයක දැඩි අවශ්‍යතාවයක් මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට ඇති නමුත් ඒ සඳහා චීනය පසුබට වීම හාස්‍යජනකය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රට යථා තත්ත්වයට ගෙන ඒම සඳහා, ශ්‍රී ලංකාව මෙතෙක්  ගෙන ඇති සියලු වැරදි කළමනාකාරිත්වයන් සහ වැරදි තීරණවලින් ආපසු හැරෙන්නට ප්‍රමාද වැඩිය. නමුත් ඉදිරි වසරවලදී, දක්ෂ නායකයින් බලයට පත්වීමත් සමඟ, ශ්‍රී ලංකාව මෙම අර්බුදය ජය ගනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

Exit mobile version