වල් අලි කරදර… කෘමි උවදුරු…. මීඔය ව්‍යාපාරයේ  ගොවීහු මේ කන්නයේත් හූල්ලති…

මීඔය ව්‍යාපාරයේ මෙවර මාස්කන්නයේ අස්වැන්න නොසිතූ ලෙස,පහත,වැටී ඇතැයි ගොවියෝ මැසිවිලි නගති. එය සියයට හැටකින් පමණ පහළ ගොස් ඇතැයි ගොවීහු පවසති. ජලය ප්‍රමාණවත් පරිදි ලැබුනද පලිබෝධ හානි හා වල් අලින්ගෙන් සිදුවූ හානි එයට හේතු වූ බව ද, ඔවුහු පවසති .

මීඔය ව්‍යාපාරය අබකොලවැව , අතරගල්ල , පාලුකඩවල යන ගොවි ජනපදවලින් යුක්ත වේ. මෙම ගොවි ව්‍යාපාරයේ වැව් අතරින් ප්‍රධාන තැනක් ගන්නා අබකොලවැව ජලාශයේ ජල ධාරිතාව අක්කර අඩි 6700කි. එහි ලේඛනගත කුඹුරු ප්‍රමාණය අක්කර 840කි. ලේඛනගත පවුල් සංඛ්‍යාව 417කි.

අතරගල්ල ජලාශයේ ජල ධාරිතාව අක්කර අඩි 3688කි. කුඹුරු අක්කර 1036 කි. පවුල් සංඛ්‍යාව 590කි. පාලුකඩවල ජලාශයේ ජල ධාරිතාව අක්කර අඩි 7688කි. පවුල් 1127 ක් කුඹුරු අක්කර 2400ක් වගා කරති.


මීට අමතරව තවත් කුඩා වැව් රාශියක් හා පාලුව ගොවිජනපදය මෙම ව්‍යාපාරයට අයත් ය. ජනපද ආරම්භයේ පවුල් සංඛ්‍යාව මේ වන විට දෙගුණ තෙගුණ වී ඇත. රක්ෂිත ඉඩම් බිම් අඟලක් නෑර සංවර්ධනය කර ඇති හෙයින් ගොවි ව්‍යාපාර යේ ආරම්භක අක්කර ප්‍රමාණය ට තවත් අක්කර දහස් ගණනක් එකතු වී ඇත.

එහෙත් මෙම ව්‍යාපාර යේ ගොවියාට ගොවිතැන එපා වෙන තත්වයකට පත්ව ඇත. අපේක්ෂිත ආදායම නොලැබේ නම්   දහසකුත් දුක් විඳිමින් වී වගා කිරීමේ ඵලය කුමක් දැයි ඔවුහු විමසති.

කේ.පී ටිකිරි බන්ඩාර

කේ.පී ටිකිරි බන්ඩාර ගොවි මහතා අදහස් ප්‍රකාශ කලේ මෙසේය….

“..වගාව පටන් ගත්ත දා ඉඳල ලෙඩ රෝග. තෙල් ගහල එපා වුනා. තෙල්වලට විතරක් තිස් හතලිස්දාහක් වියදම් වුනා. ඒත් ආදායම තිබුනටත් වඩා අඩු වුනා… මේ කන්නෙ අපිට ගිය වියදම් වත් ලැබෙන පාටක් නෑ . නවීන ක්‍රම යොදා ගත්තම අස්වනු වැඩිවෙනවා කියල බයිල ගහනවා… ඒකෙන් වුනේ තිබුණ ටිකත් නැතිවුන එක.

වී මිලත් ඔය කියන තරමට නෑ .. රජයෙන් වී ගන්න තැන්වලට ගිහින් දෙනවට වැඩිය කුඹුරෙන්ම කලුකඩ මුදලාලිට දෙන එක අපිට පහසු යි. එහෙන් වල් අලි කරදර.. දවල්ට කුඹුරුවල නැහෙනවා. රෑට නිදිමරනවා…. පුදුම කරුමයක් මේක. රටට බත සපයන ජාතික කාර්‍යය ට දායක වෙලා ඉන්න ගොවියට රජය, කෘෂිකර්ම අංශයේ වගකිවයුතු නිලධාරින්ගෙ අවධානය යොමු වෙනවා හොඳටම මදි.

කෘෂිකර්ම අධ්‍යක්ෂ පී. සිසිර කුමාර

වයඹ පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ පී. සිසිර කුමාර   මෙසේ පැවසුවේ ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ගොවීන් කරන චෝදනා කිසිවක් මං ප්‍රතික්ෂේප කරන්නෙ නෑ. .මමත් ගොවියෙ ක් නිසා ගොවියගෙ දුක හොඳට අඳුනනවා. මගේ කාලය තුළ ගොවියන්ට සලකන්න බැරි වුනොත් මං මේක දාල යනවා. නව තාක්ෂණය සමගින් කෘෂිකර්ම නිලධාරීන් හරහා ගොවිතැනට අවශ්‍ය සම්පත් , උපදෙස් , දැනුම හා අනෙකුත් සියලු සහන සලසන්න වැඩ පිළිවෙළක් හදලයි තියෙන්නෙ .මේක හරිම ප්‍රායෝගික යි. වගාවෙන් වගාවට, ගමින් ගමට ගිහින් නිලධාරීන් යොදවල ගොවි ගැටලු විසඳනවා.

Exit mobile version