ලංගම මාර්ග අනතුරු අඩු ආරක්ෂිතම ප්‍රවාහන සේවය කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මගපෙන්වීමෙන් වැඩසටහන් පෙළක්…

රටේ මාර්ග පද්ධතිය ඔස්සේ සිදුවන ප්‍රධානම රාජ්‍ය මගී ප්‍රවාහන ව්‍යුහය වන ලංගම අනතුරු අවම ආරක්ෂිත ප්‍රවාහන මාධ්‍යය බවට පත් කරගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් දියත් කිරීමට ලංගම සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව එක්ව කටයුතු කරමින් ඇත.

මේ සම්බන්ධව මූලික රැස්වීමක් පසුගියදා නාරාහේන්පිට ලංගම ප්‍රධාන කාර්යාලයේ දී ලංගම සභාපතිවරයාගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සමග එක්ව පැවැත්විනි.

පවතින ආර්ථික අර්බුදයත් සමග ඇති වී තිබෙන නඩත්තු කටයුතුවල දුෂ්කරතා වැනි තත්ත්වයන් හමුවේ මාර්ගස්ථ මගී ප්‍රවාහනය යම් ගැටලුකාරි තත්ත්වයකට මුහුණ දී ඇති පසුබිමක දියත්වන මෙම ව්‍යාපෘතියේ මූලිකම පරමාර්ථය වන්නේ උපරිම ආරක්ෂාව පිළිබඳව මගීන්ට හා මාර්ගයේ ගමන් ගන්නා පදිකයින්ට සහතික වීමය.

ලංගම හා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මාර්ග අනතුරු වැළැක්වීමේ විශේෂඥ කමිටුවේ සාමාජිකයින් අතර පැවැත් වූ සාකච්ඡාවේ දී ලංගම රියදුරු සහ ආරක්ෂණ නිලධාරීන් සඳහා මාර්තු සහ අප්‍රේල් වලදී පුහුණු කරුවන් පුහුණු කිරවීමේ වැඩසටහක්  දියත් කිරීමටත්, ආරක්ෂිත බස් ඩිපෝ සංකල්පය ක්‍රියාත්මක කිරීම සහ යහපත් රියදුරන් සඳහා ත්‍යාග සහ ඇගයීමේ ක්‍රමයක් හඳුන්වා දීමටත්, ප්‍රදේශීය ඩිපෝ කළමනාකරුවන් වෙනුවෙන් මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පෙබරවාරි 9 සහ 10 දෙදින තුළ පැවැත්වීමටත් තීරණය විය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකා ගමනාගමන මණඩලයේ සභාපති ලලිත් ද අල්විස්ගේ මූලිකත්වයෙන් පැවැති මෙම හමුව සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ග අනතුරු වළක්වා ගැනීමේ විශේෂඥ කමිටුව වෙනුවෙන් එම කමිටුවේ කැඳවුම්කරු වෛද්‍ය රුවන් තුෂාර මැටිවලගේ, වෛද්‍ය කපිල සූරියආරච්චි ” සේෆ් ශ්‍රී ලංකා” මාර්ග ආරක්ෂණ ව්‍යාපෘතියේ සන්නාම තානාපති ලෝක ප්‍රකට මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව, කාවින්ද මහවෙදගේ එක් වී සිටියහ.

Exit mobile version