රට තුළ ළමා ශ්‍රමිකයන් ලක්ෂයක්… 45.4 % ළමයි නිරතුරුව හිංසනයට…

දත්ත හොයාගන්න කිසිම තැනක් නෑ... වෙන්නෙ මොනවද කවරුත් දන්නෙ නෑ... රට ළමයි රකින හැටි වෘත්තිකයෝ කියති...

මෙරට දරුවන් අතරින් 45.4 % ක් කුමන හෝ ආකාරයක ශාරිරික හෝ මානසික හිංසනයකට ලක්වෙමින් සිටින බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙ සමාජ විද්‍යා අධ්‍යයන අංශ ප්‍රධානී ආචාර්ය කුමාර තෝරදෙණිය පවසන්නීය.

මේ අතරින් ළමුන් 6.9 % ක් ලිංගික හිංසනයට ලක්වන බවද ඇය ප්‍රකාශ කළාය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවැති උත්සවයකදී ආර්ය තෝරදෙණිය  මේ බව ප්‍රකාශ කළාය.


මෙරට ළමා මව්වරුන් වාර්තා වීමේ ප්‍රතිශතය 4.5 ක් බවත් නුවරඑළියේ එම අගය 5% ක අගයක තිබෙන බවත් ඇය කීවාය.  මෙරට ළමා ශ්‍රමිකයින් ලක්ෂයක පමණ පිරිසක් සිටින බවට තමන් කළ සමීක්ෂණයකදී අනාවරණය වුවත් කම්කරු දෙපාර්තුමේන්තුව, ළමාරක්ෂණ අධිකාරිය ආදි ආයතනවල පවතින දත්ත ඊට හාත්පසින්ම වෙනස් බවත් දත්ත වල පවතින පරස්පරතාව විශාල ප්‍රශ්නයක් බවත් ආචාර්යවරිය කීවාය.

ළමයින් පාසැල් නොවීම සහ ආදායම් ඉපැයීම පිණිස වෘත්තීන්වල නිරත කරවීමට දරුවාගේ දෙමව්පියන්ටද නොහැකි යැයි ඇය ප්‍රකාශ කළාය.

මෙහිදී අදහස් දැක්වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා නුවරඑළිය දිස්ත්‍රික්කයේ බාල වයස් දරුවන් පාසැල් හැරයාම 18% ක අගයක පවතින බව ප්‍රකාශ කළේය.

වතුකම්කරු පවුල්වල දරුවන් පාසැල් හැරයාම වලක්වා ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමේ අවශ්‍යතාව තිබෙන බවද ඔහු  කීය.

කිසිදු ආයතනයක නිවැරදි දත්ත නොමැති වීම විශාල ගැටලුවක් බවත් මධ්‍යම පළාත සඳහා විධිමත් දත්ත පද්ධතියක් සකස් කිරීම මේවන විටත් ආරම්භ කර තිබෙන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කෞෂල්‍යා දොරේසාමි   ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Exit mobile version