කැලණිය විශ්විද්‍යාලය අවට සරසවි සිසුන් ඉලක්ක කරගත් සම්බාහන මධ්‍යස්ථාන ගණනාවක් පවත්වාගෙන යන බවත් යොවුන් වියේ පසුවන සරසවි සිසුන් යම් පිරිසක් මෙම සම්බාහන මධ්‍යස්ථනවල ඉලක්කගත ගොදුරු වෙමින් ඇති බවත් වාර්තා වේ.
සිය නිවසේ රන් බඩු සොරකම් කර විකුණා ස්පාවල සේවය ලබා ගත් කැලණිය සරසවි සිසුවෙක් පිළිබඳ ගම්පොල පොලිස්බල ප්‍රදේශයෙන් වාර්තාවී තොරතුරු හෙළිදරව් වීමත් සමග මේ පිළිබඳ සමාජ විමර්ශකයන්ගේ අවධානයට ලක් වී තිබේ.
ඔවුන් හෙළි කරන්නේ පට්ටිය හන්දිය, තොරණ හන්දිය, දළුගම සහ කිරිබත්ගොඩ ප්‍රදේශවල මෙම සමහර සම්බාහන මධ්‍යස්ථාන සරසවි සිසුන් ඉලක්ක කරගෙන ඔවුන් වෙනුවෙන් විශේෂ සහනදායී පැකේජ ක්‍රමයක් පවත්වාගෙන යන බවය.
සේවය ලබාගත් පලපුරුදු තරුණයන්ට සිය සගයන් මෙම ස්ථානවෙත හඳුන්වා දීමේදී විශේෂ වට්ටම් හිමි වන බවත්, සරසවි සිසුන් වෙත දැරිය හැකි මිලකට සේවා පැකේජ සකසා ඇති බවත් වාර්තා වේ.
මේ සම්බාහන මධ්‍යස්ථාන වෙත ඇබ්බැහි වූ සමහර සිසුන් සිය සම්පූර්ණ මහපොළ ශිෂ්‍යාධාරය වියදම් කරන්නේ අදාල සම්බාහන මධ්‍යස්ථානවල සේවය ලබා ගැනීම සඳහා බව හෙළි වී ඇත.