මන්නාරම් ද්‍රෝණි තෙල් ගවේෂණයේ අතීත කතාව විගණනය හෙළි කරයි…

වසර 07ක කාලයක් මුළුල්ලේ කර ඇත්තේ  ලංසු කැඳවිම, ලංසු කරුවන් තෝරාගැනිම සඳහා වියදම් කිරීම විතරයි! 

ලලිත් චාමින්ද –

මන්නාරම් ද්‍රෝණියේ  m2 බිම් කොටසේ  ගවේෂණ කටයුතු හා ස්වාභාවික වායු  වාණිජමය වශයෙන් නිපදවිම සඳහා   අලෙවි ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට  . රුපියල් මිලියන 46.61ක් වැයකර තිබුනද එම අලෙවි ප්‍රවර්ධන කටයුතු අසාර්ථක වි  ඇති බව ජාතික විගණන කාර්යාලය මගින්  2019 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික  වාර්තාව සඳහන් වේ.

මෙම අලෙවි ප්‍රවර්ධන වැඩසටහන සදහා 2016 වර්ෂයේ දි ජාත්‍යන්තර තරගකාරි ලංසු කැඳවිම මගින්  අයි.එච්.එස්.ග්ලෝබල්  සමාගම  තෝරාගෙන තිබුණි. ඒ සඳහා 2016 වර්ෂයේ දෙසැම්බර් මස සිට  2018 වර්ෂයේ අගෝස්තු මස දක්වා  අලෙවිකරණ ව්‍යාපාරයක්  දියත් කිරීම සඳහා   ඇමරිකානු ඩෝලර් 300,000ක් හෙවත් 46.61 වැයකර තිබුණු බවද විගණන වාර්තාවේ සඳහන් වේ. නමුත් එම අලෙවි ප්‍රවර්ධන කටයුතු අසාර්ථක වි තිබු බවද විගණන වාර්තවේ දැක්වේ වේ.

මන්නාරම් ද්‍රෝණියේ  m ගවේෂණ බිම් කොටසේ ඛනිජතෙල් ගවේෂණ කටයුතු සඳහා 2007 වර්ෂයේ දි  ජාත්‍යන්තර් ලංසු කැඳවිමේ වටයකින් පසු කෙයාර්න් ලංකා පුද්ගලික සමාගම තෝරාගෙන තිබුණි.


2011 වර්ෂයේ දි  සිදු කරනු ලැබු කැණිම්වලින්  ස්වාභාවික වායු නිධි දෙකක් සොයාගෙන  තිබු බවද විගණන වාර්තාවේ දැක්වේ.  කෙසේ වුවද මෙම සමාගම විසින් මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ කටයුතු අතරමග නවතා 2015 වර්ෂයේ ඔක්තෝබර් මස 15 වැනි දින ගිවිසුම අත්සන් කර තිබුණි. 

එතැන් සිට වර්ෂ 04ක කාලය  මුළුල්ලේ මෙම වැඩසටහනේ කිසිදු ප්‍රගතියක් ලබාගෙන නොතිබු අතර  එය අතරමග  නවතා දමා තිබුණි.  ආයෝජකයින් විසින්  ගවේෂණ කටයුතු අතරමග  නවතා දැමිම හේතුවෙන්  නැවත නැවත ලංසු කැදවිමේ වට ක්‍රියාත්මක කිරීමට සිදුවි ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ. ඒ නිසා අධික වශයෙන්  අලෙවි ප්‍රවර්ධන වියදමක් දැරිමට සිදුවි තිබු බවද විගණන වාර්තාවේ දැක්වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම  මන්නාරම් ද්‍රෝණිය ආශ්‍රිතව  ගුවන්ගතව සිදුකරණ ගුරුත්ව  හා චුම්භක සමික්ෂණ මගින්  දත්ත රැස්කිරිමේ  ව්‍යයාපෘතියේ මුලික කටයුතු  2012 වර්ෂයේ  ආරම්භකර තිබුණි. එම ව්‍යාපෘතිය  වර්ෂ 07ක කාලයක් මුළුල්ලේ  ලංසු කැඳවිම, ලංසුකරුවන් තෝරාගැනිම  ආදි කටයුතු හැර  වෙනත් කිසිදු ප්‍රගතියක් අත්කරගෙන නොතිබු බවද විගණන වාර්තවේ සදහන් වේ.

Exit mobile version