පලස්තීනයේ ඛේදවාචකයෙන් කම්පනය වීම නිසා බොහෝ දේ අහිමි කරගත්  නිල් චිත්‍රපට තාරකාව  –  මියා ඛලීෆා

බීබීසී –

ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරවලට සහය පළ කරමින් පළකළ අදහස් හේතුවෙන් වැඩිහිටි චිත්‍රපට රංගන ශිල්පිනියක වූ මියා ඛලීෆාට දැඩි විරෝධයක් එල්ල වෙමින් තිබේ.

ඇය X සමාජ ජාලයේ (පෙර Twitter) පළ කළ අදහස් හේතුවෙන් ඇය සමග ගනුදෙනු කළ ආයතන රැසක් එම ගනුදෙනු නතර කිරීමට ද තීරණය කර ඇත‍.

ඇමෙරිකානු – ලෙබනන් ජාතික වැඩිහිටි චිත්‍රපට තාරකාවක වූ ඇය පළ කළ අදහසක දැක්වුණේ: “ඔබ පලස්තීනයේ තත්ත්වය දැක දැකත්, ඔබ සිටින්නේ පලස්තීනය පැත්තේ නොවේ නම් ඔබ සිටින්නේ වැරදි පැත්තේ යි,” යනුවෙනි.

ඇය පළ කළ තවත් අදහස් කිහිපයක් හරහා ඇය පලස්තීනයට සහාය පළකර තිබිණි.


මෙම අදහස් පළ කිරීම්වලට විරෝධය පළ කරමින් Playboy සඟරාව ඇතුළු තවත් ආයතන ඇය සමග ගනුදෙනු කිරීම නැවතීමට තීරණය කළ බව නිවේදනය කර තිබේ. Playboy සඟරාව පවසන්නේ, ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයට සහය පළ කරමින් පළ කළ අදහස් හේතුවෙන් මියා ඛලීෆා සමග පැවති සබඳතා නතරකර දමා ඇති බව ය.

මේ අතර, රෙඩ් ලයිට් හොලන්ඩ් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටොඩ් ෂපීරෝ ‘X’හි අදහස් පළ කරමින් සඳහන් කර ඇත්තේ, මියා ඛලීෆාගේ ප්‍රකාශය පිළිකුල්සහගත බව ය.

“කරුණාකර මීට වඩා යහපත් මනුෂ්‍යයෙකු වීමට උත්සහ ගන්නා,” ලෙස ද ඔහු ඛලීෆාගෙන් ඉල්ලීමක් කර තිබේ.

මේ අතර, මියා ඛලීෆාට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ ද විරෝධතා පළ වී තිබූ අතර, ඇය පලස්තීනයට සහාය පළ කිරීම අනුමත කරමින් නිකුත් කළ ප්‍රකාශ ද ඒ අතර පවතියි.

නමුත් ටොඩ්ගේ පළකිරීමෙන් පසු ඇය ඔහු ‘සයොන්වාදියෙකු’ බව පවසමින් මෙසේ සඳහන් කර තිබුණා ය: “පලස්තීනයට සහායදීමෙන් මට ව්‍යාපාරික අවස්ථා අහිමිවූ බව මම කියනවා. නමුත් මම ගනුදෙනුවට පිවිසෙන්නේ සයොන්වාදීන් සමග ද නැද්ද යන්න පරීක්ෂා නොකිරීම ගැන මම මා ගැනම කෝපයෙන් සිටිනවා.”

කවුද මේ මියා ඛලීෆා?

මියා ඛලීෆා 1993 වසරේ දී ලෙබනනයේ බේරූට්හි උපත ලබා ඇති අතර, ඇය 10 වන වියේ පසුවද්දී ඇගේ දෙමව්පියන් ඇය සමග ඇමෙරිකාවේ මේරිලන්ඩ්හි පදිංචියට පැමිණ ඇත.

ඇයට දෙමාපියන් තැබූ නම වූයේ සාරා ජෝ ය. ‘මියා කලීෆා’ යනු ඇයට වැඩිහිටි සිනමා කර්මාන්තය විසින් තබන ලද නාමය යි.

බැට්මෑන් චරිතයට සහ බාස්කට් බෝල් ක්‍රීඩාවට ප්‍රිය කළ ඇය පාසල් සමයේ දී ම ඇමෙරිකාවේ මයෑමි නගරයේ පිහිටි අවන්හලක සේවය කර ඇත්තේ මවුපියන්ට බරක් නොවී ඇගේ වියදම් පිරිමසා ගැනීමට බව ඇය ගැන ලියැවුණු චරිත කතාවල දැක්වේ.

ඇගේ අවශ්‍යතා පිරිමසා ගැනීමට එම රැකියාවෙන් ලැබූ ආදායම ප්‍රමාණවත් නොවූ හෙයින් ඇය අසභ්‍ය චිත්‍රපට හෙවත් නිල් චිත්‍රපට ක්ෂේත්‍රයට යොමු වී ඇතැ යි පැවසෙයි.

ඇය ටෙක්සාස් විශ්වවිද්‍යාලයයෙන් ඉතිහාසය පිළිබඳ උපාධියක් ද හිමිකර ගත්තා ය.

විවාහය

ඇය පාසල් වියේ දී ඇමෙරිකානු සිසුවෙකු සමග ප්‍රේම සබඳතාවක් පවත්වා ඇති අතර 2011 වර්ෂයේ දී ඔහු සමග විවාහවිය.

එම විවාහය දිගු කලක් නොපැවතුණි. 2014 වර්ෂයේ දී ඔහුගෙන් වෙන්ව තනිව ජීවත් වූ ඇය 2016 වසරේ දී ඔහුගෙන් නීත්‍යනුකූලව වෙන්වූවා ය.

පසුව, 2019 මාර්තු 14 දින ස්විස් ජාතික සූපවේදියෙකු වූ රොබර්ට් සෑන්ඩ්බර්ග් කළ විවාහ යෝජනාවකට ඇය එකඟත්වය පළ කළා ය. 2020 වසරේ දී ඇය ඔහුගෙන් වෙන්වූවා ය.

මේ වන විට ඇය රැප් ගායක ජායිකෝ සමග ප්‍රේම සබඳතාවක් පවත්වන බව වාර්තා වේ.

නිල් චිත්‍රපට

වැඩිහිටි චිත්‍රපට රංගන ශිල්පිනියක ලෙස වඩාත් ප්‍රසිද්ධියට පත්වූ මියා ඛලීෆා වඩාත් ම ප්‍රසිද්ධියට පත් වූයේ, 2014 වසරේ දී Pornhub සහ BangBros යන වැඩිහිටි වෙබ් අඩවි දෙක සඳහා හිජාබය හැඳ කළ රංගනයන් හේතුවෙනි.

මෙ වීඩියෝව නිසා ඉස්ලාමීය ප්‍රජාව දැඩි කනස්සල්ලට පත්වූ අතර, ISIS සංවිධානය විසින් ඇයට මරණ වරෙන්තු නිකුත් කරනු ලැබීය.‍

ඇය “ජීවත් වන නිවස ගූගල් මැප්හි සලකුණු කර එවමින් කළ තර්ජනවලින් පසුව දැඩි ලෙස බියට පත්වූ” බව කී ඇය ඉන් මහත් කැළඹීමට පත්ව වැඩිහිටි සිනමාවෙන් ඉවත් වීමට තීරණය කළා පමණක් නොව, එම වීඩියෝ දර්ශන ඉවත් කරන ලෙසට එම වෙබ් අඩවි දෙකට ද දැනුම් දී තිබිණි.

එහෙත් එම වීඩියෝ ඉවත් කිරීමට අදාළ වෙබ් අඩවි පියවර ගත්තේ නැත‍.

මියා පැවසුවේ, Pornhub සහ BangBros යන වෙබ් අඩවි ඇයට ගෙවා ඇත්තේ ඩොලර් ලක්ෂයකට මඳක් වැඩි මුදලක් බව ය. නමුත් ඇයගේ වීඩියෝවලින් පමණක් ඔවුන් ඩොලර් මිලියන ගණනක් උපයා ඇති බවට ඇය චෝදනා කළා ය.

මියා ඛලීෆා නිල් චිත්‍රපට ක්ෂේත්‍රයේ සේවය කළේ මාස තුනක කාලයක් පමණි. 2014 වසරේ ඔක්තෝබර් මාසයේ දී නිල් චිත්‍රපට වෙනුවෙන් රංගනය ඇරඹූ ඇය 2015 වසරේ ජනවාරි මාසය වන විට ඉන් ඉවත්වූවා ය.

නිල් චිත්‍රපටවලින් ඉවත්වීමෙන් පසු

මාස තුනකට සීමා වූ නිල් චිත්‍රපට රංගනයෙන් ඉවත් වූ ඇය, මයෑමිහි දී නීති සහායිකාවක සහ පොත් තබන්නියක ලෙස සේවය කළා ය. පසුව ඇය, වෙබ් කැම් නිරූපිකාවක සහ ක්‍රීඩා නිවේදිකාවක බවට පත්වූවා ය.

මේ වසරේ දී ඇය Sheytan නමින් ආභරණ අලෙවි ජාලයක් ආරම්භ කළා ය.

ඔක්ස්ෆර්ඩ් යුනියන් වෙතින් ලැබුණු ඇරයුම

මේ වසරේ මැයි මාසයේ දී මියා ඛලීෆා කීර්තිමත් ඔක්ස්ෆර්ඩ් යූනියන්හි දේශනයක් පැවැත්වීම සඳහා ඇරයුම් ලැබීම ජාත්‍යන්තරය විස්මයට පත් කළ ප්‍රවෘත්තියක් බවට පත් විය.

එම දේශනයේ දී ඇය විඩිහිටි සිනමාවට ප්‍රවේශවීමේ අතීතාවර්ජනයක් කළ අතර, එහිදී ඇය ලැබූ අත්දැකීම් ද විස්තර කළා ය.

එම අත්දැකීම් නොපැකිළව බෙදා ගැනීම සම්බන්ධයෙන් ඇයට බොහෝ දෙනෙකුගේ ප්‍රශංසාව හිමි විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර, මියා ඛලීෆා සෞදි අරාබියේ ඇමෙරිකානු තානාපතිවරිය ලෙස පත් කරන ලෙස ඉල්ලා 2016 වසරේදී ඔන්ලයින් පෙත්සමකට ද අත්සන් තැබිණි.

Exit mobile version