චීන රජය ආර්ථිකයේ කළු පැත්ත කතාරණ අයට වැට බඳින හැටි

චීන ආර්ථකයේ සෘණාත්මක තත්ත්වයන් සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තාකරණයේ යෙදීම වළක්වාලීමට එරට රජය විසින් විශාල ප්‍රයත්නයක් දරමින් සිටින බවට අනාවරණය වේ.

ඒ අනුව චීනයේ ප්‍රමුඛතම ආර්ථික විචාරකයකු වන වූ සියාබෝ එරට කොටස් වෙළෙඳපොල සහ විරැකියා අනුපාතය පිළිබඳ චීන සමාජ මාධ්‍යජාලයක් වන වෙයිබෝ භාවිතා කරනු ලැබීය. කෙසේ වෙතත් පසුව ඔහු ගෙනහැර දැක්වූ කරුණු සෘණාත්මක වූ බැවින් ඔහුගේ වෙයිබෝ ගිණුම අත්හිටුවීමට චීන රජය පියවරගෙන තිබිණි.

චීන රජයේ මෙම තීරණය එරට ආර්ථිකයේ සෘණාත්මක දත්ත ජනතාව වෙතට ගෙන යෑම වළක්වාලීමට ගෙන ඇති වාරණ පිළිබඳ මනාව පෙන්නුම් කරයි. එහිදී චීන නායකත්වයට ආර්ථිකය ඉතා ධනාත්මක මට්ටමක පවතින බවත් ඒ සම්බන්ධයෙන් කිසිඳු ආකාරයකින් සැලකිල්ලට ගැනීමට අවශ්‍ය නොවන බවත් පෙන්වීමට ඇති දැඩි අවශ්‍යතාවයද ඉතා හොදින් පෙන්නුම් කරයි.

මේ අතර මෑත කාලවලදී චීන ආර්ථිකය පිළිබඳව සෘණාත්මක හැඟීම් පළ කළ විචාරකයන්ට සහ මාධ්‍ය ආයතනවලට එරෙහිව චීන රජය විසින් මර්දනය වැඩි කර තිබේ. එමෙන්ම ඉකුත් වසරේදී ප්‍රකට ආර්ථික විද්‍යාඥ රෙන් සේපිං ගේ වෙයිබෝ සමාජ මාධ්‍ය ගිණුම තහනම් කිරීමට චීන රජය පියවර ගෙන තිබිණි.


ඊට මූලිකම හේතුව වූයේ ඔහු විසින් චීනයේ උපත් අනුපාතය පහත වැටීම පිළිබඳ අදහස් පළ කිරීමත් එමගින් ඇති විය හැකි සෘණාත්මක ආර්ථික ප්‍රතිඵල පිළිබඳ අනතුරු ඇඟවීමයි මේ. අතර චීනයේ ප්‍රමුඛ වෙළෙඳපොල විශේෂයෙකු වන හොන්ග් හාඕ විසින් එරට වෙළෙඳපොල තත්ත්වයන් පිළිබඳ දැක්වූ අදහස් සම්බන්ධයෙන් චීන රජය අසතුටට පත්වීම හේතුවෙන් ඔහුට සිය රැකියාව පවා අහිමි විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව චීනය රජය විසින් දැඩි ව්‍යාජ ප්‍රතිරූපයක් නිර්මාණය කිරීමට කටයුතු කරමින් සිටින අතර එමගින් ජනතාවට රජයට ඇති පක්ෂපාතීත්වය වර්ධනය කරගැනීමටද දැඩි උත්සහයක නිර්ත වේ.

Exit mobile version