චීන කුණු පොහොර ගනුදෙනුව යට සිටි  ශෂීන්ද්‍රලාගේ  නිරුවත  විගණනය හෙළි කරයි…

ලලිත් චාමින්ද –

රසායනාගාර පරික්ෂණවලදී දෙවතාවක්   අසමත්ව  තිබු විනාශකාරි  බැක්ටිරියා සහිත චීන කාබනික පොහොර  නෞකාව  සඳහා අත්තිකාරම් ගෙවිමේ දී   කිසිදු සුරක්ෂණයකින් තොරව  අරමුදල් නිදහස් කිරීම හේතුවෙන් රජයට  සිදුවි ඇති රුපියල් මිලියන 1382ක පාඩුව මෙම ගනුදෙනුවට සම්බන්ධ වගකිවයුත්තන්ට එරෙහිව නඩු පවරා අයකරගතයුතු බවට ජාතික විගණන කාර්යාලය මගින් නිර්දේශ කොට ඇත.

නිතිමය ක්‍රියාමර්ග අරන් වන්දි ගන්න..

එමෙන්ම  අදාල පොහොර සැපයුම්කාර සාමගමට එරෙහිව නිතිමය ක්‍රියාමාර්ග ගෙන වන්දියක් ලබාගැනීමටත්  මෙරට නීතිරීති ප්‍රකාරව  ගිවිසුම්වලට අනුකුලව ක්‍රි යානොකළ උක්ත සැපයුම්කාර සමාගම ශ්‍රී ලංකාව තුළ අසාදු ලේඛනගත කිරිමටත් නිර්දේශ කර ඇත. 


මෙකී පොහොර  ගනුදෙනුෙවන්  ගණනය  නොකළ    පාඩුව අති විශාල බවද විගණන වාර්තාවේ සඳහන් වේ. 2021/2020 මහ කන්නයේ දී වගාවට යෙදීම සඳහා සැලසුම් කළ කාබනික පොහොර  මෙට්‍රික්ටොන් 96000ක් නොයෙදිම නිසා අහිමිවු අස්වැන්න  නිසා ආර්ථිකයට වු පාඩුව,  විනාශකාරි  බැක්ටිරියා සහිත පොහොර තොගයක් රට තුළට ඇතුළු කිරීමට උත්සාහ කිරීම වෙනුවෙන්  අපේක්ෂිත වන්දිය ගණනයකර නොමැති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.  

කාබනික පොහොර සැපයිම වෙනුවෙන්  ඇතිකරගත් ගිවිසුම මත රජයට අනාගතයේ දි යම් වන්දියක්  ගාස්තුවක් වියදමක් ගෙවීමට සිදුවුවහොත් එම පාඩුව පිළිබඳ  විගණනය මගින් අනාවරණයකොට ඇත. 

පොහොර නෞකාව සඳහා මුදල් ගෙවිමේ දී  අදාල සුරක්ෂණයන් කල් ඉකුත්වීමට පෙර මුදල් කරගැනීම හෝ  සුරක්ෂණයන්ගේ  කාලය දිර්ඝ කරගැනීමට කටයුතු කර නොමැතිබව විගණනය මගින්  අනාවරණය කොට ඇත. මෙම පොහොර සැපයුම්කාර සමාගම සමග  ඇතිකරගෙන තිබු සමථ කොන්දෙසි ප්‍රකාරව  ණයවර ලිපියේ හා කාර්යසාධන බැඳුම්කරයේ කාලය දිර්ඝකර එය වලංගුව තබාගතයුතුව තිබුණි.

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ මුග්ධ හැසිරීම

එහෙත් 2022 වර්ෂයේ මාර්තු මස  12වැනි දින ණයවර ලිපිය හා මාර්තු 24 වැනිදින කාර්යසාධන බැඳුම්කරය කල්ඉකුත්වී තිබුණි.   එම නිසා ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශයේ හා කෘෂිකර්ම අමාත්‍යංශයේ වගකිවයුත්තන් සිය වගකීම් පැහැරහැර ඇති බව විගණන වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම පොහොරවල ප්‍රමිතිය  තිරණය කිරිම ඇතුළු තාක්ෂණික ඇගයිම් කමිටුවේ ක්‍රියාකාරිත්වය  නිසිලෙස සිදුවී නොමැති  බවද විගණන වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම ආදාල පොහොර සැපයුම්කරු පොහොර අයදුම්පත්‍රයට දින මුද්‍රා තබා නොතිබුණි. අයදුම්පත්  විවෘත කිරීම හා ලේඛනගත කිරීම ප්‍රසම්පාදන විධිවිධාන ප්‍රකාරව විනිවිදභාවයකින් යුක්තව සිදුවී නොමැතිව බවද විගණනය මගින්  අනාවරණය කොට ඇත.

එමෙන්ම  ජිවානුහරණය නොකරණ ලද පොහොර වර්ග ගෙන්වීම සඳහා  පවතින බාධාවන් නොතකා හරිමින් පවතින පොහොරවල ප්‍රමිතියට  නීතිරිති ගලපවා ගැනීම සඳහා  සැපයුම්කරු හා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශය ක්‍රියාකර ඇති බව විගණන වාර්තාවේ සඳහන් වේ. එහි ප්‍රථිපලයක් ලෙස 2021 සැප්තැම්බර් මස 17 දින ණයවර ලිපි විවෘතකරගෙන තිබුණි.

Qingdao seawin biotech group
චීන පොහොර සැපයූ චීනයේ ක්වින්ඩාවෝ ස්වීන් බයෝටෙක් සමාගම…

චීන සමාගමට  බියවී  ගෙවූ යළි නොලැබෙන  මුදල

අදාල පොහොර සැපයුම්කාර සමාගම විසින් චිනයේ කින්ඩාඕ වරාවේ සිට කොළඹ වරයාට  පොහොර මෙට්‍රික්ටොන් 20550ක් එවා තිබුණි.  එහෙත් අදාළ සැපයුම්කාර සමාගමට  ශාක නිරෝධායන පනතට අනුව ජිවානුහරණය නොකළ කාබනික පොහොර තොගයක් ලංකාවට ගොඩබෑමට නොහැකිවිම හේතුවෙන් මතබේදාත්මක තත්වයක් නිර්මාණය විය.

ඇතිවු මතභේදාත්මක තත්වය සැලකිල්ලට ගෙන  නෞකාවේ අන්තර්ගත පොහොර තොගයේ පිරිවැයෙන් සියයට 75ක් සඳහා නොසැපයු පොහොර තොගයක් වෙනුවෙන්  ඇමරිකානු ඩොලර්මිලියන  6.9කට සමාන රුපියල් මිලියන 1382 අත්තිකාරම් මුදලක් ගෙවීමට අනුමැතිය ලබා දී තිබුණි.

සමථ කොන්දෙසි අනුව  අපේක්ෂිත සංයුතියෙන් හා ප්‍රමිතියෙන් යුතු පොහොර නැවත සැපයිය යුතු බවට කොන්දෙසියක් අදාල සමාගමට පනවා තිබුණි. එහෙත් මේ දක්වා ප්‍රමිතියෙන් යුත් පොහොර තොගයක් ලබාගෙන නොතිබුණි. අදාල සමාගම විසින්  ප්‍රමිතිගත පොහොර ලබානොදිම තුළ ඒ සඳහා ගෙවු මුදල අයකරගැනීමට හැකියාවක් නොමැති බව විගණනය මගින් අනාවරණය කොට ඇත. 

මේ නිසා පොහොර සඳහා ගෙවු මුළුමුදලම රජයට සිදුවු පාඩුවක් බවට පත්ව ඇති බවද විගණන කාර්යාලය පවසයි.

කෙසේවුවද  අදාල සැපයුම්කාර සමාගමෙන්ගත් පොහොර සාම්පල් දෙවතාවක් පරික්ෂාකොට තිබුණි. එම අවස්ථා දෙකේදීම පොහොර ජිවානුහරණයකර නොමැති බවත් අර්විනියා  සහ බැසිලස්  යන අහිතකර බැක්ටිරියා  ඇතුළත් බවත් ජාතික ශාක නිරෝධායන සේවය නිර්දේශයකොට තිබුනි. එපමණක් නොව  පොහොර ගෙන්විම සඳහා සැපයුම්කරු හා  රජයේ  පොහොර සමාගම් අතර  ණයවර ලිපිනිකුත් කිරීම අත්හිටුවා තිබුණි. 

එහෙත් මෙකී ප්‍රශ්නගත පොහොර තොගය සම්බන්ධයෙන් තිරණයක් ගැනීම සඳහා පත්කරනු  ලැබු විශේෂ කමිටුව විසින් සිදුකළ  ශාක සත්ව හා මානව සෞඛ්‍යට  අහිතකර බැක්ටීරියා අඩංගු නොවන  එහෙත් හිතකර බැක්ටිරියා අඩංගුවිය හැකි පොහොර  ජිවානුහරණය කළ පොහොර යන නිර්වචනය පදනම්කොටගෙන මෙම පොහොර ගෙන්වීමට නිර්දේශ ලබාදි තිබුණි. 

මෙම නිර්දේශය මෙම  මතභේදාත්මක ගණුදෙනුවට  එක් ප්‍රධාන හේතුවක් වි ඇති බව විගණනය මගින්  අනාවරණය කොට ඇත.

2021/2022 මහකන්නය සදහා කාබනික පොහොර මෙට්‍රික්ටොන් 96000ක්  මෙට්‍රික්ටොන් 01ක් ඇමරිකානු ඩොලර් 446 ක මිලකට  චිනයේ  සිමාසහිත    කින්ඩාඕ සිවින් බයෝටෙක් සමුහ සමාගමෙන් ආනයනය කිරිමට  සැලසුම් ක්‍රියාත්මකකොට තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව පසුගියදා පාර්ලිමේන්තුවේ දී අදහස් නැගුණු අතර එහිදී සමගි ජනබලවේග මන්ත්‍රී හේෂා විතානගේ චෝදනා කෙළේ හිටපු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය   ශෂීන්ද්‍ර රාජපක්ෂ මේ ගනදෙනුවට වගකිව යුතු බවයි. එසේම මේ වනවිට චීන සමාගම විසින් අයකරගනු ලැබ අති ඩොලර් මිලියන 6.9 සම්බන්ධයෙන් කටයුතු කිරීමට කාෂිකර්ම අමාත්‍යංශ ලේකම් වරයාගේ ප්‍රධානත්වනේ කමිටුවක් පත් කර ඇති බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

 

Exit mobile version