ගාසා ගින්න ලෝකයම ගිනිබත් කරයි ද?

උතුරු ගාසා තීරයේ ජනාවාස භූමියක්...

අද ඉරිදාය. හමාස් පාලනය යටතේ පවතින ගාසා තීරයට අද (15) ගොඩබිම් ප්‍රහාරයක් එල්ල කිරීමට ඊශ්‍රායල හමුදා  සූදානම්ය. ඒ සිය භූමියට ඇතුළු වී    පෙර නොවූ විරූ ලෙස එල්ල කළ ප්‍රහාරයේ තීරණාත්මක පළිගැනීමේ අදියර සඳහාය.  කෙසේ වෙතත් අද මේ  වනවිටත්   අපේක්ෂිත භූමි ප්‍රහාරය ආරම්භ වී නොතිබුණි.

ඉරානයේ අනතුරු ඇඟවීම –

මේ වනවිට ඉරානය ඊශ්‍රයාලයට අනතුරු අඟවා තිබේ. පලස්තිනුවන් ඉලක්ක කරගෙන  ඊශ්‍රායලයේ මේ බෝම්බ හෙළීම    නැවැත්විය නොහැකි නම් “දුරදිග යන ප්‍රතිවිපාක” අපේක්ෂා කරන ලෙස ඔවුන් ඊශ්‍රයාලය වෙත දන්වා ඇත.

ඉරාන විදේශ ඇමති අමීර්-අබ්දුල්ලාහියන් සෙනසුරාදා ඊශ්‍රායලයට ගාසා තීරයේ “යුද අපරාධ” නතර කරන ලෙස අනතුරු ඇඟවීය.

ඊශ්‍රායලයේ “යුද අපරාධ සහ ජන සංහාරය” වහා නතර නොකළහොත්, “තත්වය පාලනයෙන් මිදිය හැකි”  බවට ඉරානයේ එක්සත් ජාතීන්ගේ මෙහෙයුම ඊයේ  මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබිණි.

හමාස් සංවිධානය ඊශ්‍රයාලය උතුරු සීමාවේ දී    මාරාන්තික ගැටුමකට පැටලී අරත්තේ වර්ෂ 2006 සිටය. ඒ ලෙබනන් දේශසීමාවේ සිටය.  මේ වනවිට හමාස් සහ හිස්බුල්ලා සංවිධානයට ඉරානයේ සහාය ද ලැබෙන බවට එකඟතා පල වී ඇත.


හමාස් නායක ඉස්මයිල් හනියේ, ඊයේ කටාර්හිදී ඉරාන විදේශ අමාත්‍යවරයා හමු වී ඇති අතර, පලස්තීන කණ්ඩායම ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාරය පිළිබඳව සාකච්ඡා කර ඇතැයි විදෙස් මාධ්‍ය කියයි. කණ්ඩායමේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා “සහයෝගීතාවය දිගටම  පවත්වාගෙන යාමට” ඉරානය එකඟ වූ බව හමාස් නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත.

දැනටමත් තවත් යුද පෙරමුණක්

දැනටමත්  යුද්ධය තවත්  පෙරමුණකට පැතිර ඇතිදැයි  බිය මතු  කරන්නේය.‍ හිස්බුල්ලා සංවිධානය ද ඊශ්‍රයාලය ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කර තිබේ. හිස්බුල්ලා සංවිධානය පැවසුවේ, මතභේදයට තුඩු දී ඇති ෂෙබා ෆාම්ස් ප්‍රදේශයේ ඊශ්‍රායල මුරපොලවල් පහකට ඩ්‍රොන මිසයිල සහ මෝටාර් බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බවයි. ඊශ්‍රායල හමුදා මුරපොළකට මිසයිල ප්‍රහාර එල්ල කරන අයුරු රොයිටර් පුවත් සේවයත් වාර්තා කළේය.   ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාර ලෙස ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල වී තිබිණි.

ඊශ්‍රායලයේ කාන් රේඩියෝව වාර්තා කර ඇත්තේ  ලෙබනනයේ සිට පැමිණි බවට සැක කෙරෙන ආක්‍රමණයකට ප්‍රතිචාර වශයෙන් මායිම් ගම්මාන පහක් වසා දමා ඇති බවය.  එමෙන්ම ඛාන් යුනිස් හි ගුවන් ප්‍රහාරයකින් නිරිම් සහ නිර් ඕස් යන ඊශ්‍රායල මායිම් ගම්මාන දෙකට ඔක්තෝබර් 7 ප්‍රහාරයක්  මෙහෙයවූ හමාස්  නුක්බා බලකායේ අණදෙන නිලධාරියෙකු මරා දැමූ බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේය.

ඊශ්‍රායලය තවත් යුද්ධයකට පැටලී නොසිටින්නට උත්සාහ කරන” බැවින් .සටනින් ඉවත්ව සිටින ලෙස  නෙතන්යාහූ ගේ ආරක්ෂක උපදේශක ට්සචි හැනෙග්බි  හිස්බුල්ලා සංවිධානයට අනතුරු අඟවා තිබේ.

හිස්බුල්ලා සටන්කාමීන්….

ගැටුම පැතිරීමට එරෙහි ලෝක පෙළ ගැස්ම

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ අනෙකුත් ලෝක නායකයින් ගැටුම පුලුල් කරන ඕනෑම රටකට එරෙහිව නැගී සිටින බව  මේ වනවිට අනතුරු අඟවා ඇත.

මානුෂීය සටන් විරාමයක් ඉල්ලා සිටින අතරම සහ සිවිල් වැසියන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සහ සියලු ත්‍රස්තවාදී ක්‍රියා හෙළා දකිමින්  ඊශ්‍රායල-හමාස් ගැටුම පිළිබඳ කෙටුම්පත් යෝජනාවක් මත නිව්යෝක්හි දී  හෙට  ඡන්දය ප්‍රකාශ කරන ලෙස රුසියාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලා තිබේ.

එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව පැවසුවේ අයිසන්හවර් ගුවන් යානා වාහක ප්‍රහාරක කණ්ඩායම නැගෙනහිර මධ්‍යධරණී මුහුද දෙසට ගමන් කිරීමට පටන් ගෙන දැනටමත් එහි සිටින වෙනත් වාහක    කණ්ඩායමකට සම්බන්ධ වී ඇති බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් පැවසුවේ එය “එය ඊශ්‍රායලයට එරෙහි සතුරු ක්‍රියාමාර්ග වලක්වාලීමට හෝ හමාස් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු මෙම යුද්ධය පුලුල් කිරීමට දරන ඕනෑම උත්සාහයක් මර්ධනය කිරීමේ  කොටසක්”  වනු ඇති බවය.

Exit mobile version