කොවිඩ් මැද රට වනසමින් උතුරේ දී සිදුවන ඉන්දියා – ලංකා මත්ද්‍රව්‍ය ජාවාරම

දිනසේන රතුගමගේ –

කොරෝනා මැද ඉන්දියාවේ සිට උතුරට රැගෙන එමින් තිබූ රුපියල් කෝටි තුනකට ආසන්න කේරළ ගංජා හා අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක්  නාවික හමුදාව විසින් පසුගිය දින කීපයේදී උතුරු මුහුදේ සිදු කළ මෙහෙයුම් වලින් අත් අඩංගුවට ගෙන තිබේ.

මුදුදට දමා තිබියදී අත්අඩංගුවට ගත් කේරල ගංජා තොගය

උතුරු නාවික විධානය විසින් කරේනගර්, කෝවිලම් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂා කිරීමට යාමේදී මළු කිහිපයක් මුහුදට දමමින් එම ඩිංගි යාත්‍රාව කරේනගර් කසුරිනා වෙරළ දෙසට යාත්‍රා කරන ලද අතර, පසුව සිදු කළ සෝදිසි මෙහෙයුමේදී කසුරිනා වෙරළේ අතහැර දමා ගොස් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගන්නා ලදී. 

එම මුහුදු ප්‍රදේශයේ සිදුකල වැඩිදුර පරීක්ෂාවේදී කේරල ගංජා කිලෝ 82ග්‍රෑම් 450 ක පමණ ප්‍රමාණයක් (තෙත බර) සහිත උර 04ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කල අතර, නාවික භාරයට ගත් ඩිංගි යාත්‍රාවේ හිමිකරු සෙවීම සඳහා වැඩිදුර පරීක්‍ෂණ ක්‍රියාත්මක වේ.


මත්ද්‍රව්‍ය හා කේරළ ගංජා තොගයක්…

ඔක්තෝම්බර් 26 වන දින උතුරු මැද නාවික විධානය සහ මන්නාරම පොලිස් විශේෂ කාර්යය බලකාය එක්ව මන්නාරම පුදුකුඩුයිරිප්පු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී, සැකකටයුතු යතුරු පැදියක් පරීක්ෂා කර කේරළ ගංජා කිලෝ 04 ග්‍රෑම් 450ක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු, කේරල ගංජා ප්‍රමාණය සහ එම යතුරු පැදිය සමගින් අත්අඩංගුවට ගන්නා ලදී. එමෙන්ම තලෙයිමන්නාරම ඌරුමලේ ප්‍රදේශයේ සිදුකළ තවත් සෝදිසි මෙහෙයුමකදී කැලෑ ප්‍රදේශයක සඟවා තිබූ කේරළ ගංඡා කිලෝ 01 ග්‍රෑම් 765ක් බරැති පාර්සලයක් සොයා ගන්නා ලද අතර, නරුවිලිකුලම් ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී කැලෑ ප්‍රදේශයක සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 10යි ග්‍රෑම් 50ක් පමණ බරැති පාර්සල් තුනක් (03) නාවික හමුදාභාරයට ගැනීමට කටයුතු කෙරිණි.

අත්අඩංගුව ගත් මත්ද්‍රව්‍ය තොග ස්ඵර්ශ කිරීමට පෙර

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තවද, කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් අත්අඩංගුවට ගන්නා ලද මෙ‍ම පුද්ගලයන් වයස අවුරුදු 34 සහ 39 වයසේ පසුවන පේදුරුතුඩුව, උරණි සහ කල්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලදී. අත්අඩංගුවට ගත් සැකකරුවන්, කේරළ ගංජා, අයිස් මත්ද්‍රව්‍ය, ඩිංගි යාත්‍රාව සහ යතුරු පැදිය ඉදිරි නීතිමය කටයුතු සඳහා කයිට්ස්, තලෙයිමන්නාරම, මන්නාරම, වංකාලේ සහ වැල්වැටිතුරේ පොලිස් ස්ථාන වෙත භාරදීමට කටයුතු කෙරිණි.

 

Exit mobile version