ඕනෑ නැති තැනට යන ඕන තැනට නොඑන චීනය

1948 වසරේ නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන දරුණුතම ආර්ථික අර්බුදයට අද එය මුහුණ දෙමින් සිටී.  මේවනත් ශ්‍රි ලංකාවට එදිනෙදා අත්‍යවශ්‍ය ආහාර ඉන්ධන සහ ඖෂධ ගෙන්වා ගත නොහැකි තරමට  විදේශ සංචිත විශාල වශයෙන් පහළ බැසීමකටද ලක්ව තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි  සැසිවාරය මේ දිනවල ස්විට්සර්ලන්තයේ ජිනීවා හිදී පැවැත්වෙන්නේ මේ මැද්දේය. ජිනීවා නිවුරට මේ ජීවන පීඩනය නොදැනුනද ශ්‍රි ලංකාවේ පීඩනය ස්පර්ශ කිීමට මේ මානව හිමිකම් සැසියටද මෙවර සිදුව ඇත. එයට හේතුව සුපරුදු පන්නයේ මානව හිමිකම් කඩවීමේ චෝදනාවන්ට ලක්වන ශ්‍රි ලංකාවට මෙවර ආර්ථික අපරාධ පිළිබඳව චෝදනාවක්ද අලුතින් අලවා තිබීමය.

මෙහිදී එක් එක් රටවල් සම්බන්ධයෙන් පවතින මානව හිමිකම් තත්ත්වය පිළිබඳව  ඉදිරිපත් වන විවිධ වාර්තා අතර එහිදී ලෝකය පිළිබඳව  උනන්දු වන්නන්ගේත් රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේත් වැඩි අවධානයට ලක් වන රටක් වී ඇත්තේ ශ්‍රි ලංකාවයි.


ශ්‍රි ලංකාවට ආදරය කරන, මෙම රටේ ජනතාවට ආදරය කරන ලෝකයේ මිනිසුන්  ශ්‍රි ලංකාව දෙස අද බලන්නේ කඳුලු පිරි දෑසකිනි. හේතුව තිස් වසරක යුද්ධයක් හමුවේ පවා වීරිය සම්පන්නව සිටි ජාතියක කොඳු නාරටිය බිඳීමකට ලක් කර ඇති අවාසනාවන්ත පසුබිමකට අද රට පත්ව ඇති නිසාවෙනි. මේ තත්ත්වයට  රට පත්වීම පිළිබඳව අද ලෝකයම  දොස් නගන්නේ ශ්‍රි ලංකාව මෙතෙක් පාලනය කළවුන්ටය. ඔවුන් අතරිනුත් පසුගිය වසර දෙක හමාර තුළ මේ රට පාලනය කළ ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවටය.

සැබැවින්ම මානව හිමිකම් සැසිය පැවත්වෙන මේ මොහොතේ ශ්‍රි ලංකාවේ ජනතාව විඳවන ඔවුන්ට අහිමිව ඇති ලොකුම මාන=ව හිමිකම ඹූලික අවශ්‍යතා සපුරාගෙන කා බී හැඳ සිටීමේ නිදහසය. අද ඔවුන්ට කළ හැක්කේ නිදහසේ හුස්ම ගැනීම පමණි. එහෙත් මේ හුස්ම ගන්නට පුද්ගලයකුට මෙන්ම තිරිසනුන්ට පවා සිය පෙණහලු ඝර්ථ සවිමත්ව තබා ගන්නට අවශ්‍ය ආහාර ටිකවත් හිමි කර ගැනීමේ මානව හිමිකම අහිමිව ගොසිනි. ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසන්නේ ශ්‍රි ලංකාවේ ලක්ෂ 57ක් කුසට හරි හමං ආහාරයක් ගත් නොහකිව සිටින බවය. ඔවුන් ට එසේ වී ඇත්තේ ඔවුන්ගේ වරද නිසා නොව මේ රට ඒ තත්ත්වයට පත් වන තැනට ප්‍රතිපත්ති සැදූ සහ ක්‍රියාත්මක කළ පාලකයන් නිසාය.

මේ නිසා මෙවර මානව හිමිකම් සමුළුවේද ශ්‍රි ලංකාවට එරෙහිව ඉදිරිපත් වූ වාර්තාවේ වෙනදා හමුවන සාම්ප්‍රදායික චෝදනාවලට අමතරව ආර්ථික අපරාධ පිළිබඳව යෝජනාව පැමිණ තිබේ.

මේ චෝදනා සම්බන්ධයෙන් අද ලෝකයම කතා කරති. ශ්‍රි ලංකාවේ ජනතාවගේ පැත්තේ සිටගත් රටවල් ගණනාවක් ඔවුන්ගේ අනාගතය යහපත් කිරීමේ අරමණෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණය හරහා ශ්‍රි ලංකාවට යළි එවැනි අමිහිරි අත්දැකීමකට වැටෙන්නට නොහැකි ආකාරයේ යෝජනාවලියක් ක්‍රියාත්මක කළ යුතු බවට පවසද්දී සමහර රටවල් ශ්‍රි ලංකාවට එරෙහි නොවී සහය පළ කිරීමට ඉදිරිපත් වී සිටී.

මේ අතරේ ශ්‍රි ලංකාවට එරෙහිව ඉදිරිපත් ව තිබෙන මානව හිමිකම් යෝජනාවට පක්ෂව කතා කරන රටවල් කිහිපයක්ද සිටී.

රටක් සේ සැලකීමේදී රටේ සෛවරීත්වයට අභියෝග කරන ආකාරයේ යම් යෝජනාවලියක් ඉදිරිපත්ව තිබේ නම් එයට එක හෙළා විරුද්ධ වන රටවල් පිළිබඳව ශ්‍රි ලංකාවට කෘතවේදත්වයක් තිබිය යුතුය. පාලකයන් රට කවර තත්ත්වයකට පත් කළද එය රටක් ලෙස වැදගත් වනු ඇත. එදා මානව හිමිකම් කවුන්සිලය ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් ක්‍රියා කළේ මේ රටේ ජනතාව දරුනු ත්‍රස්තවාදයක ගිලී ලද පීඩනයෙන් රට මුදවා ගැනීමට එරෙහිවය. එහෙත් වසර 13කට පසුව අද ඔවුන් අපට ඒ චෝදනා සමඟම අලවා ඉදිරිපත් කරන්රෙටේ ජනතාව පීඩනයට පත් කළ අලුත් අපරාධකරුවන් වන අර්ථික අපරාධකරුවන්ට එරෙහිවය. එය අප පිළිගත යුතුය.

මේ ආර්ථික අපරාධයට පාර කැපූ අය බොහෝය. විශේෂයෙන් රට ණය බරින් වේදනාවට ලක් කළ පුද්ගලයන්ය. අසාර්ථක ව්‍යාපෘති ශ්‍රි ලංකාවට දිගු කොට ඒ මත්තේ කිසිදු සෙවිල්ලක් බැලීමක් නොමැතිව ඩොලර් යට කළ ඒකමතික පාලකයන්ද අයත් වන්නේ මේ කුලකයටය.

පසුගියදා ලන්ඩනය මූලිකව ක්‍රියාත්මක වන යුරෝපා ආසියා පදනම සිය වෙබ් අඩවියේ ශ්‍රි ලංකාව පිළිබඳව පළ කළ ලිපියකින් පෙන්වා දී තිබූ කරුණක් වුයේ ශ්‍රි ලංකාවේ ආර්ථිකය මේ තරම් දුරකට ප්‍රපාතයට යාම පසුපස කරුණු කිහිපයක් ගැබ් ව ඇති බවය. මේ අර්බුදය වසර කිහිපයක් කිස්සේ නිර්මාණය වු එකක් වන අතර එහි තීව්රත්වයට හේතු වූ ප්‍රධාන කරුණු දෙක ලෙස ඔවුන් දකින්නේ අසීමිත ආනයන සහ අසීමිත ණය කන්දයි. මේ විශේෂයෙන් චීනය විසින් සිය එක් තීරයක් එක් මාවතක් යටතේ ලබා දුන් ණය කන්දරාව සුවිසල්ය. මේ ණය චීනයේ  ක්‍රෙමෝපායයික සැලැස්මක් වන අතර මේ වනවිටත් ශ්‍රි ලංකාව එහි සිරවී ඇත්තේ එක් තැනකින් නොව්.

ශ්‍රි ලංකාව මේ ණය උගුල තුළ සිරවූ එක් අවස්ථාවකකදී සිර වූ එක් තීරණාත්මක තැනකදී මහින්ද රාජපක්ෂ  රජය මහා ඝෝෂා සිදු කොට ඉදි කළ හම්බන්කොට වරාය චීනයට ලබා දෙන්නට සිදුවිය.

මේ මොහොතේ ශ්‍රි ලකාව තවත් ස්වරූපයකින් චීන උගුලේ සිරවී සිටී. භාවිතයට ගත හැකි විදේශ සංචිත සෘණ අගයකට තල්ලු වී ඇති මේ මොහොතේ අපට පෙනෙන එකම විසඳුම ලෙස ආර්ථික විද්‍යාඥයන්  දකින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමය. ඒ වෙනුවෙන් පසු කළ යුතු මූලික කටයුතුවලට මේ වනවිටත් ශ්‍රි ලංකාව එලඹ ඇත. මෙහිදී හ්‍රි ලංකාව පසු කළ යුතු තීරණාත්මක කඩුල්ලක් වන්නේ  හ් ශ්‍රි  ලංකාවට ණය ලබා දුන් ජාක්‍යන්තර ණය හිමියයන් , ශ්‍රි ලංකාව සමඟ මෙම ණය ආපසු ගෙවීම සම්බන්ධ ප්‍රතිව්‍යුහගත කිරීම්වලට කැමැත්ත දැක්වීමය. මේ සම්බන්ධයෙන් දැනටමත් ජාත්‍යන්තර ආයතන දෙකක් ඊට අදාළ උපදේශන සේවා සපයමින් කටයුතු කරමින් සිටී.

එහෙත් මේ ණය පුතිව්‍යූහගත කිරීම් අතර ප්‍රමුඛ තැනක පසුවන රට වන්නේ චීනයයි. මේ වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන 7කට ආසන්න ණයක් චීනය විසින් ලබා දෙනු ලැබ  අති අතර මෙම ණය ප්‍රතිව්‍යූහගත කිරිඹ පිළිබඳව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිල වශයෙන්ම චීනයෙන් වරක් ඉල්ලීමක් කළේය. ඒ චීන විදේශ අමාත්‍යවරයා ශ්‍රි ලංකාටවේ සංචාරයක නිරත වද්දීය. කෙසේ වුවද එදා සි මේ දක්වා ණය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳව ස්ථිර වචනයක් චීනය විසින් ලබා දී දී නැති  අතර මේ දිනවල ඔවුන් පවසන්නේ ශ්‍රි ලංකාවේ ආර්ථික පුනර්ජීවනය පිළිබඳව අදාළ ජාත්‍යන්තර ආයතන සමඟ කටයුතු කිරීමට තමන් කැමති බව පමණි.

එක්තරා ආකාරයකට එය චීනය වෙතින් ලබන සුබ පනිවිඩයක් සේ හ්‍රි ලංකාව සහ එහි ජනතකාව සලකයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


චීනයට මේ මොහොතේ ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් සැබෑ කැපවීමක් පවතින්නේ නම් ප්‍රමුඛත්වය ලබා දිය යුත්තේ ජිනීවා හි පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රි ලංකාවට එරෙහි යෝජනාවට විරුද්ධ වීම පමණක් නොවේ. මක් නිසාද යත් එයින් ශ්‍රි ලංකාවට සැලසෙනු ඇතයි සිතන යම් වාසියකට වඩා මේ මොහොතේ වඩාත් අවශ්‍යව ඇත්තේ ශි ්‍රලංකාව පසුවන දුෂ්කර අවස්තවෙන් යම් සහනයක් හො ්ලැබීමට පවතින අවකාහයට හිණිමං බැඳීමය. අපි චීනය දෙස බලා සිටිමු.

 

Exit mobile version