ඔස්ට්‍රේලියානු  හදවත් දිනූ Master Chef  වැඩසටහන මෙහෙය වූ  සුප්‍රසිද්ධ සූපවේදියා හදිසියේ මිය යයි!

ඕස්ට්‍රේලියාවේ ජනප්‍රිය වැඩසටහනක් වන Master Chef  වැඩසටහන මෙහෙය වූ සුප්‍රසිද්ධ විනිසුරකු වූ ජොක් සොන්ෆිලෝ (jock Zonfrillo) ඊයේ ( 1 ) අලුයම  ජීවිතය හැර ගියේය.

මිය යන විට ඔහු හතලිස් හයවන වියේ(46)පසුවූයේය.

ඔහු ගේ  මළ  සිරුර මෙල්බර්න් හි වඩාත් ප්‍රසිද්ධ වීදියක පිහිටි හෝටලයක තිබී අලුයම 2 ට එරට පොලිසිය විසින් සොයා ගෙන තිබිණි. ඔහුගේ මරණයට හේතුව මෙතෙක් ප්‍රකාශයට පත් කර නැති අතර ඒ පිළිබඳව එරට තුළ විවිධ මත පළවෙමින් තිබේ.

ජනප්‍රිය MasterChef විනිසුරු Jock Zonfrillo ගේ හදිසි මරණයෙන් එරට රූපවාහිනී කේෂ්ත්‍රය  සහ රසික, රසිකාවෝ මහත් කම්පාවට පත්ව සිටිති.


.ජොක් සොන්ෆ්‍රිලෝ දරුවන් හතර දෙනකු ගේ පියෙකි.

ජොක් සොන්ෆ්‍රිලෝ  මරණයෙන් පසු හදිසි මරණ පරීක්ෂකවරයාට වාර්තාවක් ඉදිරිපත් කරන බව එරට පොලිස් නිලධාරීන් පවසයි.

ජොක් කලින් හෙරොයින් වලට ඇබ්බැහි වීම සිටි බවටද විවිධ මත පළවෙමින් ඇත.

“කෙසේ වුවද ඔහුගේ මරණය සැකසහිත එකක් ලෙස නොසලකන බව ඔස්ට්‍රේලියානු පොලිසිය පවසයි.

ඔහුගේ පවුලේ අය සඳුදා පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් කළ  හදිසි මරණය නිවේදනයේ මෙසේ සඳහන්වේ..

” ඔහු නොමැතිව අපට ජීවිතය ගත කරන්නේ කෙසේදැයි නොදැන, සම්පූර්ණයෙන්ම සුනුවිසුනු වූ හදවත් ඇතිව ලියා තබමු. ජෝක් ඊයේ අභාවප්‍රාප්ත වී ඇත.”

“බොහෝ වචන වලින් ඔහුව විස්තර කළ හැකිය., බොහෝ කතන්දර පැවසිය හැකිය. නමුත් මේ අවස්ථාවේ අපි ඒවා වචනවලට පරිවර්තනය කිරීමෙන්  වඩා වෙහෙසට පත්ව සිටිමු.”

තමන්ගේ දුක පුද්ගලිකව විඳ ගැනීමට  අවස්ථාව සලසා දෙන්නැයි ඔවුහු සමාජයෙන් ඉල්ලා සිටිති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අභාවප්‍රාප්ත ජොක් සූපවේදියා වෙනුවෙන් මේ වනවිට ලොව නන් දෙසින් ශෝක පනිවිඩ ගලා එමින් ඇත

Exit mobile version