එඩින්බරෝ ආදිපාදවරයා ලංකාවේ දී පැළඳි ඇත් රුව සහිත කොලපාට ටයි පටිය…

නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි –

පිලිප් කුමරු නොහොත්  “එඩින්බරෝ ආදිපාදවරයා   වසර අනූ නමයක් ආයු වළඳා ඊයේ (09)   අභාවප්‍රාප්ත වුණා. බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට පිලිප් කුමරු දෙවන ලෝක මහා සංග්‍රාමය සමයේ වසර ගණන  ශ්‍රී ලංකාවේ වාසය කර තිබෙනවා.  ශ්‍රී ලංකාවේ ගත කළ කාලය තුළ ඔහු පදිංචි වී සිට ඇත්තේ කොළඹ කොටුවේ චැතැම් වීදියේ පිහිටි නිවසකයි. එම නිවස එකල හඳුන්වා දී ඇත්තේ “චැතැම් housa” ලෙසයි.  එම වකවානුවේ කුමරා හඳුන්වා දී තිබෙන්නේ “ග්‍රීසියේ පිලිප් කුමරු” (Prince Phillip of Grece) ලෙසයි. ඒ කුමරා ග්‍රීසියේ රජ පෙළපතකට අයත් ව සිටි අයෙකු නිසයි.  දෙවන ලෝක මහා සංග්‍රාම සමයේ පිලිප් කුමරු සේවය කර තිබෙන්නේ රාජකීය නාවික හමුදාවේ  “mid shipman” වරයෙකු ලෙසයි

මෙම කාල සීමාව තුළ පිලිප් කුමරුගේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත්තේ  මවුන්ට්බැට්න් සාමිවරයායි (Lord Mountbatton) . එවකට  මවුන්ට්බැට්න් සාමිවරයා සහ ඔහුගේ ආර්යාවවූ “එලීනා මවුන්ට්බැටන්” ආර්යාව පදිංචි වී සිට ඇත්තේ පේරාදෙණියේ  රාජකීය  උද්භිද උද්‍යානය තුළ පිහිටි සුවිසල් නිවසකයි.

ශ්‍රී ලංකාවේ වාසය කළ කාලය තුළ පිලිප් කුමරා ඔහු මිලදී ගත් ප්‍රථම කාර් රථය මිලදී ගෙන තිබෙනවා. X-8468 දරන 1935 වර්ෂයේ  නිෂ්පාදිත standard 9 වර්ගය මෙම කාර් රථයේ වර්තමාන හිමිකරු වන්නේ ගාලු මුවදොර හෝටලය හිමි “සංජය ගාඩ්නර්” මහතායි. මෙම ඓතිහාසික වටිනාකමකින් යුත් කාර් රථය ගාලු මුවදොර හෝටලය තුළ පිහිටි හෝටල් කෞතුකාගාරයේ දී අදත් ඔබට දැකිය හැකියි


පිලිප් කුමරු ලංකවේ දී භාවිත කළ වාහනය

පිලිප් කුමරා රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස දෙවතාවක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා ඒ 1954 සහ 1981 වර්ෂවලදී . මේ දෙවතාවේදීම ආදිපාදවරයා මේ සුන්දර  දිවයිනේ දින ගණනාවක් ම ගත කර තිබෙනවා.   මෙම අවස්ථා දෙකේදීම ඔහු මෙරටට සැපත් වී ඇත්තේ දෙවන එලිසබෙත්   මහ රැජිනගේ වල්ලභ කුමරා ලෙසයි.

1981 ලංකාගමනයේදී  ශ්‍රී ලාංකීය අලින්ට ඉතාමත් ප්‍රියකළ  ඒ වගේම ලෝක  වන සත්ව අරමුදලේ  (World  Wildlife Fund) ප්‍රධානියා හැටියට කටයුතු කළ පිලිප් කුමරා  අලියෙකුගේ රුව සහිත  කොළ පැහැති ටයි පටියක් පැළඳ සිට තිබෙනවා.  රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුරදී ජනමාධ්‍යවේදියකු අපූරු ප්‍රශ්නයක් edinborough ආදිපාදවරයා වෙත යොමු කළා.

“ඔබගේ ටයිපටිය ඇත් රුවක් සටහන්ව තිබෙනවා ඒ ඇයි ?“

“මම අලින්ට ආදරෙයි. අලියා ඉතා සුවිශේෂ සත්වයෙක්.“ ආදිපාදවරයා සිනහවෙමින් ජනමාධ්‍යවේදියාට පිළිතුරු දී තිබෙනවා

“අපේ රටේ පාලක පක්ෂය නියෝජනය කරන පක්ෂයේ සලකුණත් අලියා… එම පක්ෂය පාටත් කොල පාටයි. මම හිතුවා ඒ සම්බන්ධය ගැන දැනගෙන ඔබ මෙම ටයි පටිය පැළඳ සිටිනවා කියා.“    ජනමාධ්‍යවේදියා ආදිපාද වරයාට පැවසුවා

“එහෙම සම්බන්ධයක් ගැන මම දැනගෙන හිටියේ නෑ. ඒත් අලියා ඉතා සුන්දර වටිනා සත්වයෙක්.  ඔබ ඔවුන් ආරක්ෂා කළ යුතුයි.“

ආදිපාදවරයා  සිනහවෙමින් ජනමාධ්‍යවේදියාට පිළිතුරු දුන්නා

ආදිපාදවරයා ප්‍රශ්න කළ ඒ ජනමාධ්‍යවේදියා උනේ දවස නිවසේ  ඉංග්‍රීසි ප්‍රකාශනයක් හැටියට ඒ කාලයේ පළ වූ   “Sun”  පත්තරේ කර්තෘ හැටියට කටයුතු කරපු දිවංගත රෙක්ස් ද සිල්වා මහතායි

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එඩිම්බරෝ ආදිපාදතුමා සහ මහරැජන

Exit mobile version