ආරූඪය, දේව වරම හා සම්බන්ධ සුව කළ හැකි මනෝ ව්‍යාධිය

දේවාරූඪය හා වරම් සම්බන්ධව කෙරෙන මානෝ විද්‍යාත්මක විග්‍රහයකි.

පැණිය බොන්නට පෙර වෙදමහත්තයා මනෝ වෛද්‍යවරයෙක් වෙත ගෙනියන්න…

කොවිඩ් – 19 රෝගයට ප්‍රතිකාරයක් ලෙස හඳුන්වා දුන් පැණිය පිළිබඳ කතිකාවත නව මානයකට යොමු වූයේ එහි සම්භවය කාලි මෑණියන්ගේ නම හා සම්බන්ධ වීම සමඟ ය. තමා කාලි මෑණියන්ගේ වරමක් ඇත්තෙක් බව එම වෙද මහතා පවසයි. වරම් හා එහි ප්‍රතිඵලය වන ආරූඪ ගැන විද්‍යාත්මක විග්‍රහයක් කිරීමට මෙය කදිම අවස්ථාවකි. කොවිඩ්  පැණිය කෙසේ වෙතත් වරම් හා ආරූඪ නිසා මානසික රෝගීන්ට වන ආතතිය යම් ප්‍රමාණයකට අවම කිරීම මෙම ලිපියේ අරමුණයි.

ආරූඪවීම මානව ඉතිහාසයේ මුල සිටම හඳුනාගත හැකි මානව සිද්ධාන්තයකි. මෙය ප්‍රාදේශීය සංස්කෘතිය හා තදින් බැඳී පවතී.  උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ සමහර උප සංස්කෘතීන් තුළ ආරූඪ  වඩා ප්‍රචලිත වීම දැක්විය හැක.  ආරූඪයෙන් සංස්කෘතික වලංගු භාවය රැකගැනීමට උප සංස්කෘතිය පමණක් නොව පොදු සංස්කෘතියේ මාධ්‍ය භාවිතය (ඉලෙක්ට්‍රොනික හා සමාජ මාධ්‍ය) හා පිළිගත් චරිතවල (දේශපාලකයන් සමහර විද්වතුන් ආගමික නායකයන්) හැසිරීම ද හේතු වේ .

ඒ අනුව රාජ්‍යය තුළ වරම් හෝ ආරූඪ ගැන විශ්වාස අඛණ්ඩව පවත්වා ගැනීම දේශපාලනමය හෝ වාණිජමය අවශ්‍යතාවක් ලෙස සමහර අංශ හඳුනා ගෙන ඇති බවක් ද පෙනේ.


සෞඛ්‍ය ඇමතිනියගේ පැණී පානය… රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමනයෝ ද පසෙකින් වෙති…

තාවකාලිකව ආරූඪයකින් පොදුවේ සිදුවන්නේ යම් බාහිර බලවේගයක් පුද්ගල ශරීරය ආක්‍රමණය කර අත්පත් කර ගැනීමය. මෙම බලවේගය මියගිය ඥාතියෙක්, දෙවි කෙනෙක්, යක්ෂයෙක් හෝ මිථ්‍යා සත්වයෙක් විය හැකිය.  සමහර ආරූඪ සමාජය පිළිගන්නා අතර සමහර ආරූඪ සමාජය පිළි නොගනී. වරමකදී වන්නේ සමාජය පිළිගන්නා ආරූඪයකි. එහි ස්වරූපය පුද්ගලයාගේ යම් පාලනයකට යටත්ව නැවත නැවත ඇති කර ගැනීමට හැකිවීමය. මෙම බෙදීමට සමගාමීව සමහර ආරූඪ පුද්ගලයා පිළිගන්නා අතර සමහර ආරූඪ පුද්ගලයා ප්‍රතික්ෂේප කරයි. ආරූඪයක දී පුද්ගලයා වෙනස් වෙනත් භාෂාවකින් හෝ වෙනස් වූ කට හඬකින් කථා කරන අතර යම් සම්මත අංග චලනයක් පෙන්වයි. ආරූඪය නිම වූ පසු එම කාලය පුද්ගලයාට අමතක වේ.

වඩා වැදගත් ප්‍රශ්නය වන්නේ මෙයයි. උත්තරය නැත යන්නයි.

ආරූඪයකදී සිදුවන්නේ මනස තුළ මනෝ විද්‍යාත්මකව පහදා දිය හැකි වෙනසක් පමණි. සියලු පුද්ගලයන් තුළ සිහිය මතකය, සිය අනන්‍යතාව (Self ….) නව බාහිර සංවේදනය  (perception ) අතර අන්තර් සම්බන්ධයක් ඇත. තාවකාලිකව මෙම අන්තර් සම්බන්ධය බිඳ වැටීම (විශේෂයෙන් බාහිර සංවේදනය හා අනන්‍යතාව අතර) ආරූඪයකට හේතුවෙයි.

ආරූඪ ඇතිවීමට මානසික රෝග, මානසික ගැටුම් (Cou..) සංස්කෘතික හැඩගැන්වීම්, ආගමික විශ්වාස ආදිය හේතු වෙයි. එසේම ආරූඪයක් ලැබුණු පසු බාහිරයෙන් ලැබෙන වාසි (ආර්ථිකමය සමාජ පිළිගැනීම පවුල තුළ ඇතිවන වරප්‍රසාද) එම තත්ත්වය දිගින් දිගට පැවතීමට හේතු වේ.

ආරූඪ හා බැඳෙන තත්ත්ව පහත ලෙස වර්ග කළ හැක.

  1. මනස තුළ ඇතිවන ගැටුමක් ප්‍රතිඵලයක් ලෙස

අප මනස තුළ නොයෙක් ගැටුම් ඇතිවේ. මෙම ගැටුම් අප තුළ මානසික ආතතියක් ඇති කරයි. මෙම ගැටුම් නිරාකරණය කරගැනීමට හා ඊට මුහුණ දීමට අසාර්ථකවන යම් අය ආරූඪයකට පත් විය හැක. ඉන් ඔවුන්ගේ මානසික ආතතිය අඩුවී යයි. උදාහරණයක් ලෙස විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ඇති වන ආකර්ෂණය හා දෙමාපිය ආදරය යන අංශ දෙක අතර මානසික ගැටුමකට ලක්වන යෞවනියකට කලු කුමාර දිෂ්ටිය ඇතිවිය හැකිය. එම මානසික ගැටුම හඳුනාගෙන එය නිරාකරණය කර ගැනීමට උපකාර වීමෙන් මෙම ආරූඪ පහසුවෙන් සුවකළ හැක.

  1. මානසික රෝගවල අංගයක් ලෙස

භීනෝන්මාදය මායා රෝග විශාදය ආදී මානසික රෝගවල ලක්ෂණයක් ලෙස ආරූඪ ඇති විය හැක. හේතු වූ මානසික රෝගයට ප්‍රතිකාර කිරීමෙන් මෙම තත්ත්වය සුව කළ හැක.

  1. ආගමික උත්සවවලදී ඇතිවන තාවකාලික ආරූඪ තත්ව

යම් ආගමික උත්සව වටපිටාවක අන්‍යයන්ගේ මතයන් යෝජනාවන් මත පහසුවෙන් වෙනස් වන පෞර්ෂත්ව ඇති පුද්ගලයින්ට තාවකාලික ආරූඪ ඇතිවිය හැක.

  1. ආගමික හෝ සංස්කෘතික වටපිටාවක වරම් ලැබීම.

දිගින් දිගට ආරූඪ වෙමින් එම ආරූඪ ආර්ථිකමය හා සමාජයීය වාසි ලබා ගැනීමට යොදා ගන්නා අය මේ කොටසට අයත්ය. මින් සමහරක් බොරුවට ආවේශ වන්නන් විය හැකි අතර සමහරක් සත්‍ය  වශයෙන්ම ආවේශ වනවා විය හැක. සැලකිය යුතු ජනතාවක් මෙම පුද්ගලයින් විශ්වාස කිරීම නිසා දැඩි ආර්ථික පාඩු ඇති කර ගනියි. විශේෂයෙන් සමහර මානසික රෝගීහු මොවුන් නිසා නිසි ප්‍රතිකාරවලට යොමු නොවී සිටිති. රටක දේශපාලනමය සංවර බව, ප්‍රඥාව හා අවංක බව වැදගත් වන්නේ ඔවුන්ගෙන් පොදු ජනතාව බේරා ගැනීමටය.

අවසානයේ නැවත මතක් කළ යුත්තේ ආරූඪ කුමන වර්ගයට අයත් වුවත් එය ඇති වන්නේ මනස තුළ ඇතිවන සංසිද්ධියක එක් ප්‍රතිඵලයක් ලෙසින් බවය. කිසිදු බාහිර බලයක් ඊට අදාළ නොවේ. එය පිළිගැනීම පොදු ජනතාවගේ සෞඛ්‍ය හා සාක්ෂරතාව ඉහළ නැංවීමට හේතු වනු ඇත.

මනෝපුබ්බංග මා ධම්මා – මනෝසෙට්ඨා මනෝමයා

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


( මනස සියලු දෙයට මුල් වෙයි. ධම්මපදය – යමක වග්ගය )

Exit mobile version