අවුරුදු 12ක් සිංහල සහෝදරයන් සමග බන්ධනාගාර ජීවිතේ බෙදා ගත් හැටි නිදහස ලැබූ එල්.ටී.ටී.ඊ් සමාජිකයෙක් කියයි..

දිනසේන රතුගමගේ –

”මම අවුරුදු දොළහක්ම බන්ධනාගාරයේ හිටියේ සිංහල සහෝදරයොත් එක්කයි. මුල් කාලයේදී මට සිංහල කතා කරන්න බෑ.අතින් පයින් තමයි කතා කලේ. පස්සේ පස්සේ මට හොඳට සිංහල කතා කරන්න පුලුවන් වුණා. සිංහල අය ඉතාම කරුණාවන්තව මට සැලකුවා. අසනීප වුණු වෙලාවල් වලදී මට මගේ කෑම එක පවා ළඟට ගෙනැත් දුන්නා”

වසර දොළහක්ම එල්.ටී.ටී.ඊ. සිරකරුවකු වශයෙන් බන්ධනාගාර ගතව සිට 24 දා යාපනය බන්ධනාගාරයෙන් නිදහස ලබා නිවසට පැමිණි සූරියකාන්ත් ජෙයචන්ද්‍රන් මාධ්‍යවේදීන් සමග එසේ පැවසීය.

ඔහු මෙසේද කියා සිටියේය.


”මම යුද හමුදාවේ අත් අඩංගුවට පත් වුණේ යුද්දයේ අවසන් කාලයේදීයි. ඒ කියන්නේ 2009 මැයි 17 වෙනිදායි. මාව කොටි පැහැරගෙන ගිහිල්ලා යුද පුහුණුව දීලා යුද්දෙට බඳවා ගත්තා. ඒ අතරෙදි මගෙ කකුල තුවාල වුණා. ඊට පස්සෙ මම තේ හදන වගේ දේවල් කරගෙන හිටියා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අවසාන කාලෙදි තමයි මම වන්නියෙන් වවුනියාව පැත්තට එනකොට හමුදාව මාව අත් අඩංගුවට ගත්තේ. මගේ අතීතය ගැන මම දුක් වෙනවා. දැන් ඉතින් බිරිය සහෝදරයෝ එක්ක හොඳින් ජීවත් වෙන්නයි බලාපොරොත්තු වෙන්නේ” යනුවෙන්ද ඔහු කියා සිටියේය.

Exit mobile version