අයි.ඩී.එච් රෝහල ප්‍රාර්ථනාවලින් පිරවූ අබිමන් පුතා ගේ අකුරු මංගල්‍යය

වෛද්‍ය රකිත කොඩිතුවක්කු අබිමන්ට අකුරු කියවමින්...

ශ්‍රියානි විජේසිංහ –

නිමල් රත්නපුරයේ සිට කඩිමුඩියේ සෙවණගලට ආවේ චූටි පුතුගේ තුන්වන උපන් දිනය යෙදී තිබුණු  මැයි 17 වැනිදාට පෙර අකුරු කියවීමට අවශ්‍ය සුබ වෙලාවක් සකස් කරගෙනය. නිමල්ගේ බිරිඳ චන්ද්‍රිකා සහ දිනුඳු අබිමන් පුංචි පුතා චන්ද්‍රිකාගේ මහ ගෙදර පදිංචිව සිටි බැවින් එම නිවසේම අකුරු කියවීමේ උත්සවය ජයට ගැනීමට ඔවුහු සිතා ගත්හ.

පුතාගේ තුන්වන උපන්  දිනය යෙදී තිබුණේ මැයි මස 17 වැනිදාටය. ඊට පෙර අකුරු කියවීමේ උත්සවය වැඩිහිටි ආශීර්වාදය මැද පැවැත්වීමට සැලසුම් විය.

කොවිඩ් 19 වෛරසය ලෝකයම ගිලගෙන පැතිරෙමින් තිබුණත් සෙවණගල නෙළුම් වැව ගමට එය පැමිණෙනු ඇතැයි කිසිවෙක් සිතුවේ නැත. කොවිඩි 19 අතරේ මහජන සේවයට කැප වුණු නාවික සෙබලුන් අතර මෙම වෛරසය පැතිරී යන්නේ මේ අතරය. අබිමන් ගේ බාප්පා ද නාවික සෙබලෙකි. අප්‍රේල් 18 වැනිදා ඔහු නිවාඩු ලබා වැලිසර නාවික කඳවුරේ සිට සෙවණගලට පැමිණියේය. ඉහෙන් බහින රෝගක් නැති බව පෙනුණු ඔහු පැමිණ ගතවූයේ  දින  හයකි. ඔහුගේ බිරිඳ, එනම් චන්ද්‍රිකාගේ නැගණිය උණ හා ඇඟපත වේදනාවෙන් පෙලී මොණරාගල රෝහලට ඇතුළු වුණාය. තොරතුරු අසා ඇයව පී.ආර්.සී පරීක්ෂණයට යොමු කෙරිනි. ඇය කොවිඩ් 19 ආසාදිතයෙක් බව තහවුරු විය.


අනතුරුව මහාම ඇයගේ නාවික හමුදා සැමියා පී.සී.ආර්. පරීක්ෂාවට ලක් කළේය.  ඔහුට ඔහුත් නොදැන කොවිඩ් 19 ආසාදනය වී තිබිණි. එහෙත් ඔහු කිසිම රෝග ලක්ෂණයක් පෙන්නුම් කළේ නැත.

අනතුරුව අබිමන් පුතුව පරීක්ෂාවට ලක් කෙරිනි. අප්‍රේල් 25 දා තහවුරු වූයේ ඔහුට ද වෛරසය ආසාදනය වී ඇති බවය.

අබිමන් පුතු කොලඹ අයි.ඩි.එච්. රෝහලට රැගෙන  එන්නේ ඒ ලෙසය. ඔහු සමග ඔහුගේ මව වන චන්ද්‍රිකා ද සමගිනි. ඒ වනවිට චන්ද්‍රිකා ආසාදිතයෙක් නොවුනත් රෝහල ට පැමිනි පසු ඇය ද ආසාදිතයෙක් බව තහවුරු විය.

චන්ද්‍රිකා සිතේ  අබිමන් පුතුට අකුරු කියැවීමේ උත්සවය පිළිබඳ සිහිනය තිබිණි. මැයි 14 දින වනවිට තම පුතුට අකුරු කියැවිය යුතුය. ඇය බොහෝ කල්පනා කර අනතුරුව මේ පිළිබඳව වාට්ටුව භාර වෛද්‍යවරයාට වෙත දැන්වූවාය. මේ අතර පිළියන්දල ඉන්නා චන්ද්‍රිකාගේ සොයුරිය දරුවාට අකුරු කියවන උත්සයට අවශ්‍ය කැවිලි, පොත් පත් ඇතුළු  සියලු කළමණා සූදානම් කර දුන්නාය.  පැවති අනෙක් සුලු සුලු අඩුපාඩු රෝහල් කාර්ය මණ්ඩලය විසින් සපයා දුන්නේය.

අකුරු කියවිම පියා කළ යුතු බවට කලින් තීන්දු කර තිබිණි. එහෙත් මේ වනවිට පුතු සිටින අයි.ඩී.එච්. රෝහලට කිසිම බාහිර පුද්ගලයෙකුට ඇතුළු විය නොහැකි තහනම් කළාපයක් වී තිබිණි.  ඒ හේතුවෙන් මැයි 14 දා උදෑසන 6.09 ට යෙදෙන සුබ මොහොතින් අබිමන් පුතුට අකුරුකියවීමට රෝහල් වාට්ටු අංක දෙකෙහි සියල්ල සූදානම් විය.

මේ වනවිට පුතාට අකුරු කියවීමට ආරක්ෂක ඇඳුම් ඇඳ මුහුණ ආවරණය කරගත් පුද්ගලයෙක් විය. අබිමන් මවගේ ඇඟේ දැවටෙමින් ඇයගේ ඇකයෙහි මුහුණ සඟවා ගත්තේය. මේ ආගන්තුක පුද්ගලයා පුංචි පුතුට සුබ මොහොතින් අකුරු කියවා අශීර්වාද කර පිටව ගියේය.

අබිමන් පුතුට අකුරු කියවූ ආගන්තුක පුද්ගලයා වාට්ටුව භාර වෛද්‍ය රඛිත කොඩිතුවක්කුය.

ය. අප්‍රමාණ සෙනෙහස හා ආශිර්වාදය ලබා දිය හැකි තරම් උසස් මනසක් එම වෛද්‍යවරයා තුළ තිබිණි.

මගෙ හිතේ හැටියට මගෙ දරුවගෙ අකුරු කියවීම කරගන්න හැකි උනා… නුපුරුදු පරිසරයක් තමයි… ඒත් මේ මිනිස්සු දෙවිවරු වගේ…ඒ නිමා මට අඩුවක් දැනුනෙ

නෑ…

පුතා ඉක්මනින් සුව වේවි. එයා සුව වෙලා ගෙදර ගියාමත් නොතේරෙන වයසට ලබපු මේ අත්දැකීම අමතක නොවී තියේවි. එයා ජීවිතේ ඉගන ගන්න පටන් ගත්තෙ හරිම වෙනස් තැනකින්. එයාට අකුරු කියැව්වෙ ඉතාම ගුණවත් මනුෂ්‍යෙයක්… එයාට ජිවිතේ වරදින්නෙ නෑ කියලා මට විශ්වාසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අබිමන්ගේ අම්මා බොඳවූ නෙත් වලින් කීවාය.

Exit mobile version