අමු සොහොනක් කර  රුසියානුවන් අත් පත් කරගත්  මියුරු මරියුපෝල් නගරය…

ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි වැලන්ටිනා ඩෙමුරා, යුක්රේන-රුසියා ගැටුමේදී විනාශ වූ ඇගේ මහල් නිවාසය අසල..2022 මාර්තු 27

යුක්රේන වරාය නගරයක් වන මරියුපෝල්හි නගරාධිපති වඩිම් බොයිචෙන්කෝ අද සී.එන්.එන්. සේවයට මෙසේ පවසා තිබිණි.

“රුසියානු හමුදා විසින් නගරය සමතලා කර තිබේ. නොදන්නා සිවිල් වැසියන් සංඛ්‍යාවක් මරා ඇත. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක්  ඔවුන්ගේ  ගම් බිම් වලින් බලහත්කාරයෙන් පලවා හැර තිබේ.   සති ගණනාවක් නගරය වට ලාගෙන සිටි ආක්‍රමණිකයාගේ  අතට දැන් නගරය පත් වී තිබේ.“

මරියුපෝල්හි   නගරාධිපති වඩිම් බොයිචෙන්කෝ වැඩිදුරටත් කිවේ මරියුපොල් හි  සියල්ල තමන්ගේ බලයෙන් ගිලිහී ඇති බවය.   “අවාසනාවකට අද අපි ඉන්නේ ආක්‍රමණිකයන්ගේ අතේ.” අවසානයේ ඔහු කීවේය.


පෙබරවාරි 24 දින රුසියාව යුක්රේනය ආක්‍රමණය දියත් කිරීමට පෙර සශ්‍රීක මරියුපෝල් වරයා නගරයේ  400,000 කට වැඩි ජනගහනයක්  වාසය කළහ.  නගරාධිපතිවරයා ඉල්ලා සිටියේ මේ නගරයේ ජනගහණයේ  සම්පූර්ණ ඉවත් කිරීමකි.

” එහෙත් අපගේ ඇස්තමේන්තු වලට අනුව, වටලනු ලැබූ මරියුපෝල් නගරයේ අද 160,000 ක් පමණ ජනතාවක් සිටිනවා.    ජලය, විදුලිය, තාපය, හෝ බාහිර සම්බන්ධතාවයක් නොමැති නිසා එහි ජීවිතයත් මරණයත් අතර ඇත්තේ ඉතාම කෙටි අන්තරයක්.  ඇත්තටම බයයි.“

“අද අපගේ වැදගත්ම මෙහෙවර වන්නේ සෑම ජීවිතයක්ම බේරා ගැනීමයි… එහෙත් අපි සාර්ථක වේවි කියන බයක්  තියෙනවා. උදාහරණයක් ලෙස, ඉවත් කිරීම් සඳහා මරියුපොල් වෙත යා යුතු බස් රථ 26 ක්  තිබෙනවා.  නමුත් අවාසනාවකට, ඒවාට ගමන් කිරීමට අවසර ලැබී නෑ.“

නගරාධිපතිවරයා කීවේය.

නගරය තුළ තවමත් සක්‍රීය සටන් තිබේද යන්න පැහැදිලි නැත. යුක්රේන බලධාරීන්  තවදුරටත් චෝදනා කර ඇත්තේ රුසියානු හමුදා මානුෂීය ආධාර සහිත  රථ පෙළට ආරක්ෂිතව නගරයට පැමිණීමට හෝ පිටවීමට ඉඩ නුදුන් බවය.

මරියුපෝල්, යුක්රේනය – 2022/03/23 – රුසියානු / රුසියානු හිතවාදී හමුදාවන් නගරයට ගැඹුරට සටන් කරන විට ඔවුන්ගේ ඉදිරි ගමනට බාධා කිරීම සඳහා යුක්රේන අසෝව් බලඇණියේ ආරක්ෂකයින් විසින් බස් රථ පෙළක් ගිනි තබා ඇති අයුරු.. Getty ඡායාරූපයකි..

 මරියුපෝල්  නගරය අද

ඉරිදා යුක්‍රේන නිලධාරීන් විසින් නිකුත් කරන ලද සංඛ්‍යාලේඛන, මරියුපෝල්හි සති කිහිපයක ෂෙල් ප්‍රහාරවල සහ නාගරික සටන්වල ​​ප්‍රතිඵලය පිළිබඳ දරුණු චිත්‍රයක් පින්තාරු කරයි.

එම සංඛ්‍යාලේඛනවලට අනුව, නගරයේ නේවාසික ගොඩනැගිලිවලින් 90% කට හානි සිදුවී ඇත.  එයින් 60% කට  බරපතල හානි සිදු  තිබේ.    40% ක් මුළුමනින්ම   විනාශ වී ඇත.

නගරයේ රෝහල් හතකට හානි  වී තිබේ.    රෝහල් ධාරිතාවෙන් 90% අහිමි වී ඇත  ඉන් තුනක් මුළුමනින්ම  විනාශ විය. මාතෘ රෝහල් තුනකට හානි වී ඇත. ඉන් එකක් මුළුමනින්ම විනාශ වී ගොස්ය .   උසස් අධ්‍යාපන ආයතන හතකට හානි වී තිබේ. ඉන් තුනක් සම්පූර්ණයෙන් විනාශ වී ඇත.  සහ පාසල් 57 කට හානි වී ඇත. ඉන් විසි තුනක් මුලුමනින්ම විනාශ වී තිබේ.    ළදරු පාසල් 70න්   28 ක් විනාශ  ඇත.  කර්මාන්ත ශාලා ගණනාවක් විනාශ වී ය. වරාය නගරයක් තවදුරටත් ඉතිරි වී නැත.

නිල සංඛ්‍යාලේඛනවලට අනුව  නගරය වට කිරීමට පෙර 140,000 ක් දෙනා නගරයෙන් පිටවී ගොස් ඇත.   අවහිරය අතරතුර 150,000 ක් පමණ පිටව යාමට සමත් විය. වැටලීමේ උච්චතම අවස්ථාව වන විට තවත්  170,000 ක් පමණ නගරයේ රැඳී සිටි අතර  යුක්රේන නිලධාරීන් කියා සිටියේ මරියුපෝල්හි පුද්ගලයින් 30,000 ක් රුසියාවට පිටුවහල් කළ බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


CNN

Exit mobile version