අපේ රටෙන් කලඑලි බහින මුව ආවරණ විලාසිතා

ලංකාවේ ප්‍රධාන ඇඟළුම් සමාගම් මුව ආවරණ විලාසිතා නිර්මාණ තරගයක

රට විවෘත වෙමින්ය. දැන් නිශ්චිත සෞඛ්‍යය පුරුද්දක් ලෙස මුව ආවරණ භාවිතය අනිවාර්ය කර තිබේ.

පාසල් විවෘත වූ පසු පාසල් දරුවන් වෙනුවෙන් ඉහළ ප්‍රමිතියේ මුව ආවරණ නොමිලේ ලබාදීමේ වැඩ පිළවෙළක් රජය විසින් සැලසුම් කර ඇත. ඉහළම ප්‍රමිතියක් සහිත එම මුව ආවරණ මේ  වන විට පුද්ගලික ආයතනයකට ලබා දුන් ටෙන්ඩරයක් අනුව නිශ්පාදනය වෙමිනි. ඒ ප්‍රමාණ තුනකටය.

මේ අප කතා කරන්නට යන්නේ ලංකාවේ ඉහළ පෙළේ ඇඟලුම් සමාගම් මේ වනවිට රටට හඳුන්වා දෙන්නට යන මුව ආවරණ විලාසිතාවන් ගැනය. ලෝකයේ රැල්ලක් වී ඇති මුව ආවරණයේ විලාසිතාව පමණක් නොව, එහි තත්වය,   නිමාව, මිල  මේ වනවිට පුද්ගල සමාජ තත්වයේ ප්‍රකාශනයක් වෙමින් ඇත. මේ සියලු කරුණු සැලකිල්ලට ගෙන මේ වනවිට සැලසුම් කර ඇති මුව ආවරණ විලාසිතාවන් සමාජයේ විවිධ ස්ථර ඉලක්ක කර ගනිමින් නිර්මාණය වෙමින් තිබේ.


පිරිමින් වෙනුවෙන් නිශ්පාදනය වන මුව ආවරණ බොහෝ විට වර්ණයෙන් ගලපන්නේ ඔවුන් අඳින කමිසයට ය. ලංකාවේ මුලින්ම මුව ආවරණය පිරිමි විලාසිතාවක් ලෙස නිර්මාණය කළේ හමීඩියාස් ආයතනය විසිනි.   අනෙක් බොහෝ  පිරිමි නිමි ඇඳුම් නිශ්පාදකයන් ද මේ වනවිට මුව ආවරණ විලාසිතාවක් සේ නිශ්පාදනය කිරීම අරඹා ඇත.  හමීඩියාස් මුව අවරණ ඔවුන්ගේ නිශ්පාදන සන්නාම අනුව රුපියල් 250 සිට රුපියල් 990 දක්වා මිලකට අලෙවි වේ.

ඔඩෙල්, කූල් ප්ලැනට් වැනි ආයතන කාන්තා නිමි ඇඳුමේ අංගයක් ලෙස එම ඇඳුමට ගැලපෙන මුව ආවරණය ඇඳුමේ විලාසිතාවට ගැලපෙන රෙදිවලින් නිශ්පාදනය කර ඇත.

එමෙන්ම විලාසිතාවට බෙහෙවින්ම ප්‍රිය කරන නව යෞවන යෞවනියන් ඉලක්ක කරගෙන විශේෂ මුව ආවරණ විලාසිතා නිර්මාණය කිරීමට නිශ්පාදකයෝ පෙළඹී සිටිති. මේ වයස් ඛාණ්ය සඳහා විලාසිතා නිර්මාණය පිළිබඳවම ඉහළ සමාජ ප්‍රතිචාරයක් සහිත කූල් ප්ලැනට් වැනි   ආයතන එම මුව ආවරණ විලාසිතා සඳහා තෝරාගත් රෙදිවල විශේෂ මුද්‍රණයන් සිදු කරයි කරයි. යෞවන වයස් ඛාණ්ඩවල තරුණ තරුණියන්ට  නව යෞවනියන් වෙනුවෙන් රෝස පැහැයෙන් ද රෝස සහ සුදු, රෝස සහ කළු මුද්‍රිත රෙදි වලින් ද මුව ආවරණ සැලසුම් කර තිබේ.

නව යෞවනයන් වෙනුවෙන් ඔවුන් බොහෝවිට තෝරාගෙන ඇත්තේ ඩෙනිම් නිමාව සහිත කපු රෙදි විශේෂයන්ය. කළු, නිල් හා ඒ දෙවර්ණය සුදු සමග මිශ්‍ර කර යෞවනයන් වෙනුවෙන් මුව ආවරණ සැලසුම් කර තිබේ.

මේ ආයතන කුඩා දරුවන් වෙනුවෙන් නිල් සහ රෝස වර්ණයෙන් යුතු ඔවුන්ගේ ප්‍රියතම කාටුන් චරිත මුද්‍රිත මුව ආවරණ නිර්මාණය කර ඇත.

“  ප්‍රමිතියක් සහිත විශේෂ රෙදිවලින් පැලඳූ විට අපහසුවක් නොදැනෙන ආකාරයට තමයි මුව ආවරණ සැලසුම් කළේ. එහි දී මුව ආවරණයේ රැඳවුම් පවා සැලසුමේ විදිහට වර්ණ ගැන්නුවා. එම්බ්‍රොයිඩර් කර හැඩ ගැනුන්වා.“ කූල් ප්ලැනට් ආයතනයේ ප්‍රධාන සැලසුම් ශිල්පිණියක්  කීවාය.

පුද්ගලික පන්ති වාරයට පෙර වෙළෙඳපලට එන මෙම මුව ආවරණය මිල රුපියල් 350ක සීමාවේ වේ.  එමෙන්ම මේ වනවිට ප්‍රධාන පෙළේ පුද්ගලික බැංකු, ටෙලකොම් වැනි ආයතනය තමන්ගේ ප්‍රවර්ධන ටී ෂර්ට්  වරණයට ගැලපෙන ආයතනයේ  සන්නාමය මුද්‍රිත මුව ආවරණ භාවිතය අරඹා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



කෙසේ වෙතත් මුව ආවරණ භාවිතය විලාසිතාවක් සේ සලකා විලාසිතාවට මුල් තැන දිය යුතු පළිවෙතක් නොවේ. එහි පරමාර්ථය සෞඛ්‍යය ආරක්ෂාවය. අවසාන අමුණ අනෙකා වෙනුවෙන් තමන්ගේ පැවැත්ම නිවැරදි කර ගැනීමය. විලාසිතාව තුළ පිළිවෙත් පරමාර්ථ දියකර හැරීමට තරම් කිසිවෙක් අවිඥානික විය යුතු නැත.

Exit mobile version