සියවස් පහක් තිස්සේ ලිතුවේනියාවේ ගැඹුරුම විල් පත්ලක සාමදානයේ සැතපී සිටි සොල්දාදුවා!

Asveja විලේ හි ගැඹුරේ තිබී සොයා ගත් මධ්‍යතන යුගයට අයත් සොල්දාදුවෙකුගේ ඇට සැකිල්ල...

අමායා උඩුවැරැල්ල –

Asveja විල ලිතුවේනියාවේ විශාලතම සහ තුන්වන ගැඹුරුතම විල වනවා. දැනට නටබුන් ව පවතින 15 වන සියවසට අයත් Dubingiai බලකොටුව විලෙහි ඇති දූපතක ඉදිකර ඇති නිසා එය Dubingiai විල ලෙසත් හඳුන්වනවා.

පසුගියදා පුරාවිද්‍යාඥයන් සහ කිමිදුම්කරැවන් පිරිසකට මෙම Asveja විලේ හි ගැඹුරේ තිබී මධ්‍යතන යුගයට අයත් සොල්දාදුවෙකුගේ ඇට සැකිල්ලක්  සොයා ගැනීමට හැකි වී තිබෙනවා. එය ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් සොයාගැනීමක් බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Asveja විල

මෙමඟින් මධ්‍යතන යුගයේ ජීවත් වූ පුද්ගලයන්ගේ ජීවිත පිළිබඳව අවබෝධයක් ලබාගත හැකිවනු ඇති. මෙලෙස සොයාගත් මධ්‍යකාලීන සොල්දාදුවාගේ දේහය සමඟ ඔහුගේ වෘත්තිය ඇඟවෙන ආකාරයේ පුරාවස්තු අනාවරණය කර ගැනීමට ද පුරාවිද්‍යාඥයන් සමත් ව තිබෙනවා.

එසේ අනාවරණය කර ගෙන ඇත්තේ කඩුවක්, පිහි දෙකක් සහ පටි ඇතුළු විවිධ සම් භාණ්ඩ කිහිපයක්. ඔහු මිය ගොස් ඇත්තේ ශක්තිමත් සම් බූට් සපත්තු පැළඳගෙන සිටියදී බව ද ඔවුන් සොයා ගෙන තිබෙනවා.


මානව විද්‍යාඥයින්ට අස්ථි පිළිබඳ අධ්‍යයනයකින් මෙය අයත් කාලය තක්සේරු කිරීමට නොහැකි වී තිබුනත්, කඩුව ඇතුලු අනෙකුත් වස්තූන් විශ්ලේෂණය කිරීමෙන් මධ්‍යකාලීන සොල්දාදුවා ජීවත්ව සිටි කාලය හඳුනා ගෙන තිබෙනවා.

Dubingiai බලකොටුව පිහිටා තිබුණ දූපත…

ඒ අනුව විශේෂඥයින් දක්වා තිබුනේ මෙම සොයාගැනීම 16 වැනි සියවසට අයත් විය හැකි බවයි. ඔහුගේ මරණයට හේතුව තවමත් නිශ්චය කර නෑ . කෙසේ වෙතත්  නටබුන් සොයාගත් පෙදෙසේම 15 වන සියවසට අයත් Dubingiai බලකොටුව පිහිටා තිබෙනවා. එයද අද නටඹුන්ව පවතින බලකොටුවක්. මෙය බෝල්ටික් කලාපයේ වැදගත්ම බලකොටුවක් ව පැවති අතර එහි කාර්ය වූයේ අසල පිහිටි ලිවෝනියාවෙන් දියත් කරන ලද ප්‍රහාරවලින් ලිතුවේනියාව ආරක්ෂා කිරීමයි.

විශේෂඥයන් විසින් වැඩිදුර පරීක්‍ෂණ සඳහා විල්නියස් විශ්ව විද්‍යාලය වෙතට ඇටසැකිල්ල රැගෙන ගොස් ඇති අතර එහිදී  අස්ථි අධ්‍යයනය කිරීමට හැකි වනු ඇති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුව සංරක්ෂණය සඳහා එම අස්ථි පද්ධතිය ලිතුවේනියානු ජාතික කෞතුකාගාරයට මාරු කිරීමට නියමිත බවද සඳහන් වනවා.

Exit mobile version