වික්ටර්ගේ ලෙඩ ගැන ලෙලුම් කියන කතා

වික්ටර් මාස තුනක පමණ සිට  හිටියෙ අසනීප තත්වයෙන්. වකුගඩුවල පුංචි ගැටිත්තක් නිසා ඔහු සැත්කමකට ලක් කළ බවත්, අනතුරුව උත්සන්න වූ අසනීප තත්වය නිසා නාරාහේන්පිට කිංග්ස් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා ගන්නා බවත් වෛද්‍ය අංශ සඳහන් කළා.  ප්‍රතිකාර ගන්නා අතර තුර හෘදයාබාධ තත්වයක් මෙන්ම  ආඝාත තත්වයක් මතු වෙලා ඇති බවත් වෛද්‍යවරු පවසනවා.

මේ වෙද්දී  සමාජ මාධ්‍ය තුළ කතා බහට ලක්වෙන පුවතක් තමයි ප්‍රවීණ සංගීත ශිල්පී වික්ටර් රත්නායක මහතා කොළඹ පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි. ඔහුගේ රෝග තත්වය පිළිබඳ නිරන්තර වීඩියෝ මගින් සමාජයට කියන්නේ ඔහුගේ පුත් ලෙලුම් රත්නායකයි. ඔහු මුලින්ම සිය පියා ගැන වීඩියෝව ප්‍රකාශයට පත් කළේ ( 21 ) දායි.  වික්ටර් ගේ අසනීප තත්වය ගැන තමා වරින්වර වීඩියෝ  යාවත්කාලීන කිරීමට අපේක්ෂා කරන බවද ලෙලුම් ප්‍රකාශ කළා. ඒ තම පියාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ නිවැරදි තොරතුරු දැනුවත් කිරීමටයි.

ෙමුලින්ම ලෙලුම් පැවසුවේ තම පියාට වකුගඩුවල ඇති වූ ආබාධ තත්ත්වත්, ඒ නිසා හටගත් හුස්ම ගැනීමේ අපහසුතාවක්, සහ පෙනහළුවල වතුර පිරීමක් ආදී රෝග ලක්‍ෂණ හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.


ඒ වගේම සිය පියාගේ අසනීපය දැනගත් සැණින්මැයි මස 17 වනදා  පොඩි අක්කා සමඟ (වික්ටර් රත්නායක මහතාගේ පොඩි දුව සමඟ) පියා බැලීමට ගිය මුත් ඉන් පසුව සිය සහෝදරිය සමඟ දෙවන දිනටත් මැයි 18 උදේ යන්න උත්සහ  කළ නමුත් නව බිරියගේ ඥාතී පාර්ශ්වයේ අය රෝහල් පරිශ්‍රයේදී දැක යුහුසුළුව ක්‍රියාත්මකව ඔවුන් ඉදිරියේම නෝ විසිටර් බෝර්ඩ් එකක් එල්ලා විරෝධයක් පළ කළ බව පවසයි.

කෙසේ වෙතත් වික්ටර් රත්නායකගේ බිරිය වන හෂිනි සිය පොඩි අක්කාට ඇමතුමක් දී  වික්ටර් රත්නායක මහතාගේ මුඛය ඇදවීමක් පවතින බවට දන්වා සිටි බවත් මංජුලා නැවත පැමිණෙන ලෙස සහ එහිදී ලෙලුම් සමඟ නොඑන ලෙස කියා තිබෙනවා… පහතින් තියෙන්නේ ඒ වීඩියෝව….

නැවත ලෙලුම්   අද දින ද  (2020 05 22) ලෙලුම් රත්නායක සමාජ ජාල ඔස්සේ වීඩියෝවක් නිකුත් කර තිබෙනවා. ඉන් ප්‍රකාශ කර සිටින්නේ “අනේ සමාවෙන්න තවමත් දොර වසා ඇති බවයි….

මේ වෙද්දී නෝ විසිටින් බෝර්ඩ් එක ගැන පළවූ වීඩියෝව ඉවත් කරගන්න ලෙස තම පියාගේ නව බිරියගේ පාර්ශවයෙන් ඉල්ලීමක් කළ බව ද තමන් ප්‍රකාශ කර සිටියේ සත්‍ය බැවින් කිසි විටෙක වීඩියෝව ඉවත් කර නොගන්නා බව ලෙලුම් පවසනවා.

එහිදී වැඩි දුරටත් ලෙලුම් කියා සිටියේ තමන් එන බවට විරෝධය දක්වා ඇත්තේ සිය පියා බවයි. එය තහවුරු කර ගත්තේ සිය පියා ළඟ සිටින බාප්පාගේ පුත් (සෝමපාල රත්නායක මහතාගේ පුතා) කෝසල රත්නායකගෙන් බවයි. මේ වෙද්දී ද කෝසල ඉන්නෙත් සිය පියා ළඟ බව ද “අයියේ අයියා එනවට මහප්පා අකමැති“ බව ලෙලුම්ට පවසා තියනවා.

නමුත් තම පියා ප්‍රකාශ කරන්නේ කාගේ කියමන් ද යන්න තමන් ට සැකසහිත බව ලෙලුම් නව වීඩියෝව මගින් කියා සිටිනවා.  ඒ වගේම ඊයේ දින තාත්තා බැලීමට ගිය පොඩි අක්කාගෙන් දැන් කිසිම ඇමතුමක් නැති බව ඔහු පවසයි. මේ සියල්ල පෞද්ගලික ප්‍රශ්නයක් මුල් කරගෙන සිදුවන දේ බැවින් මම මේ ප්‍රකාශ කරන දේ පිළිබඳ කිසිදු ප්‍රතිචාරයක් බලාපොරොත්තු නොවන බවද ලෙලුම් සිය දෙවන වීඩියෝව මගින් පැහැදිළිව ප්‍රකාශ කරනවා. පහත එම වීඩියෝව තියනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දශක ගණනාවක් සංගීතයෙන් සහ සිය මියුරු හඬින් සුවහසක් රසික රසිකාවියන්  පින වූ මේ අපූරු සංගීතවේදීයාට නිරෝගී සුව සහ දීර්ඝායු ප්‍රර්ථනා කර සිටිමු.

Exit mobile version