සුනේත්‍රා ඇතුගල්පුර –
ජායාරූප. -ශෂි සුබ්‍රමනියම් –
සාමාන්‍යයෙන් යුරෝපයේ ජීවත්වෙන අපිට වසන්ත ,( spring)ගිම්හානය (summer)සරත් සමය(Autumn) සහ සීත සෘතුව(winter) යන සෘතු හතර හොඳින් දැනේ. එයිනුත් ආසියාතිකයන් වන අපට සීත ඍතුව එතරම් සුවදායක සනීප සෘතුවක් නොවේ. ඒ එම සෘතුවේදී අපගේ බොහෝ ජීවන රටාවන් සීමා වන බැවිනි. යුරෝපීයන්ට එම සෘතුවේදී හිම ක්‍රීඩාව වැනි විනෝදාස්වාද ජනක කටයුතු වල නිරත වීමට හැකියාව තිබුණත් අප ඒ සඳහා තවමත් නවකයින්ය.
එහෙත් මෙම සෘතු හතරම තමන්ට එක් සෘතුවක් ලෙස සලකන මිනිසෙකු අප ජීවත්වන ස්විස්ටර්ලන්තයේ ග්ලාරැස් ප්‍රදේශයේ සිටි. ඇතැම් විට ඔහු ස්විස්ටර්ලන්තයේ සිටින එවැනි එකම පුද්ගලයා ද විය හැකිය.
ඔහුට අනුව වසන්ත හා ගිම්හාන සෘතු රස්නය වැඩි සෘතුවයි. සරත් ඍතුව ඔහුට ගිම්හානයට වඩා රස්නය අඩු සෘතුවකි. ඉන් පසුව උදාවන්නේ ඊටත් වඩා රස්නය අඩු වසන්තයයි. අපේ කතානායකයාට අනුව සීත සෘතුව යනු රස්නය අඩුම වසන්තයයි.
ස්විස්ටර්ලන්තයේ ඇතැම් ශීත කාල වලදී සාමාන්‍ය උෂ්ණත්වය සෘණ අගයක් ගන්නා අතර එය කිසිදු අයුරකින් මායිම් නොකරන ජෝජ් තමන්ට පුරුදු පරිදි
උඩුකය නිරාවරනව ගමන් කරයි.
ජෝඡ් ගැන නොදන්නා අයට එය එක්තරා ආකාරයක වික්‍රමයක් වැනිය. ශීත කාලයේදී ඇඳුම් තුන හතරකට වඩා ඇගලා එළියට යන අපට ඔහු දකින විට හැඟෙන්නේ විශ්මිත මිනිසෙකු ලෙසය.සීත හිම පතනයෙ පවා උඩු කය නිරාවරණය කරගෙන ගමන් කරන ඔහු දකින විට දැනෙන්නෙ ඇඟ කිලිපොළා යන හැඟීමකි .පයට පාවහන් පවා නොමැති ව ඔහු අධික හිම පතනයක් පවතින ග්ලාරුස් ප්‍රදේශයේ නිරතුරු ව ගමන් කරන අයුරු ග්ලාරුස් ජනතාවට නම් දැන් සුලභ දසුනකි .
ඔහුට එක් සිහිනයක් තිබේ. ඒ තම නිවස කෞතුකාගාරයක් ලෙස නවීකරණය කර සංචාරකයින් සඳහා විවෘත කිරීමයි.