වස විස නොදා ගෙදරදීම සොසේජර්ස් හදමු

සෑ‍හෙන කාලයක් තිස්‍‍සේ සැකසූ මස් වර්ග ‍සෞඛ්‍යයට අහිතකරයි කියලා  දැනුම්වත් කළාට…දවස ගා‍නේ වැඩි‍වෙන පිළිකා ‍රෝගීන්‍‍ගේ සංඛ්‍යාවත් එක්ක   දැන් දැන් තමයි කට්ටියට ඒ ගැන ටික ටික මීටර් ‍වෙලා ති‍යෙන්‍‍නේ.. හැබැයි ඉතින් ‍හොට් ‍ඩෝග් එකක් හරි ‍සො‍සේජ් පැකට් එකක් හරි දැක්ක ගමන් ‍ලොකු බබාලටයි ‍පොඩි බබාලටයි අර කියපු ඔ‍ක්‍‍කොම අමතක ‍වෙලා ‍පෙ‍රේත කම ඔළුවට එනවා. හරි ඉතින් ඔන්න අද ඒකටත් ‍දෙනවා කදිම විසඳුමක්… කඩෙන් ගේන සොසේජස් නොකා ඔයාලටත් පුළුවන් ගෙදරදීම ‍මේ සොසේජස් රෙසිපි ටික ට්‍රයි කරන්න… මං ‍මේ කියලා ති‍යෙන හැම වට්‍ටෝරුවකටම ඕ‍ගො‍ල්‍‍‍ලෝ කැමැති නම් කඩල පිටි චුට්ටකුත් එකතු කරලා බලන්න. එත‍කොට කෙසෙල් කොළ, කැන්ද කොළ ‍හොය ‍හොයා ඉන්‍‍නේ නැතිව අ‍තේ ‍නො‍ලෙන විදිහට හදා‍ගෙන අතින්ම දිගැටියට ‍රෝල් කර ගන්න පුළුවන්. අනික අපිට දැකල පුරුදු ‍සො‍සේජ් හැ‍ඩේම ‍වෙන්න ඕනේ කියලා නියමයක් නැහැ…

චිකන් සොසේජස්

අවශ්‍ය ද්‍රව්‍යය

චිකන් වලට ඉහත සියල්ල කවලම් කර හොඳින් අඹරගන්න ( කැබලි නොසිටින ලෙස).  තවාගෙන හතරැස්ව කපාගත් කෙසෙල් කොළයක කෙලවර දිගට සාදාගත් මිශ්‍රණය තබා තද කරමින් ටොෆියක ආකාරයට දෙපැත්තෙන් ඔතාගන්න.ඊට පස්‍‍සේ කරන්න ති‍යෙන්‍‍‍නේ  විනාඩි 20 විතර ක් ස්ටීම් කර ගන්නයි. නිවුණට පස්සේ අධි ශීතකරණයේ සතියක් විතර තියාගන්න පුළුවන්.


 සෝයා මීට් සොසේජස්

 

අවශ්‍ය ද්‍රව්‍යය

සෝයාමීට් ටික තම්බාගෙන වතුර මිරිකා ගන්න. ඉතිරි කළමණා ටික එකතු කරලා හොඳින් අඹරාගන්න. කලින් කිව්වා ව‍ගේම හොඳින් ඔතාගෙන විනාඩි 15ක් පමණ ස්ටීම් කරගන්න.
නිවුණට පස්‍‍සේ අධි ශීතකරණයේ සතියක් විතර තියා ගන්න පුළුවන්.

පෝර්ක් සොසේජස්

අවශ්‍ය ද්‍රව්‍යය

මස් ටික තම්බලා හොඳින් අඹරා ‍ගෙන සියලු කළමණා ටික මස් වලට එක් කර හොඳින් අනාගන්න. පෙර පරිදිම ඔතාගෙන විනාඩි 30 ක් පමණ ස්ටීම් කරගෙන නිවුණු පසු අධි ශීතකරණයේ තබන්න. සතියක් පමණ තියා ගන්න පුළුවන්..

මට්න් ‍සො‍සේජස්

අවශ්‍ය ද්‍රව්‍යය

මස් ටික තම්බලා හොඳින් අඹරා ‍ගන්න. සියලු කළමණා ටිකත් ‍වෙනම අඹර‍ගෙන ‍ඒ ‍පේස්ට් එක මස් වලට එකතු කරලා හොඳින් අනාගන්න. පෙර පරිදිම ඔතාගෙන විනාඩි 30 ක් විතර ස්ටීම් කර ගන්න ඊට පස්‍සේ කරන්න ඕනි ‍දේ දන්නව‍නේ..‍මේකත් සතියක් පමණ තියා ගන්න පුළුවන්..

බීෆ් ‍සො‍සේජස්

අවශ්‍ය ද්‍රව්‍යය

‍මේ මස්ටිකටත් කරන්න් ති‍යෙන්‍‍නේ කලින් ව‍ගේම තම්බ‍‍ගෙන අඹර ගන්න. ඉතිරි කළමනා ටිකත් ‍වෙනම අඹර‍ගෙන මස් එක්ක කවලම් කරලා පෙර පරිදිම ඔතාගෙන විනාඩි 30 ක් විතර ස්ටීම් කර ගන්න. ‍මේවත් අර තරම්ම කාලයක් තියා‍ගෙන හි‍තෙන හි‍තෙන ‍වෙලාවට කන්නයි ති‍යෙන්‍‍නේ

මාළු ‍සො‍සේජස්

අවශ්‍ය ද්‍රව්‍යය

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මාලු ටිකට අවශ්‍ය ප්‍රමා‍‍ණෙට ලුණු සහ සියඹලා ‍‍හෝ ‍‍දෙහි ඉස්ම ටිකක් ගාලා විනාඩි ‍කිහිපයක් තියන්න. ඊට පස්‍‍සේ තම්බ‍ ගන්න. මාළු ටික තැම්‍බෙන කල් ඔයාලට පුළුවන් අර ඉතිරි කලමණා ටික ‍හොඳට ‍අඹරලා පේස්ට් එකක් ව‍ගේ හදා ගන්න (කෑලි ‍නොහිටින්න වග බලා ගන්න ඕනී). මාලු ටික තැම්බුණාට පස්සේ නි‍වෙන්න හැරලා අතින් ‍හොඳින් ‍පොඩි  කර‍ගෙන කඩල පිටි ටිකයි අර අඹර ගත්ත කලමණා ටිකයි එකතු කරන් ‍හොඳින් මිශ්‍ර කර ගන්න. අ‍තේ ‍නොඇ‍ලෙන පදමට හදා ගන්න ඕ‍නේ. ඊට පස්‍‍සේ කරන්න ති‍යෙන්‍‍නේ අපි අර කලින් හදා ගත්තු විදිහටම තමයි. ස්ටීම් කරද්දි විනාඩි 30 විතර තියලා මදි නම් ‍හොඳ සුවඳක් එනකල් තව ටිකක් ස්ටීම් කර ගත්තට වරදක් නැහැ. ‍මේකත් අධි ශිතකර‍‍‍ණෙ තියාගෙන සතියක් විතර රස බලන්න පුළුවන්.

Exit mobile version