ගෙදර කෑම මේසය රස කරන්න වෙනස් විදිහෙ සලාද වර්ග 08ක්

සලාද වර්ග  ආහාර වේලකට රසය ගුණය වගේම විවිධත්වය එක් කරනවා. අප අද කතා කරන්න යන්නේ විවිධත්වය තුළින් අපූරු රසයක් මවන සලාද වර්ග කීපයක්….

අලිගැටපේර සලාද

අවශ්‍ය ද්‍රව්‍ය

තක්කාලි, ලූණු, කොත්තමල්ලි කොළ සහ අමු මිරිස් සිහින්ව කපා එයට දෙහි සහ ලුණු එකතු කරගන්න. ගෑරුප්පුවකින් අලිගැටපේර ගෙඩිය කෑලි හිටින්න පොඩි කරගන්න. මේ දෙක අවසානයේ ගෑරුප්පුවකින්ම මිශ්‍ර කරගන්න.


 බෝංචි ඇට සලාද

අවශ්‍ය ද්‍රව්‍ය

ලුණු, සීනි, විනාකිරි, ඔලිව් ඔයිල්, දෙහි ඉස්ම වෙනම බඳුනක මිශ්‍ර කරගන්න. ඇට වර්ග සියල්ල තම්බා ගන්න. (එක් එක් ඇට වර්ග තැබීම සඳහා ගත වෙන කාලය වෙනස් නිසා වෙන වෙනම තම්බා ගන්නවා නම් වඩාත් සුදුසුයි.) සාදාගත් සැලඩ් ඩ්‍රෙසින් එක දමා කෑමට ගන්නා විටම හොඳින් මිශ්‍ර කරගන්න.

ජර්මානු අල සලාදය

 

අවශ්‍ය ද්‍රව්‍ය

බේකන් තීරු ක්‍රිස්පි වෙන තරමට බැද කුඩා කැබලි කඩාගන්න. ඒ තෙලටම කොටු කපාගත් ලූනු එක් කර තෙම්පරාදු කරගන්න. එයට විනාකිරි, වතුර, සීනි, ලුණු සහ ගම්මිරිස් එක් කර මිශ්‍ර කර උතුරුවා ගන්න. එයට අල සහ පාස්ලි එක් කර බේකන් වලින් කොටසක් මිශ්‍ර කර ලිපෙන් ඉවත් කරගන්න. පිළිගන්වන විට ඉතිරි බේකන් උඩින් දමා පිළිගන්වන්න.

රුසියානූ සලාදය

මේ සැලඩ් එක ශීත කරලා තමයි කන්නේ.

අවශ්‍ය ද්‍රව්‍ය

අල අයිස් වතුර එකක පෙඟෙන්න තබන්න. කැරට් විනාඩි දෙකක් පමන තම්බගන්න. කැරට් තැම්බුනු පසු එය අයින් කර ඒ වතුරෙන්ම බෝංචි විනාඩි දෙකක් තැම්බෙන්න දෙන්න. තැම්බුණු බෝංචි ඉවත් කර දැන් එම බඳුනට ග්‍රීන්පීස් දමා විනාඩි දෙකක් තම්බගන්න. අන්තිමට විනාඩි තුනක් පමණ අල ටික තැම්බෙන්න හරින්න. දැන් වෙනත් බඳුනක් ගෙන
තම්බා ගත් අල, කැරට්, බෝංචි, ග්‍රීන්පීස් හා අන්නාසි එකතු කර ලුණු සහ ගම්මිරිස්කුඩු ඇති පදමට දමා ගෙන මයෝනිස් එකතු කර හොඳට මිශ්‍ර කර ගන්න. මෙම සලාදය කෑමට එකතු කරගන්නේ හොඳින් සිසිල් වූ පසුවයි. එනිසා හදා ගත්තු සලාදය කෑමට ගන්නා තෙක් ශීතකරණයේ තබන්න‍.

දම් ගෝවා සලාදය

අවශ්‍ය ද්‍රව්‍ය :

දම් ගෝවා, කැරට්, රට ලූනූ සියල්ල සිහින්ව ද ඇපල් පොඩි කොටු හැඩයට ද කපා ගන්න. ඉහත කී කලමනා සියල්ල එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. එයට අශ්‍ය පමණට ලුණු, දෙහි ඇඹුල් එක් කර ශීතකරණයේ තබා සිසිල්ව ආහාරයට ගන්න. ආහාරයට ගන්නා විට යෝගට් එකට මයෝනිස් කලවම් කර එය සලාදයට මිශ්‍ර කර ගන්න.

කැකිරි සැලඩ්

අවශ්‍ය ද්‍රව්‍ය

කැකිරිවල තිත්ත ගතිය යන්න ඉස්සෙල්ලාම උඩින් පෙත්තක් කපලා අයින් කරන්න. පොතු සහ ඇට අයින් කරගන්න.
සිහින්ව කෑලි කපාගන්න. එයටම කපාගත් ළූණු, තක්කාලි, අමු මිරිස්, ලුණු සහ දෙහි එකතු කොට පිළිගන්වන්න.

මල්ගෝවා සැලඩ්

අවශ්‍ය ද්‍රව්‍ය

මල්ගෝවා ගෙඩිය අතින් කුඩා කෑලිවලට කඩාගන්න. ඉන්පසු ලුණු මිශ්‍ර වතුරක විනාඩි 10ක් බහා තබා සෝදාගන්න. පසුව ලුණු සහ කහ ස්වල්පයක් එකතු කොට තම්බාගන්න.
වෙනම භාජනයකට ළූණු, තක්කාලි සහ සිහින්ව කපාගත් මාලු මිරිස් එකතු කර, එයට ලුණු සහ ගම්මිරිස් දමා අනාගන්න.
එයට මල්ගෝවා එක් කර අවසානයේ දෙහි දමා පිළිගන්වන්න.

බිත්තර සලාදය

අවශ්‍ය ද්‍රව්‍ය

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තම්බාගත් බිත්තර ටික පරිස්සමට කොටුවට කපාගන්න. දැන් බඳුනකට එකක් අරගෙන ඒකට ළූණු හා තක්කාලි දාලා ලුණු, ගම්මිරිස් එකතු කරලා හොඳ​ට කලවම් කරන්න. කැමති අය දෙහි යුෂ ටිකකුත් දාගන්න. දැන් මේකට කපාගත් බිත්තර ටික හා ළූණු කොළ ටික දාලා කලවම් කරලා කෑමට ගන්න.

Exit mobile version