ඉතිරිවෙන බත් ටිකෙන් රස ඉතිරෙන කෑම හදමු

බත් කියන්නේ ලංකාවේ අපේ ප්‍රධානම ආහාරයයි. අපි ඉතින් තුන්වේලම වගේ බත් කන්න පුරුදුවෙලා ඉන්නවා.දැන් ඉන්න හුඟක් ගෘහණියෝ ඉතුරු වෙන බත් ටික විසි කරල දාන්න පුරුදු වෙලා. කෑමක් අහක නොදා නැවත ප්‍රයෝජනයට ගන්න පුළුවන් නම් කොච්චර හොඳද අපි මේ කියන්නේ ලෝබකම් කරන්න කියලා නෙවෙයි, අද අපි මේ ලියන්න හදන්නෙ එදිනෙදා ගෙදර ඉතිරි වෙන බත් වලින් හදාගන්න පුළුවන් රසවත් කෑම ටිකක් ගැන.

1. රයිස් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය

ඉතිරි වූ බත් ග්‍රෑම්300 කට බිත්තර දමා කවලම් කරගන්න. එම මිශ්‍රණය බ්ලෙන්ඩ් කර එයටම වතුර එක් කර හොඳින් මිශ්‍ර කරන්න. මිශ්‍ර කර ගත් බත් තලපය බදුනකට දමා එයට ඊස්ට් සහ සීනි, කෝන් පිටි සහ පාන් පිටි එකතු කර හොඳින් අනාගන්න. අතේ නොඇලෙන ගානට එන තෙක් මිශ්‍රණය හොඳින් අනා ගත යුතුය. දැන් මෙම මිශ්‍රණය පොලිතින් එකකින් ආවරණය කර පහන් වන තුරුම ශීතකරණයේ තබන්න. පසුදා උදෑසන කැරට් අලය සහ සොසේජ් ගෙන කොටු හැඩයට කුඩාවට කැපිය යුතුය. ළූණු කොළ මිටක් සිහින්ව ලියා
ශීතකරණයෙන් එළියට ගත් පිටි මිශ්‍රණයට මේ සියල්ල හා ලුණු සිවල්පයක්ද එක් කොට හොඳින් මිශ්‍ර කරගන්න. දැන් මිශ්‍රණය වසා විනාඩි 10ක් තැබීමෙන් පසු එය බඳුනකට දමා බේක් කරගන්න.

2. බත් ආප්පඅවශ්‍ය ද්‍රව්‍ය

බත් කෝප්ප බාගයක්
ගාගත් පොල් කෝප්ප බාගයක්
තෙත හාල් පිටි කෝප්පයක්
වතුර කෝප්පයක්
ආප්ප සෝඩා / බේකින් සෝඩා තේ හැඳි 1/4
ලුණු තේ හැඳි කාලක්
පොල් තෙල් ස්වල්පයක්


බත්වලට ගාගාත් පොල් දමා වතුර කෝප්ප බාගයක් එක් කොට තලපයක් වන සේ හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න. ඉන්පසු එම මිශ්‍රණයට තවත් වතුර කෝප්ප කාලක් දමා නැවත බ්ලෙන්ඩ් කර ගන්න. දැන් එම මිශ්‍රණයට තෙත හාල් පිටි හා වතුර කෝප්ප කාලක් එක් කර නැවත මිශ්‍රණය බ්ලෙන්ඩ් කරන්න. මිශ්‍රණය වෙනත් බඳුනකට දමා අතින් හොඳින් කවලම් කර ආප්ප සෝඩා, බේකින් සෝඩා හා ලුණු එක් කරගන්න. නැවත හැන්දෙන් හොඳින් කවලම් කර විනාඩි දහයක් පමණ වසා තබන්න.  විනාඩි දහයකට පසු පෑන් එකක්ට පොල් තෙල් ස්වල්පයක් දමා රත් වූ පසු මිශ්‍රණයෙන් ටිකක් හැන්ඳකින් ගෙන රත් වූ බඳුනට වත් කර රවුම් හැඩයට හදා ගන්න. ගින්දර තරමක් වැඩි කර උඩ කොටස පිසුණු පසු අනෙක් පැත්ත දමා  ලා දුඹුරු පැහැ වන තෙක් පිසගන්න

3. චීසි රයිස් බෝල්ස්අවශ්‍ය ද්‍රව්‍ය

බත් සහ අල ගෙඩිය වෙන වෙනම පොඩි කර අලවලට ලුණු, ගම්මිරිස්, ළූණු සහ අමු මිරිස් එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. පසුව එම මිශ්‍රණයටම පොඩි කර ගත් බත් ටිකෙන් ටික එකතු කර මිශ්‍ර කරගන්න. දැන් මිශ්‍රණයෙන් ස්වල්පයක් ගෙන අල්ලට තෙල් තවරා එය මැදින් චීස් කැබැල්ලක් තබා බෝල කරගන්න. සාදාගත් බෝල බිත්තර සාරු තවරා, පාන් කුඩු දවටා, ගැඹුරු තෙලේ බැදගන්න.

4. රයිස් පකෝඩාඅවශ්‍ය ද්‍රව්‍ය

බත් ටික හැන්ඳකින් හොඳින් පොඩි කර ඉතිරි ද්‍රව්‍ය සියල්ල එයට එක් කර හොඳින් මිශ්‍ර කර ගන්න. මිශ්‍රණය විනාඩි 10-15ක් වසා තබන්න. පසුව ගැඹුරු තෙලට මිශ්‍රණයෙන් හැන්ද බැගින් එක් කර රන්වන් පැහැ වනතුරු බැදගන්න.

5. බත් තෝසේඅවශ්‍ය ද්‍රව්‍ය

බත් ටික බ්ලෙන්ඩ්ර් එකට දමා බත් ටික වැහෙන්න වතුර දාගන්න. ක්‍රීම් වනතුරු බ්ලෙන්ඩ් කර එයටම පාන් පිටි හා බිත්තරයද එක් කර නැවත හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. දැන් මිශ්‍රණය වෙනත් බඳුනකට දමා එයට ලුණු සහ තවත් වතුර ස්වල්පයක් එකතු කර දියාරු අඩු සහ ඝනකම්  මිශ්‍රණයක් හදා ගන්න.  විනාඩි  20 පමණ මිශ්‍රණය වසා තබන්න.
අවශ්‍ය නම්  මේ මිශ්‍රණය තෙම්පරාදු කර ගන්නත් පුළුවන්. ඒ සඳහා බඳුනකට තෙල් මේස හැන්ඳක් දමා හොඳින් රත් වන විට අබ, සුදුරු ටිකක් , කරපිංචා සහ ලූණු  එක් කර සියල්ල හොඳින් බැදුණු පසු තෝසේ මිශ්‍රණය එයටම වත් කර තෙම්පරාදු කර ගන්න. දැන් සාමාන්‍ය අයුරින් තෝසේ පිස ගන්න.

6. රයිස් පුඩින්අවශ්‍ය ද්‍රව්‍ය

බඳුනකට බිත්තර, කිරි, සාදික්කා සහ සීනි එක් කර හොඳින් ගසා ගන්න. තරමක් පොඩි කළ බත් සහ වියලි මිදි එක් කර මිශ්‍ර කරගන්න. මිශ්‍රණය බේක් කළ හැකි බටර් තවරාගත් බඳුනක දමා එම බඳුන සෙල්සියස් 170ට ප්‍රී හීට් කරගත් උඳුනක දමා විනාඩි 45ක් බේක් කරගන්න.

7. රයිස් කීශ්අවශ්‍ය ද්‍රව්‍ය

පිරවුමට

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බත් ටික බඳුනකට දමා තරමක් පොඩි කරගන්න. දැන් එයටම පිටි, බිත්තර සුදු මදය, ලුණු සහ ගම්මිරිස් එක් කර හොඳින් මිශ්‍ර කරන්න. බේක් කළ හැකි කුඩා කප් කීපයක් හෝ තනි ට්‍රේ එකක් ගෙන හොඳින් බටර් තවරා සාදාගත් මිශ්‍රණය දමා එහි අඩිය සහ වටේ ආවරණය වන පරිදි අතින් සකසාගන්න. පිරවුම සාදා ගැනීමට බිත්තර තුන තරමක් ගසාගෙන එයට අනෙක් සියල්ලම එක් කර හොඳින් කලවම් කරගන්න. සාදාගත් පිරවුම දමාගත් බත් කප් වලට පුරවා ගන්න. සෙල්සියස් 180ට ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 30ක් පමණ බේක් කරගන්න.

Exit mobile version