මරණය දකිමින් ලෝකය සනසන ඇල්ප්ස් කඳු පාමුල රිෂී මාමා

ඔපෙරා කියන රිෂී මාමා

 

සුනේත්‍රා ඇතුගල්පුර

බොහෝ විට අප වීරයන් ලෙස සලකන්නේ , කිසියම් වූ කාර්ය භාරයක නිරත වූවන් හා අසීරු කාල වලදී මනුෂ්‍යත්වය වෙනුවෙන් පෙනී සිටි හා කැපවීම් කළ අයයි .ඒ සඳහා උස්, පහත් භේදයක් ජාති, ආගම් භේදයක් හෝ දුප්පත් ,පොහොසත් භේදයක් බලපාන්නේ නැත .
එහි වැදගත්ම අංගය වෙන්නෙ කැපකිරීම්හෝ නැගී සිටීම කිසියම් අභ්‍යන්තරික පෙළඹවීමකින් සිදු කිරීම ය .එහෙත් අතීතයේ එවැනි කැපකිරීම් කලවුන් සියල්ලන් ගැන වර්තමානය හෝ අනාගතය සෑම විටම සවිඥානික වන්නේ නැත
. මේ උත්සාහය අසීරු කාල සීමාවක දී එවැනි උත්සාහයක යෙදී සිටිය පුද්ගල යෙකු අතීතයේ පමණක් ස්ථාන ගත නොකොට වර්තමානයට හඳුන්වා දීම සඳහා වෑයමකි .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මොහු ගේ කතාව චිත්‍රපටියක් නම් එහි පෙළ ගැස්ම අපට පටන් ගැනීමට සිදු වන්නේ ස්විට්සර්ලන්තයේ ඇල්ප් කඳු හරහා නිම්නාද දෙන කට හඬකිනි .ඇතැම් විට ඔහුට නිශ්චිත ප්‍රේක්ෂකයින් පිරිසක් හෝ අසන්නන් පිරිසක් සිටිනු ඇතැයි සෘජුව කිව නොහැකි ය .එහෙත් ඔහු සිය ක්‍රියාව අඛණ්ඩ ව ම වසර හතරකට වැඩි කාලයක් පුරා සිදු කරනු ලබයි .නමුත් ඔහුගේ කට හඬට පෙම් බැඳි පිරිස මෙතෙකැයි කිව නොහැකි ය .ඇතැමුන්ට ඔහු ගේ කටහඬ විඩාව නිවන ආත්මීය ස්පර්ශයක් බඳු ය .
මා මෙතෙක් වේලා වටින් ගොඩින් කියමින් සිටියේ,අප ජීවත් වන ස්විට්සර්ලන්තයේ ග්ලාරුස් හි මෝලීස් ප්‍රදේශයේ ජීවත් වන රිෂී බාමාට් පිළිබඳව ය .ඔහු ගේ වයස අවුරුදු 60 කි .ඔහු පිළිකා රෝගයෙන් පීඩා විඳින්නෙකි ..එහෙත් ගමක් පින වන්නෙකි .
රිෂී බාමාට් යුරෝපයේ සාම්ප්‍රදායික ඔපෙරා ගායනයක් වන යෝඩල්(yodel )විධිමත් ව අධ්‍යයනය කළ අයකු නොවේ .එහෙත් සිය කුඩා කාලයේ සිට දෙමාපියන් සමග කෘෂිකාර්මික කටයුතු වල යෙදී සිටින අතර තුර ඔහු එය තනිව ම පුහුණු වු අයෙකි.වසර ගණනාවක සිට මෝලීස් පළාතේ ඉහල ඇල්ප් කඳු වැටියට දිනපතා උදෑසන ගමන් කරන ඔහු ස්වෙච්ඡාවෙන්ම සිය ගම් වාසීන්ට යෝඩල්ගී හරහා විනෝදාස්වාදය සපයයි .
කොරෝනා වසංගතයේ සමයේ පවා කිසිදු පැකිලීමකින් තොරව එය අඛණ්ඩව පවත්වා ගෙන යාම ඔහුගේ විශේෂත්වයකි .
එහෙත් ඔහු කොරෝනා වසංගතයේ අවදානම ඇති පුද්ගලයෙකි .එක් පසෙකින් ඔහු පිළිකා රෝගීයෙකි.අනෙක් පසෙකින් වයස අවුරුදු 60 කි .තම ජීවිතයට එම රෝගයෙන් කිසියම් අවධානයක් පැවතිය ද දිනපතා උදෑසන දහයේ සිට 10.30 දක්වා යෝඩල් ගැයිම සිදුකර ගෙන යන්නේ එය සිය වගකීමක් කොට සලකමිනි .
කොරෝනා වසංගතය හේතුවෙන් ස්විස්ටර්ලන්තය මාස දෙකකට ආසන්න කාලයක් lockdown කොට තිබේ .බහුතරයක් දෙනා රැඳී සිටින්නේ නිවෙස් වල ය .ඔවුන් සඳහා තමන්ට හැකි පමණින් රසාස්වාදය බෙදා දීම අඛණ්ඩව සිදු කිරීමට රිෂී බාමාට්තීරණය කරන්නේ එය සිය වගකීමක් කොට සලකමිනි .ඔහු ගේ කටහඬ ග්ලාරුස් ගම්මාන කිහිපයක ලොකු කුඩා කාටත් හුරු ය .දිනපතා දුම්රියෙන් ගමන් ගන්නා මගීන්ට ඇසෙන ඔහුගේ කටහඬ ආශ්වාද ජනකය. එමෙන් ම ගම්මාන රැසක ජීවත් වෙන සියලුම දෙනාට ඔහු ආදරණීය චරිතයකි .ඒ යෝඩල් කෙනකු ලෙසය .නමුත් ඔහු ගේ නම අනාගතය නැමති පොතෙහි රැඳෙනු ඇත්තේ අසීරු අවස්ථාවක දී ඡනතාව කුල්මත් කළ නිහඩ විරුවකු ලෙස ය .

Exit mobile version