පරිසරය සුරකින්න කැපවුණු ස්විස්ටර්ලන්තයේ සුනඛ සුරතලිය… ලින්ඩා

මැග්ඩලීනා ස්පුරි හා ඇගේ සූරතලිය වු "ලින්ඩා"

සුනේත්‍රා ඇතුගල්පුර – ඡායාරූප-  ශෂී සුබ්‍රමනියම් –

සුපිරි මෝටර් රථයක නැගී තමන්ගේ නිවසේ ඇති සියලු කුණු බෑගයක බහලා හොර රහසේම මහ මග දමා යන මිනිසුන් ගැන අපි ඕනෑතරම් අසා ඇත්තෙමු . තම ගෙවත්තේ ඇති වටපිටාව පමණක් පිරිසුදුවට තබාගනිමින් අවට පරිසරය ගැන තැකීමක් නොදක්වන ඇතැම් මිනිසුන් තිරිසන් සතුන්ට ද උපමා කරන අවස්ථා එමටය.
මිනිසුන් මහමග කුණු විසි කරද්දි මග දෙපස ඇති කුණු තම ස්වාමි දුව සමග එක්ව ඇහිදිමින් එකතු කරන අපූරු බැල්ලියක පිළිබඳ කතාවකි මේ ……

මැග්ඩලීනා ස්පුරි සහ ඇගේ සූරතලිය වු “ලින්ඩා”

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මැග්ඩලීනා ස්පුරි ස්විට්සර්ලන්තයේ ග්ලාරුස් නගරයේ ජීවත් වන කාන්තාවකි. ඇගේ සූරතලිය වු “ලින්ඩා” අපූරැ ගති ලක්ෂණ වලින් යුතු අමුතු තාලයේ බැල්ලකි. මැග්ඩලීනා ගේ සූපුරුදු දිනචර්යාවේ එක් අංගයක් වන්නේ ලින්ඩා සමඟ ඇවිදින්න යෑමයි. මේ ගමනට යන සෑම අවස්ථාවකම තරමක් විශාල බෑගයක් රැගෙන යන්න ඇය අමතක නොකරන්නීය.  මැග්ඩලීනා, ලින්ඩා සමඟ ඇවිදින මේ ගමනේදී මග දෙපස ඇති කුණු එකතු කිරීම ඇය කරන්නේ ස්වෙච්ඡාවෙන්මය. මේ කුණු එකතු කරමින් මැග්ඩලීනාට ගෙනවිත් දෙන්නේ ලින්ඩා වීම විශේෂත්වයයි. පාර දෙපස ඇති හිස් ටින් කැබලි, හිස් බියර් කෑන් ලින්ඩා තමන්ගේ කටින් රැගෙන විත් මැග්ඩලීනා ගේ කුණු බෑගයට දමන අයුරු දකින හැමෝමට එය අපූරු හා ආදර්ශමත් දසූනක් වනු නොඅනුමානය.
ස්විට්සර්ලන්තය ඉතා පිරිසිදු රටක් ලෙස ප්‍රචලිත වුවත් ඇතැම් විට මග දෙපස ජනතාව ඇවිදන ස්ථානවල ව්ට්න් විට කුණු කසල තිබෙනු දක්නට ලැබේ. ඇතැම් තරුණ පිරිස් නීතිය තුට්ටුවකට වත් මායිම් නොකර කුණු මග දෙපස දමා යති.
මැග්ඩලීනා කුණු එකතු කිරීමට යන සෑම අවස්ථාවකම ස්වෙච්ඡාවෙන් ඉටුකරන ඇගේ මේ පරිසර දූෂණයට එරෙහි සටනට අනගි සහායක් ලබා දෙන්නේ ලින්ඩායි.
“මම සමහර අවස්ථාවල මගදෙපස තිබෙන සිගරට් කොට එකතු කරන්නේ ක්ලිප් එකක් ආධාරයෙන්. ඒත් මට අසීරු තැන් වල තිබෙන කුණු එකතු කරලා දෙන්නෙ මගේ ලින්ඩායි. ලින්ඩා මේ රැකියාවට හරි කැමති බව මට තේරෙනවා“ යැයි මැග්ඩලීනා පැවසූවේ තම සුරතලිය සෙනෙහසින් පිරිමදිමිනි.
ඇතැම්විට ගොදුරක් දුටු සතෙකු මෙන් ලින්ඩා කුණු එකතු කරන බෑගය සොලවන්නිය.
“ඉස්සර මම ඇවිදිනකොට මගේ කුණු බෑගය කුණු වලින් පිරෙනවා. ඒ තරමට මිනිසුන් මග දෙපස කුණු දමා තියෙනවා.  ඒත් කියන්න සතුටුයි, දැන් මිනිසුන් අපි කුණු එකතු කරනවා දකින නිසාදෝ මග දෙපස කුණු දමන්නේ නැහැ . එය ඉතාමත් ධනාත්මක වර්ධනයක්. අද මට බොහෝ දුරට කිසිවක් සොයා ගත නොහැකි වේවි.“ යැයි මැග්ඩලීනා පවසන්නේ තම සමාජ සත්කාරයේ ප්‍රතිඵල පිළිබඳ ආත්ම තෘප්තියෙනි .”
මැග්ඩලීනා කුණු එකතු කරන විට ලින්ඩා ඇයට මගහැරුණු කුණු පවා සොයා ගෙනවිත් ඇගේ කුණු බෑගයට දමන්නීය. කැලෑබද ගමන් මාර්ගයේ ඇවිදින විට ලින්ඩාට ඇත්තේ වෙනස්ම වූ කාර්යභාරයකි. ලින්ඩා ඇතැම්විට ගංගා වල ඇති කුණු ද සොයා යන්නේ දඩයම් බල්ලෙකුගේ චරිත ලක්ෂණ පෙන්නුම් කරමිනි්‍. .ලින්ඩා ගඟ දිගේ පීනමින් ගං පතුලේ ඇති ඇතැම් ට්න් කැබිලි පීරමින් සොයාගනී. ඒවා කටේ තබාගෙන මෙගොඩට යළි පීනා රැගෙනැවිත් මැග්ඩලීනා ගේ, පරිසර අලංකාරව තබා ගැනීමේ කාර්ය භාරයට සුවිශේෂී දායකත්වයක් ලබා දෙයි..
ඇයට ලින්ඩා හමුවන්නේ කුඩා කාලයේ සිට නොවේ . ලින්ඩා හැදී වැඩී ඇත්තේ ගොවිපලකය .එළ දෙණුන් බලා ගැනීම ලින්ඩා ගේ මීට පෙර මුල්ම රාජකීය වුවේය..
දැන් මග දෙපස කුණු නොමැති නිසා ලින්ඩාට අලුත් රැකියාවක් සොයා ගැනීමට සිදු වී ඇති බව මැග්ඩලීනා පවසන්නේ ආත්ම තෘප්තියක් සහිත සිනාමුසු මුහුණකිනි.

Exit mobile version