කොවිඩ් අතරේ ඉස්කෝලවල වෙන්නෙ මොනව ද? ගුරුවරියක් කියන ඇත්තම කතාව!

දරුවන් ට ඉගැන්වීම ලේසි පහසු කටයුත්තක් නොවේ. ගනුදෙනු සිදු වන්නේ ජීවිත සමඟය. සැලසුම් හදන්නේ ඒ නිසාය. අධ්‍යාපන කළමනාකරණය අවශ්‍ය වන්නේ එනිසාය. ගුරුවරියක ලෙස ඒ කිසිවක් සාක්ෂාත් කරගත නොහැකිව හැම දවසක්ම අපිළිවෙළට ගෙවා දමන්නට සිදු වන කාලවකවානුවක් අත්විඳිමින් සිටිමි .

කොවිඩ් 19 තත්වය යටතේ ආරම්භ කෙරුණු පාසල්වල දැනට තත්ත්වය කෙබඳු දැයි ඔබ දන්නවා දැයි අසන්නට සිතේ. මෙවැනි වාතාවරණයක් උඩ අධ්‍යාපනයේ අරමුණුවලට ලඟා වන්නේ කෙසේදැයි නොදනිමි.  විභාග මඟහැරෙනවාටත් වඩා දුක තියෙන්නේ ජීවිත මඟ හැරෙන  නිසාය .

ගුරුවරියක ගේ ඒ අත්දැකීම මරණය තරම්ම වේදනාකාරීය.


මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන්නේ ජනවාරි 22 ය. දරුවන් සූදානම් කළ යුතුය. විෂය කරුණු කියා දිය යුතුය. ඒත් ඒවා පිළිවෙළට කරන්නට තරම් තත්ත්වයක් තවම උදා වී නැත. covid-19 වසංගත තත්වය හමුවේ දරුවන් මෙන්න ගුරුවරු දන්ත අසරණ ය.

“දරුවන්ට ශිෂ්‍යත්වෙ හෙට අනිද්දා. පන්ති කාමර ඉඩ  මදි නිසා දරුවො ඉස්කෝලෙ ගෙන්නන්නේ කණ්ඩායම් වශයෙන් අද එන කණ්ඩායම හෙට එන්නෙ නෑ . හෙට වෙන කණ්ඩායමක් වශයෙන් තමයි දරුවො ඉස්කෝලෙ ට ගෙන්නන්න වෙලා තියෙන්නෙ. දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත බව ගැන උනන්දුවෙන් ඉන්න ඕන. පොඩි දරුවෝ නිසා එයාලට තේරුම මදි. ගිය සතියේ හතර වසර පන්තිය වහලා දැම්මා positive දරුවෙක් නිසා. ඉතින් විභාගයට වාඩි කරගන්නකම්වත් මේ දරුවෝ රැකගන්න ලැබෙයිද දන්නෑ. මේක අකීකරු වසංගතයක්. අතරින් පතර දරුවො ලෙඩ වෙනවා. මං පුදුම පරිස්සමින් ඉන්නේ. මං  ලෙඩ උනොත් දරුවන්ගේ අනාගතය ඉවරයි. එයාලට අලුත් ගුරුවරයකුට පුරුදු වෙන්න වෙලාවක් නැහැ . ”

මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ට උගන්වන ගුරුවරියක් තම අත්දැකීම් පැවසුවේ එලෙස ය .

විෂය නිර්දේශවල හැටියට මේ ගමන වේගයෙන් යන්න වෙලා තියෙන්නේ .ඒත් දරුවො පාසලට එන්නේ සති යක් හැර  සතියක්. ඉතින් කොහොමද මේ වැඩේ කරන්නේ .ඒක අපහසු කාර්යයක් ..ඉස්කෝලේ උගන්වලා ගිහින් ගෙදර ඉන්න දරුවන්ට ඒ ටිකම ඔන්ලයින් උගන්නනවා. ඒත් ඒක හරිම අසාර්ථකයි කියලයි මට හිතෙන්නේ.මොකද සියලු ම දරුවන් ට සහභාගි වෙන්න නොහැකි හේතු තියෙනවා ….අපි ආයෙ ආයෙ මඟ හැරෙන දරුවන් වෙනුවෙන් වෙහෙසෙනවා…. ජනවාරි 22 වැනිදාට මේ දරුවො ශිෂ්‍යත්වයට පෙනී ඉන්න ඕන. මම හිතන්නේ නෑ අපි අරමුණු වලට ලඟා වෙන්න පුලුවන් වෙයි කියලා ..මේක හරිම අභාග්‍යසම්පන්න කාලයක් ..” තවත් ගුරුවරයෙක් තම අදහස් ප්‍රකාශ කළේ එලෙසය .

සාමාන්‍යයෙන් දැනට  පාසල්වලට දරුවන්ගෙන් වන්නේ කණ්ඩායම් වශයෙනි. ඒ පන්ති කාමර ඉඩ පහසුකම් තියෙන ආකාරයටය .

“ප්‍රින්සිපල්  කොවිඩ් පොසිටිව් වෙලා හොස්පිට්ල් ඉන්නේ. සර් ගෙන් ලෙඩේ ආසාදනය උන අය පාසලේ ඉන්න පුළුවන්. ඒත් කවුරුත් හොයලා බලන්නේ නැහැ. අපි අපි ම  ගිහින් ඇන්ටිජන්, පීසීආර්  පරීක්ෂණ වලට මුහුණ දුන්නා එතකොට ගුරුවරු කිහිප දෙනෙක්ම positive. ඒ අය  ආශ්‍රිත ගුරුවරු ටිකත් ගෙවල්වලට වෙලා ඉන්නවා .පාසලේ වැඩ කටයුතු අඩාලයි .”

අර්ධ නාගරික පාසලක ගුරුවරයෙක් පැවසීය වැනි කතාවකි

“එක දරුවෙක් ගෙ ගෙදර කිරි අම්මා කොවිඩ්  නිසා මිය ගිහින් ..සීයටත් පොසිටිව්.. නංගිට මල්ලිට ත් එහෙම යි. ඒ තියෙද්දිත් දෙමව්පියෝ මේ දරුවාව    පාසලට එවලා. අපි දැනගත්තේ දවස් තුනකට පස්සෙ. දැන් ඒ දරුවටත් පොසිටිව් .මුළු පන්තියේම වහලා දාන්න සිද්ධ වුනා. මමත් ඉන්නේ අවදානමේ . මේ සිද්ධ වෙන්නේ මොකක්ද කියලා හිතා ගන්න බැහැ. අද එන ළමයා හෙට නෑ . හෙට එන ළමයා ආයෙ දකින්නෙ  සතියකට පස්සේ. මං දැන් එක පාඩම මාස ගාණක් තිස්සේ උගන්වනවා. අපි කොහොමද මේ වගේ තත්ත්වයක් උඩ ඉගැන්වීම් කටයුතුවල යෙදෙන්නේ. හැමදේම හරිම අපිළිවෙළයි. එක්කො  ඉස්කෝල වහල දාන්න ඕනේ . නැත්තම් නිසි වැඩපිළිවෙළක්   තියෙන්න ඕන .ඒ මොකුත් නෑ . දරුවන්ට මේ ලෙඩේ හැදෙන අවදානම අඩුයි කීවට ඉස්කෝලේ දරුවො ගොඩක් positive වෙලා. සමහර කාරණා අපි දන්නෙත් නැහැ . දෙමවුපියොත් ඒවා හංගනවා …”

අද වන විට පාසල් පවත්වාගෙන යන්නේ මෙවැනි තත්ත්වයක් යටතේ . අච්චාරු හැලිය මීට වඩා  පිළිවෙළ සිතෙන්නේ අප මේ විඳින පොළොවේ අත්දැකීම එක්කය.  මේ උභතෝකෝටිකය විසඳා ගත යුතුය.  වසංගතයක් සමග ජීවිතයේ යහ පැවැත්ම සහතික වන්නේ පුද්ගල විනය මත පමණි. අඩුම තරමින් වසංගතයට අවංක විය යුතුය. මහා සමාජයේ මේ අවුල තියනතාක්    ඉස්කොලේ අවුල ලිහෙන්නේ නැත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පාසලත් සමාජයේම එක් කුලකයක් වන බැවිනි.

Exit mobile version