ශ්‍රී ලංකා යෞවනයෝ සිම්බාබ්වේ පරදවා ජයග්‍රහණය වාර්තා කරති…

ජයග්‍රහණයේ ඉනිම ක්‍රීඩා කළ දිනුර කළුපහණ...

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ C කාණ්ඩයේ පළමු තරගය ලෙස පැවති ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරගයේ දී ඩක් වර්ත් ලුවිස් න්‍යායට අනුව  ශ්‍රී ලංකා 19 න් පහළ   කණ්ඩායම සිම්බාබ්වේ කණ්ඩායම පරදා ලකුණු 39 ක ජයග්‍රහණයක් අද (21) වාර්තා කළේය.

අද ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම සහ සිම්බාබ්වේ 19න් පහළ කණ්ඩායම අතර පැවතියේ   තරගාවලියේ 06 වැනි තරගය ය.

තරගයේ කාසියේ වාසිය දිනුවේ සිම්බාබ්වේ කණ්ඩායමය.  මනා පාලනයකින් යුතුව ක්‍රීඩා කළ සිම්බාබ්වේ යෞවනයන් ශ්‍රී ලංකා කණඩායම පන්දු ඕවර 48.3 ක දී ලකුණු 204කට සම්පූර්ණයෙන් දවා ගත්හ.

ශ්‍රී ලංකා යෞවනයින් වෙනුවෙන් දක්ෂ පිතිකරණයක නිරත වූ දිනුර කළුපහණ පන්දු 55ක දී හතරේ පහර 06ක් සහ හයපෙහර 02ක් සමග ලකුණු 60ක් ලැබීය. කඩුළු රකින ක්‍රීඩක ෂරුජන් ශන්මුගනාදන් නොදැවී ලකුණු 41ක් ලැබුවේ. රවිශාන් ද සිල්වා සහ රුසන්ද ගමගේ ලකුණු 30බැගින් ලැබූහ.


සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ කොහී එක්ස්ටීන්, ලකුණු 40ට කඩුළු 03ක් දවා ගත්තේය. මැතිව් ස්චොන්කෙන්  හා නිව්මන් නියම්හුරි කඩුළු 02 බැගින් ලැබූහ.

සිම්බාබ්වේ ඉනිම ආරම් වී පන්දු ඕවර 13.2ක් යනවිට ඔවුන්ගේ කඩුළු 03ක් දැවී ගොස් ලකුනු 31 සිම්බාබ්වේ කණ්ඩායම ලබා සිටිය දි අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තරගය අත් හිටුවීමට සිදු විය.

මේ තත්ත්වය තුළ ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව  සිම්බාබ්වේ පිලට ඕවර 22 කදී ලකුණු 129 ක ඉලක්කයක් සම්පූර්ණ කිරීමට සිදුවිනි. ඒ වනවිටත් ලකුණු 30කට කඩුළු 03ක් දැවී ලකුණු 30ක් පමණක් ලබා සිටි සිම්බාබ්වේ කණ්ඩායමට තවත් පන්දු ඕවර 8.3ක දි ලකුණු 99ක් ලබා ගැනීම ලෙහෙසි ඉලක්කයක් වූයේ නැත.

සිම්බාබ්වේ පිල ඕවර 21.1 කදී ලකුණු 89 කට සීමා විය. තරගයේ විශිෂ්ටම පන්දු යැවීම වාර්තා කළේ පන්දු ඕවර 04ක් පමණක් යවා ලකුණු 17කට සිම්බාබ්වේ කඩුළු 04ක් දවා ගත් මල්ෂ තරුපතිය. දකුණතින් ලෙග් බ්‍රේක් පන්දු යවන මල්ෂ සිම්බාබ්වේ ඉනිම සුන් කළේය.

රවිශාන් පෙරේරා පන්දු ඕවරයක් යවා ලකුණු 2ට කඩුළු 2ක් ලැබුවේය. විශ්ව ලහිරු පන්දු ඕවර 5ක් යවා ලකුණු 12කට කඩුළු 02ක් ලැබීය. ගරුක සන්කෙත්, දිනුර කළුපහණ, කඩුල්ල බැගින් ලැබූහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකා යෞවන කණ්ඩාය ආරම්භක පිතිකරුවන් තරගය විනාස කරමින්  පන්දුවාර 5ක් අවසානයේදී  ලකුණු 13කට කඩුලු 3ක් ලෙස බිඳී යද්දී ශ්‍රී ලංකා කණ්ඩායම යම් ගෞරවාන්විත තැනකට ඔසවා තබමින් ලකුණු 60ක් ලබා ගනිමින් ද එක් කඩුල්ලක් දවා ගනිමින් ද රටේ ජයග්‍රහණය තහවුරු කළ දිනුර කළුපහණ තරගයේ වීරයා විය.

Exit mobile version