මුල් කාර්තුවේ ගෞරවය ඔවුන්ට දෙන්න…

බංගලාදේශ ශ්‍රී ලංකා එක් දින තරගාවලිය ආරම්භ වී තිබේ. මුල් අර්ධය අවසන්ය.  කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම චිටොග්‍රෑම්හි තණතීරුවේ මුලින්ම පන්දුවට පහරදීම තෝරා ඕවර 50 ක්‍රීඩා නොකර දැවී ගොස් ඇත. පන්දු ඕවර 48.5 තුළ සියල්ලෝ දැවී ගියහ.

චරිත් අසලංකව දවා ගත් මෙහිඩි හසන් මිරාස්…

තරගයේ මුල් කාර්තුවේ පූර්ණ ගෞරවය බංගාලාදේශ කණ්ඩායමට බව කිව යුතුය. පිටියේ පන්දු රැකීම මෙන්ම නිලකුණු පන්දු ඕවර සහිතව මනා පාලනයකින් පන්දු යැවීමත් බංගලාදේශ කණ්ඩායමින් බලාපොරොත්තු විය නොහැකි තරම් පිටියේ සංයමත් ප්‍රකට වූ බව ලියා තැබිය යුතුය.

මේ තණ තීරුවේ ජයග්‍රහණයට ශ්‍රී ලංකා කණ්ඩායම ලද ලකුණු ප්‍රමාණය කොට බව අන්ත්ර්ජාතික විචාරකයෝ පෙන්වා දෙති.  ශ්‍රී ලංකාවට මේ ඕවර 50 ක්‍රීඩා කිරිම සඳහා තව එක් සම්බන්ධතාවයක් ගොඩනැගිය යුතු විය. ඒ වගකීම ඒ වනවිටත් පිටියෙ රැඳී සිටි ජනිත් ලියනගේ සමග වනිඳු හසරංගට සම්පූර්ණ කිරීමට  ඉඩකඩ තිබිණි. හයේ පහරක් සහ හතරේ පහරක් ගසා ලකුණු 13කට වනිඳු හසරංග දැවී ගිය ආකාරය සම්බන්ධව  ක්‍රිකට් බලන අපට ඇතිවන්නේ කණගාටුවකි.  වනිඳු හසරංග කණ්ඩායමේ ඉන්නේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස නම් ඒ වගකීම කණ්ඩායම වෙනුවෙන් ඉටු කළ යුතු අවස්ථාවේ ඔහුගෙන් බලාපොරොත්තු වන්නේ වෘත්තීය පරිණතියකි.

කුසල් මෙන්ඩිස් සහ ජනිත් ලියනගේ…

කෙසේ වෙතත් වනිඳු හසරංගගෙන් පසු ලකුණු 13ක් තුළ අග පෙළ දවා ගන්නට බංගලාදේශ පන්දු යවන්නෝ සමත් වූහ.


ආරම්භක පිතිකරුවන්වන පැතුම් නිශ්ශංක සහ අවිශ්ක ප්‍රනාන්දු මුල් කඩුල්ල වෙනුවෙන් ලකුණු 71ක සම්බන්ධතාවයක් ගොඩනැගූහ.  පළමු කඩුල්ල ලෙස දැවී යන්නේ ලකුණු 33ක් ලබා ගත් අවිශ්ක ප්‍රනාන්දුය. ඔහු හතරේ පහර 5ක් සහ හයේ පහරක් එල්ල කළේය.  මුළු ලකුණු සංඛ්‍යාව 72 දී ලකුණු 36කට පැතුම් නිශ්ශංක දැවී ගියේය. ඔහුත් හතරේ පහර 5කි. හයේ පහර 1කි. ආරම්භක පිතිකරුවන් යුවල නිරායාශයෙන් ලකුණු රැස් කළ බව පෙනුණි.  පිටත පිටිය ඉතාම වේගවත් විය. පන්දුව තියුණු ලෙස හතරේ සීමාව ඉක්මවා ගියේය.

ජනිත් ලියනගේ…

එහෙත් සධීර සමරවික්‍රමට වෙනදා කළ වික්‍රමය කළ නොහැකි වූයේය. ඔහු ලකුණු 3කි. චරිත් අසලංක මෙහිදි හසන් මිරාස් එවූ පන්දුවකට සිය පා ඉන්න ගලවාගෙන ලකුණු 18කට දැවී ගියේය.  තරගයේ මනරම්ම සම්බන්ධතාවය ගොනැගෙන්නේ කුසල් මෙන්ඩිස් සහ මැද පෙළ යොවුන් පිතිකරු ජනිත් ලියනගේ අතරය. ලකුණු 68ක සම්බන්ධතාවයක් ඔවුන් දෙපල අතර ඇතිවන්නේය. කුසල් මෙන්ඩිස් ලකුණු 57කට දැවී ගොස් අනෙක් අන්තයෙනක් පෙරහර යනවාක් සේ කඩුළු වැටෙන විට ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කරන්නට ගිය ජනිත් ලියනගේ ෂොරිෆුල් ඉස්ලාම්ගේ පන්දුවකට ප්‍රවීන කඩුළු රකින ක්‍රීඩක මුෂ්ෆිකර් රහ්මාන්ට උඩ පන්දුවක් දී දැවී යන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජයග්‍රහණය සඳහා වැඩි බරක් ශ්‍රී ලංකා කණ්ඩායම සතු බව අන්තර්ජාතික විචාරකයන්ගේ තක්සේරුවය  මේ වනවිට බංගලාදේශ ඉනිම ආරම්භ වී තිබේ.

Exit mobile version