සුපිරි පාසල් පච කරන පරාජය දරාගත නොහැකි ගෝත්‍රිකයෝ…

neutral-ampayer

ක්‍රීඩාවේ ජය හා පරාජය යන දෙකම විඳ දරා ගත යුතුය. හැමදාම දිනන්නත් හැමදාම පරදින්නත් බැරිය.

පරාජය විඳ දරා ගැනීමට නොහැකි නම් එය ක්‍රීඩාවේදී පමණක් නොව ජීවිතයටද බලපාන කරුණක් ලෙස සැලකිය යුතුය.

පරාජය විඳ දරා ගත නොහැකි ප්‍රේක්ෂකයන් පිරිසක් පාසල් රග්බි තරගයක් අවසානයේ පසුගිය සෙනසුරාදා කොළඹ හැව්ලොක් පිටියේදී දක්නට ලැබිණ.


ඒ ලංකාවේ සුපිරිම පාසලක ආදි සිසුන් පිරිසක් හා එක්වූ ක්‍රීඩක දෙමව්පියන් හා සහෝදර සහෝදරියන් පිරසක් වීම කැපී පෙනෙයි.

ගල්කිස්ස සා.තෝමස් හා මහනුවර ත්‍රිත්ව අතර පැවති රග්බි තරගයේ මුල් භාගය අවසානයේ ලකුණු 14-3 ක් ලෙස  ඉදිරියෙන් සිටියේ ත්‍රිත්ව පිලයි.

එහෙත් දෙවෙනි භාගයේ සුපිරි තරග වැදීමක නිරත වූ තෝමසුවෝ අවසානයේ ලකුණු 17-14 ක් ලෙස තරගය නිම කළෝය.පරාජයේ වියරුව ඇරඹුනේ ඉන් පසුවය. ඉලක්කය වූයේ තරග විනිසුරුවන්‍ ය.ක්‍රීඩකයන්ට වඩා වියරු වූයේ ප්‍රේක්ෂකයන් හා ඔවුන් අතර සිටි  ඇතැම් දෙමව්පියන් හා සහෝදර සහෝදරියන් ය.

ආරක්ෂාව මැද ක්‍රීඩාගාරයට යමින් සිටි විනිසුරුවන්ට ඔවුහු පහර දුන්නහ. ඔවුන් කළේ ක්‍රීඩාවේත් විශිෂ්ට පාසලකත් නමට කැළලක් සිදු කරමින් අශිෂ්ටයන් මෙන් හැසිරීම පමණි.

ක්‍රීඩාවට විශේෂයෙන් පාසල් ක්‍රීඩාවට අද දෙමව්පියන්ගේ බලපෑම එදාට වඩා බෙහෙවින් වැඩිය.එය පාසල්වල බලධාරීන් විසින් පාලනය නොකළහොත් වන්නේ ඉමහත් හානියකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නියපොත්තෙන් කැඩිය යුතු දේ පොරොවෙන් කපන තෙක් සිටිය යුතු නොවේ.

 

Exit mobile version