පුහුණුකරුවෙක් ක්‍රීඩකයෙකුට දඬුවම් කළ යුත්තේ තාත්ත කෙනෙක් විදිහට!

neutral-ampayer

ක්‍රිකට් ක්‍රීඩකයෙක් නිකම් බිහි වෙන්නෙ නැහැ.

පිත්‍ත හරි හැටි අල්ලන්න කියල දෙන කණිෂ්ට පුහුණුකරු පටන් ජාතික මට්ටම දක්වා ක්‍රීඩකයකුට මඟ පෙන්නන්නෙ පුහුණුකරුවොයි.

බොහොම වෙලාවට මේ පුහුණුකරුවො හරියට තමන්ගෙ දෙමව්පියො වගෙයි. එයාල ක්‍රීඩකයන්ගෙ විනය ගැනත් බලාගන්නවා.


ඉස්සර කාලෙ හිටපු වයෝවෘද්ධ පුහුණුකරුවො නම් ටිකක් සැරයි. දක්ෂ හා විනයවත් ක්‍රීඩකයන් බොහෝ විට බිහි වුණේ මෙකී වයෝවෘද්ධ පුහුණුකරුවන් වෙතින්.

මේජර් සිල්වා, ලයනල් මෙන්ඩිස්, පී.ඩබ්ලිව්. පෙරේරා, ස්ටැන්ලි ජයසිංහ, නෙල්සන් මෙන්ඩිස් වගේ පුහුණුකරුවො විනය ගැන දැඩි ලෙස සැලකිලිමත් වුණු පුහුණුකරුවො.

ඒ අය ක්‍රීඩකයන්ගෙ විනය හදන්න විව්ධාකාර දඬුවම් දුන්නා. ඒකෙන් ක්‍රීඩකයොත් හැදුණා.

මෙහි සේයාරුවෙන් පේන්නෙත් එහෙම දඬුවමක් නූතන පාසල් පුහුණුකරුවකු විසින් ක්‍රිකට් ක්‍රීඩකයන්ට තරගයක් අතර තුර දීපු අවස්ථාවක්.

ක්‍රීඩාංගණය මාතලේ සා.තෝමස් විද්‍යාලයීය ක්‍රීඩා පිටියයි.

මාතලේ සා.තෝමස් විදුහල සමග පසුගියදා පැවති අවුරුදු19 න් පහළ තරගයක් අතර තුර ලකුණු අඩුවෙන් ලබා දැවී ගොස් ආපහු පැමිණි පිතිකරුවන් පැයකට අධික කාලයක් තමන් අසළ අව්වේ දණ ගස්සපු තෝලංගමුව පුහුණුකරු ක්‍රීඩකයන් අමතා ඇත්තේ අමු තිත්ත බාසාවෙන්.

මෙසේ ක්‍රීඩකයන් අව්වේ පැය ගණන් දණ ගසා සිටියේ මුළු පාසලේම සෙසු ශිෂ්‍යයන්ටත් දෙපිලේම දෙමව්පියන්ටත් පෙනෙන ආකාරයෙන්.

පුහුණුකරු ඒ අසළම සෙවණට වී පුටුවකට බර වෙලා ඉන්නේ හරිම උජාරුවෙන්.

කොහොම උණත් මේ තරගෙන් තෝලංගමුව විදුහල පරාජයට පත් වුණා.

ඒ විතරක් නෙවෙයි මේ සිද්ධිය නිසා තෝලංගමුව විදුහලේ ක්‍රීඩකයොත් ඉමහත් පීඩනයටත් කම්පාවටත් ලජ්ජාවටත් පත් වුණා.

දඬුවමක් දීමේ වරදක් නොතිබුණත් ක්‍රීඩකයකුගේ මානසිකත්වය පහතට ඇද දමන මෙවැනි දඬුවම් පුහුණුකරුවන් විසින් නොකළ යුතුයි.

පාසල් ක්‍රිකට් සංගමයත් පුහුණුකරුවන්ට ලයිසන් ලබා දෙන ක්‍රිකට් ආයතනයත් තෝලංගමුව විදුහල්පතිවරයාත් මෙවැනි දේ මින්මතු නොවන්නට වග බලා ගත යුතුයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නියුට්‍රල් අම්පයර්

Exit mobile version