තාත්තාගේ පලිය පුතාගෙන් ගන්න ගෝත්‍රික ක්‍රිකට්… හෂාන්ගේ පුතා නිසාම ප්‍රමෝද්‍යලාගෙන් කැපෙන උවිඳු?…

පුද්ගලික කෝන්තරවල ඇරියස් ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයට වළ කපන හැටි....

උවිඳු තිලකරත්න

neutral-ampayerදුවිදු තිලකරත්න යනු හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක හෂාන් තිලකරත්නගේ පුත්‍රයාය.

විසි හය හැවිරිදි මේ වමත් දඟ පන්දු යවන්නා දැන් වසර කිහිපයක් මුළුල්ලේ ප්‍රමුඛ පෙළ අන්තර් ක්‍රීඩා සමාජයීය ක්‍රිකට් තරග සඳහා ක්‍රීඩා කරයි.

මේ වන විට ඔහු පළමු පෙළ කඩුළු 170 කට වැඩියෙන් දවා ගෙන තිබේ. එක තරග වාරයක වැඩියෙන්ම කඩුළු දවා ගත්තේද මොහුය.

අපේ රටේ ජාතික කණ්ඩායම නියෝජනය කළ බොහෝ ක්‍රීඩකයන්ගේ පුතුන් පාසල් මට්ටමේ හා ක්‍රීඩා සමාජ මට්ටමේ ක්‍රීඩා කළත් බන්දුල වර්ණපුරගේ පුත් මාධව වර්ණපුර හැරුණු කොට වෙනත් කිසිම පුතෙකු ශ්‍රී ලංකා ඒ පිලක් හෝ නියෝජනය කොට නොමැති අතර ටෙස්ට් පිලක් කිසිවකු නියෝජනය කර නොමැත.


මේ සඳහා කිට්ටුවෙන්ම සිටි ක්‍රීඩකයා දුවිඳුය.

වරක් ටෙස්ට් පිලට කැඳවන්න ඔන්න මෙන්න කියා තිබියදී දුවිඳු ආබාධයකට ගොදුරු වීම නිසා එම අවස්ථාව ලැබුණේ ප්‍රවීන් ජයවික්‍රමටය.

මුල් තරග කිහිපයේ ඔහු සාර්ථක වුවද පසු කාලයේ ලසිත් ඇඹුල්දෙණිය යළි කණ්ඩායමට කැඳවීමත් ඔහුටත් පසුව කැඳවූ ප්‍රභාත් ජයසූරිය කණ්ඩායමේ ස්ථාවර වීමත් නිසා ප්‍රවීන් ජයවික්‍රම ටෙස්ට් කණ්ඩායමෙන් විසි වුණද සීමිත පන්දු වාර කණ්ඩායම සමග තරග නොවැදී වුවත් සංචාර කිහිපයකට සහභාගි වීමට තරම් වාසනාවන්ත විය.

ඒ ප්‍රමෝද්‍ය, කළු ඇතුළු තේරීම් කමිටුවේ සාදර අනුග්‍රහයෙනි. මේ අතර ලොම් හැලුණු සඳකැන්ද සුපුරුදු ලෙස සංචාරකයකු ලෙස තරගාවලි කිහිපයකටම සහභාගි වූයේය.

ඒ ඔහුගේ සැඟවුණු කළමනාකරුට පිං සිද්ධ වන්නටය.

මේ වන විට 96 ලෝක කුසලාන දිනූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනෙකු එකිනෙක විරසකව සිටිති.

තේරීම් කමිටුවේ සිටින දෙදෙනකුම හෂාන් සමග සිටින්නේ අමනාපයෙනි.

ඒ අමනාපයේ පළිය ඔවුන් ගනු ලබන්නේ හෂාන්ගේ පුත්‍රයාගෙන් බව ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ රහසකි.

මීට පෙර ලංකා ප්‍රිමියර් ලීග පිලකට තේරුණු දුවිඳු පසුගියදා පැවැති 2023 ප්‍රිමියර් ලීගයේ ක්‍රීඩක වෙන්දේසියට තේරුණු නමුත් ඔහුගේ නම වෙන්දේසියට ඉදිරිපත් වෙද්දී කණ්ඩායම් මේසොවල සිටි හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ බිම බලාගෙන සිටිනු දක්නට ලැබිණ. එහිදීද ඔහුට අවස්ථාවක් නොලැබිණ.

දුවිඳු ගිය සතියේත් අන්තර් ක්‍රීඩා සමාජ තරගයකදී කඩුළු 6 ක් ලබා ගත්තේය.

ටෙස්ට් පිලට කෙසේ වෙතත් පකිස්ථානය සමග පුහුණු තරගයටවත් දුවිඳු නැත. යළි කැඳවීමක් ලබන්නට අන්තර් ක්‍රීඩා සමාජ මට්ටමේ කැපී පෙනුනු කිසිවක් නොකළ ප්‍රවීන් එම කණ්ඩායමට ඇතුළත් ය.

එළඹෙන නැගී එන ක්‍රීඩකයන්ගේ ආසියානු කුසලාන කණ්ඩායමේවත් ඔහු නැත.

මේ වන විට ලොව ඕනෑම රටක සුදු පන්දුවෙන් ක්‍රීඩා කරන කණ්ඩායමක වමත් දඟ පන්දු යවන්නකු සිටියත් එසේ නොමැති එකම කණ්ඩායම ශ්‍රී ලංකාවය.

එහෙත් කණ්ඩායමේ සිටින දඟ පන්දු පුහුණුකරු හිටපු වමත් දඟ පන්දු යවන්නෙකි.

ඔහුටවත් දකුණත් දඟ පන්දු යවන්නන් කොතෙක් සිටියදී වමත් දඟ පන්දු යවන්නකු හදා ගන්නට උවමනාවක් නොමැත.
ඔහුගෙන් උපදෙස් ගත් බොහෝ දඟ පන්දු යවන්නන්ගේ තිබුණු රිද්මයත් නැති වන බව ප්‍රකට කරුණකි.

පළිගැනීමකින් අවස්ථාව අහිමි කෙරෙන මෙම වමත් දඟ පන්දු යවන්නාද මෙම අසාධාරණය ඉවසා ගත නොහැකිව රට හැර යාම නියතය.

කලින් කලට එන තේරීම් කමිටු වල කැපිලි නිසා මෙසේ රට හැර ගිය ක්‍රීඩකයන් ගණනද සුළු පටු නොවේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නියුට්‍රල් අම්පය

Exit mobile version